(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

එක්සත් ජාතීන්ගේ කාලගුණ සංවිධානය එල්නිනෝ තත්වය ගැන පසුගිය ජූනි මස 02 වැනිදා තහවුරු කරද්දි විපක්ෂ නායකතුමා ඊට මාස හයකට කලින් එම අනතුර පෙන්වා දීම විශේෂ දෙයක් හැටියට තමා සලකන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.

ඒ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය මේස වලට තට්ටු කරමින් ඊට ප්‍රසාදය සහ සතුට පළ කරනු දැක ගත හැකිවිය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එල්නිනෝ සහ ලානිනෝ තත්වය ගැන ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.