සෙලෙන්ස්කි කණස්සල්ලෙන් ඇමෙරිකාවෙන් ලැබෙන ආධාර නතරවේ යැයි යුක්රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කණස්සල්ලෙන් පසුවෙද්දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා කිරීමට සූදානම් සිටින බව විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය. 10 November 2024
හොර ඒජන්සිකරුවෙක් මාට්ටු නිසි අවසරයකින් තොරව මීරිගම නගරයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන මීරිගම පොලිසිය වෙත භාරදෙනු ලැබීය. 10 November 2024
රෝහිත කඳුළු සලයි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පස්වරුවේ කළුතර පැවතී මැතිවරණ වේදිකාවකදී කඳුලු සලමින් සංවේදී විය. 10 November 2024
නවසීලන්තය ලකුණු 108 යි සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල ඕවර 19.3කදී ලකුණු 108 කට සීමාවිය. 10 November 2024
මත්පැන් සමාගම්වලට අවසන් නිවේදනය මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. 10 November 2024
ආරක්ෂක ලේකම් ආරුගම්බේ යයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අම්පාර අරුගම්බේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත විය. 10 November 2024
විදුලි ගාස්තු අඩු කරන්න තවත් සති දෙකක් ඉල්ලයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටි බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 10 November 2024
‘‘දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා‘‘ දේශපාලන සිරකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වව්නියාවේදි අද පැවසීය. 10 November 2024
ශ්‍රී ලංකන් කනගාටුව ප්‍රකාශ කරයි නොවැළැක්විය හැකි හේතුවක් නිසා ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කිරීම පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය කණගාටුව පළ කරයි 10 November 2024
හොර ඩොලර් සමග හෝටල් ගණකාධිකාරී මාට්ටු වැලිගම මිරිස්ස සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු ඇමරිකන් ඩොලර් 100 හොර නෝට්ටු 28 ක් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර අපරාධ කොට්ඨාසය පවසයි. 10 November 2024
සරම්ප එන්නත්කරණ විශේෂ වැඩසටහන දිස්ත්‍රික්ක12කදී සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ එන්නත්කරණ වැඩපිළිවෙල දිස්ත්‍රික්ක 12ක සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 206 ක ඉදිරි සෙනසුරාදා දින 4 ක් තුළ ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. 10 November 2024
වැඩි වූ විදුලි බිල ඉදිරියේදී අඩු කරනවා විදුලි බිල සියයට30කට වඩා වැඩි ප්රමාණයකින්අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් එ සඳහා සුළු කාලයක්ලබාදෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 10 November 2024
ජවිපෙ වතුකරයේ ජනතාවගෙන් සමාව ගත යුතුයි වතුකරයේ ජනතාවට පුරවැසිභාවය ලබාදීමට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ එම ජනතාවගෙන් දැන්වත් සමාව ගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය කොටගල දී පැවසීය. 10 November 2024
ඡන්ද පෙට්ටි මාරු කිරීම් සැක දුරුකරන්න පියවර ඡන්ද විමසීමකින් පසු ඡන්ද බහාලූ පෙට්ටිම කිසිදු වෙනසක් නොමැතිව ඡන්ද ගණන් කිරීමේ ශාලාවට ගෙනෙන්නේද යන්න පිළිබඳව සමහර පාර්ශවයන් තුළ පවතින සැක දුරු කිරීම සඳහා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී පියවර කීපයක් ගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 10 November 2024
පිස්තෝල පෙන්වා අසල්වැසියන් බිය කළ එස් අයි අත්අඩංගුවට පියාට අමානුෂික ලෙස පහර දුන් අසල්වැසියන්ට පිස්තෝලයක් පෙන්වා මරණ තර්ජනය කිරීමේ චෝදනාවට උප පොලිස් පරික්ෂකවරයකු අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි. 10 November 2024
දුම්වැටි සමඟ මව- දියණිය ගුවන් තොටේදී මාට්ටු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් එක් කෝටි දහ හත් ලක්ෂ තිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගත් ව්‍යාපාරික මවක සහ දියණියක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 10 November 2024
