කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු අල්ලයි
කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම සමාගමේ හිමිකරු සහ එම මූල්‍ය සමාගමේ අධ්යක්ෂවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කියයි.