පාසල් සිසුවිය අපයෝජනය කළැයි ශ්‍රීලනිප ආසන සංවිධායක කපුවා රිමාන්ඩ් ශාන්ති කර්මයක් කර දෙන මුවාවෙන් පාසල් ශිෂ්‍යයාවකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරණායක ආසන සංවිධායක හා වත්මන් අරණායක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු 10 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාවනැල්ල මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා නියෝග කළේය. 08 June 2026
ඩෙංගු මර්දන ජාතික වැඩසටහන ඇරැඹෙයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ තෙදින මදුරු මර්දන ජාතික වැඩසටහන අද (8) ආරම්භ විය. 08 June 2026
බණ්ඩාරවෙල ප්‍රා.ලේ කාර්යාලයට හොරු පනී බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඊයේ (8) අලුයම වහලයෙන් බැස ඇතුළු වී ඇති සොරෙකු කාර්යාලයයේ ලිපිගොනු සියල්ල අවුස්සා දමා එහි ආපනශාලාට ගොස් කෝපි සාදාගෙන පානය කර යෝගට් කා පලාගොස් ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 08 June 2026
ඩොලරය අද 336යි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින ප්‍රකාශයට පත් කරන ලද නවතම විදේශ විනිමය අනුපාතිකයන්ට අනුව, ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ නිල දර්ශක අනුපාතිකය රුපියල් 336.39 ක් ලෙස සටහන් වී ඇත. 08 June 2026
ආණ්ඩුව පාස්කු ෆයිල් යට ගහපු නිලධාරීන් රකිනවා ආණ්ඩුව පාස්කු ෆයිල් යට ගැසූ නිලධාරීන් ආරක්ෂා කරන අතර බුද්ධි අංශ නිලධාරින් සිරගත කරන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. 08 June 2026
කළුතර ඝාතනයට තවත් අයෙක් සැකපිට කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේදී ඉකුත් 28 වැනිදා ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයකු කළුතර දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් වැලිපැන්න වලගෙදර ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත . 08 June 2026
සලේගේ සෞඛ්‍ය හොයන්න වෛද්‍ය මණ්ඩලයක් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා වෛද්‍ය කණ්ඩායමක සුපරීක්ෂාව යටතේ පසුවන බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. 08 June 2026
සලේ වෙනුවෙන් සත්‍යග්‍රහය ඇරැඹේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේට සිදු කරනු බව කියන අමානුෂික ක්‍රියවලට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් එකතුව ආරම්භ කළ සත්‍යග්‍රහය කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද ආරම්භ කෙරිණි. 08 June 2026
ගෝකන්න විහාරයේ සිට සෙංකඩගලට පාද යාත්‍රාවක් උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලක්දිව නැති යාම හේතුවෙන් නිර්මල ථේරවාදී බුදු දහම ඇතුළත් උපසම්පදා විනය කර්මය සියම් දේශයෙන් යළි මෙරට ස්ථාපිත කර වසර 273 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන්ම සියම් දේශයෙන් වැඩම කරන මහා සංඝරත්නය හෙට (10) ත්‍රිකුණාමලයේ සිට අනුරාධපුර හරහා සෙංකඩගල දක්වා ’’දහම් පාද යාත්‍රාවක්’’ පැවැත්වීමට නියමිතය. 08 June 2026
මාමාගේ පොලු පහරින් බෑනා මරුට අම්බලන්තොට මල්පෙත්තාව පළවෙනි පටුමග ප්‍රදේශයේදී ඊයේ පුද්ගලයකුට පොල්ලකින් පහර දීමකින් සිදුවූ බරපතල තුවාල හේතුවෙන් අම්බලන්තොට රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි. 08 June 2026
හොරණ බැංකු කොල්ලයේ විමර්ශන තවත් පැත්තකට හොරණ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 3.5ක මුදලක් අතුරුදන්වීමේ සිද්ධියට අදාළව, කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනකු සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කළ බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 08 June 2026
ආරවුලකින් පසු ගෙවල් තුනකට ගිනි තියලා පෞද්ගලික ආරවුලක් මත එකම පවුලකට අයත් නිවාස තුනක් ගිනි තබා රුපියල් කෝටි දෙකකට ආසන්න අලාභයක් සිදුකර පලා ගොස් සිටි සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 08 June 2026
ගිනි අවියක් උණ්ඩ සමග අයෙක් මාට්ටු තුඩැල්ල ප්‍රදේශයේ හෝටලයක් අසලදී රිවෝල්වර වර්ගයේ ගිනි අවියක්, උන්ඩ 3 ක් සහ හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 780 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි. 08 June 2026
ආසියානූ පැරා ත්‍රෝබෝල් අනූශූරතාවය දිනා දිවයිනට මැලේසියාවේ පැවති 02 ආසියානූ පැරා ත්‍රෝබෝල් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම , එහි අනූශූරතාවය දිනා ගෙන පෙර දින රාත්‍රී දිවයිනට පැමිණියහ . 08 June 2026
පළාත් කීපයකට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර ස නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 08 June 2026