වෙඩි වැදී අඹු සැමි යුවළ මරුට ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේ අද(10) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් අඹු සැමි යුවළක් ජීවිතක්ෂයට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 10 November 2024
ගොවින් 264,227කට ගොවි විශ්‍රාම වැටුප ගෙවා නැහැ ගොවි විශ්‍රාම වැටුප් හිමිවිය යුතු වයස අවුරුදු 60 සම්පුර්ණ වු ගොවින් 264,227 දෙනෙකුට ගොවි විශ්‍රාම වැටුප් ගෙවා නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 10 November 2024
පෝස්ටර් පාප්ප බාල්දි සමඟ හතරක් අත්අඩංගුවට පෝස්ටර තොගයක් ඇළවීම සඳහා රැගෙන යමින් සිටි වන්නි මැතිවරණ කොට්ඨාසයට තරඟ කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු සහ ගුවන් සේවිකාවක ඇතුළු සිව්දෙනකු වවුනියාව , පුලියංකුලම රාමනූර් හීදි අත්අඩංගුවටගත් බව පුලියංකුලම පොලිසිය කියයි. 10 November 2024
ජන්ද කාඩ් ලක්ෂ 6 කට වැඩි ප්‍රමාණයක් තැපැල් කාර්යාලවල මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ජන්දදායකයින් වෙත බෙදා හැරීමෙන් පසු ලක්ෂ 6 කට වැඩි ප්‍රමාණයක් ඉතිරිව තැපැල් කාර්යාලවල තබා ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 10 November 2024
සැකකරුවෝ මාංචු සමඟ පළා යති පොළොන්නරුව බන්ධනාගාරයේ සිට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන ගේට්ටුව අසල බසයෙන් බැසීමත් සමඟ අත්විලංගු සහිතව පලාගොස් ඇති බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි. 10 November 2024
‘කුෂ්‘ සමඟ ගුවන් මගියා අත්අඩංගුවට රෝද පුටුවක ගමන් කරමින් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කළ ගුවන් වයෝවෘද්ධ මගියෙකු , රුපියල් කෝටි හතරක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 10 November 2024
වැස්සෙන් පුත්තලමේ පවුල් 6,832ක් පීඩාවට දින කිපයක් පුරා පැවති මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයෙ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 10 පවුල් 6,832 ක පුද්ගලයින් 23,689 ක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි 10 November 2024
දුරකතන කුලුනේ බැටරි ගැලවූ තාක්ෂණික ශිල්පියා අත්අඩංගුවට කළුතර ටෙලිකොම් කුළුණේ බැටරි ගැලවූ බව කියන ටෙලිකොම් ආයතනයේම තාක්ෂණ ශිල්පියෙකු සහ රිය සහායකයෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි. 10 November 2024
බසයක් නිවසකට කඩා වැදිලා බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් ගනිමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (10) උදෑසන එම මාර්ගයේ බලගොල්ල 17 කණුව බතලපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසල තිබූ නිවසක බිත්තියක්ද පෙරලාගෙන අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි. 10 November 2024
සෙංකඩගලින් සැකසහිත ජිප් රියක්- ඩිපෙන්ඩරයක් මහනුවර පල්ලෙකැලේ සහ උඩුදුම්බර පොලිස් වසම්වල දී තවත් සැක සහිත ජීප් රථයක් සහ ඩිෆෙන්ඩරයක් සොයාගෙන ඇති බව පොලීසිය කියයි. 10 November 2024
රැඳවියන්ට ‘අයිස්‘ගෙනා නියාමක මාට්ටු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන්ට අලෙවි කිරීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි නියාමක වරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 10 November 2024
නෙඵම් කුළුණේ පාටියක් අතර ආරක්ෂකයාට වෙඩි තියලා නෙළුම් කුළුණ පරිශ්‍රය පැවති සංගීත ප්‍රසංගයකදී එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි මරදාන පොලිසිය පවසයි. 10 November 2024
පිටරට ගිණුම්වලින් මුදල් අදින කණ්ඩායක් මාට්ටු වැල්ලවත්ත හැව්ලොක් පාරේ සුපිරි නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමේ යෙදී සිටි සංවිධානාත්මක කණ්ඩායමකට අයත් පුද්ගලයන් 58 දෙනකු අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 10 November 2024
උතුරු සහ උතුරු - මැදට පොඩි වැස්සක් උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. 10 November 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026