සලේ ජාතික රෝහලට පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවනු ලැබ සිටින රාජ බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට මීට සුළු වේලාවක පෙර ඇතුළත් කරනු ලැබීය. 07 June 2026
චන්ද්‍රිකා මහා නා හිමිවරුන් බැහැ දකී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මහනුවරට අද(7)පැමිණ මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දුටුවාය. 07 June 2026
වාහන තහඩු මුද්‍රණය හෙට සිට යළි වසරකට වැඩි කාලයක් අත්හිටුවා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය හෙට (8) පෙරවරුවේ ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 07 June 2026
දැරියක අපයෝජනය කළැයි ශ්‍රීලනිප ආසන සංවිධායක අත්අඩංගුවට බාල වයස්කාර දැරියකට සිදු කරන ලද ලිංගික අතරවරයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරණායක ආසන සංවිධායක සහ අරණායක ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු අද 07 සවස අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය කියයි. 07 June 2026
මෛත්‍රී- අනුර ආණ්ඩු දෙකේ වෙනස ගැන එජාපෙන් නිවේදනයක් යහපාලන ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව පළමු මාස දහ අටේ සම්මත කළ නීති ප්‍රමාණය ගැන සංසන්දනය කරමින් නිකුත් කළ වාර්තාව බලයට පත් වූ දා සිට එක තැන පල් වන රජයට සුදු හුණු ගෑමක් බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 07 June 2026
ඇමෙරිකාවේ 12ක් මැරු සැකකරුවන් සොයා විමර්ශන ඇමෙරිකාවේ ටොලිඩෝ නගරයේ පැවැති උත්සවයකදී එයට සහභාගීවූ පුද්ගලයන් 12කට වෙඩි තැබු සැකකරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව ටොලිඩෝ පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 07 June 2026
වැලිකන්ද රෝහලේ අඩුපාඩු ගොඩ ගැහිලා පොළොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට වෛද්‍යවරුන් විසි දෙකක් අවශ්‍ය වුවද දැනට වෛද්‍යවරුන් පස්දෙනකු පමණක් සේවය කිරීම හේතුවෙන් වෛද්‍යවරුන්,රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම ප්‍රාදේශීය රෝහල සඳහා පැමිණෙන රෝගීහු දැඩි අසීරුතාවයට පත්ව සිටිති. 07 June 2026
‘‘රුසියාව සහ ඉන්දියව අතර පවතින සබඳතා ඇමෙරිකාවට බිඳින්න බෑ‘‘ ඇමෙරිකාව සහ ඉන්දියාව අතර වර්ධනය වන සබඳතාව රුසියාව සහ ඉන්දියාව අතර ඇති දීර්ඝ කාලීන සබඳතාවට බලපෑමක් එල්ල නොකරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගියදා ප්‍රකාශ කළේය. 07 June 2026
බටහිර ඉවුරේ දී සිඟිත්තියක මැරුවැයි ඊශ්‍රායල හමුදාවට චෝදනා දකුණු බටහිර ඉවුරේ සිය පවුල ගමන් කරමින් සිටි සත් මසක් ඇති පිරිමි දරුවෙකු ඊශ්‍රායල ආරක්ෂක හමුදාව වෙඩි තබා ඝාතනය කර ඇතැයි චෝදනා එල්ල වී ඇත. 07 June 2026
සලේ වෙනුවෙන් පෙරට එන්න: බිරිඳ ජනතාවගෙන් ඉල්ලයි තම ස්වාමියා වසර තිස් අටක් පුරා ජනතාව වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් කෘතගුණ දැක්වීමට ජනතාවට අද අවස්ථාව උදාවී ඇතැයි රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ මනෝරි සලේ මහත්මිය ප්‍රකාශ කළාය. 07 June 2026
ජනපති අරමුදලෙන් වැඩිම සේවයක් කළ බස්නාහිර ප්‍රා.ලේ ඇගැයුමට ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ පළමු වසරේ ඉහළම කාර්ය සාධනයක් දැක්වූ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලෙස හෝමාගම , කඩුවෙල සහ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගැයුමට පත්විය. 07 June 2026
පෞද්ගලික බස් සීමාකරයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය බස් රථ ධාවනය අද (8) සිට සීමා කරන බවත් ඒ අනුව බස් ධාවනය සියයට 50 දක්වා අඩුවනු ඇති බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (7) පැවසීය. 07 June 2026
මංචි සභාපති සමු ගනී සී.බී.එල් සමූහ ව්‍යාපාරයේ සභාපති රම්‍ය සනත් අමරවීර වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත විය. 07 June 2026
බුදු පිළිමයට විද්ද හිමිනමක් ඇතුළු තුනක් මාට්ටු මහියංගන රාජමහා විහාරයෙන් සොරකම් කරන ලද පුරාවිද්‍යා වටිනාකමක් ඇති සමාධි බුදු පිළිමයක් සමග හිමිනමක් හා එයට සහාය දැක්වූ පුද්ගලයකු මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමලත් බලලත් නිලධාරීන් දෙදෙනකු මහනුවර නගරයේදී අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය කියයි. 07 June 2026
නාත්තණ්ඩියේ හිඟන්නෝ හිඟන්නේ ගහගෙන මරා ගනිති නාත්තණ්ඩිය නගරයේදි බිමත්ව සිටි යාචකයන් තිදෙනකු අතර ඇතිවු ගැටුමකදි එක් අයකු කැපුම් තුවාල ලබා මිය ගොස් ඇති බව මාරවිල පොලිසිය කියයි. 07 June 2026
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026