IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


ජනපතිගේ ප්‍රකාශය අයුතු බලපෑමක්

(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයෙන් ඡන්ද දායකයාට අනියමින් බලපෑමක් එල්ල වන බව ෆැෆරල්  සංවිධානයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ  හෙට්ටිආරච්චි මහතා පැවසීය

ජනාධිපතිතුමා උතුරේ ජන හමු කීපයක් අමතමින් කරන ලද ප්‍රකාශයෙන් ජාතික ජන බලවේගයට බලය හිමි නොවන පළාත් පාලන ආයතන වලට මුදල් ලබා නොදෙන බව ඍජු ලෙස ප්‍රකාශ නොවූවද එමගින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතේ අසූ දෙක වගන්තිය ප්‍රකාරව අයුතු බලපෑමක් සිදුවන බව පෙනී යන්නේ යයිද ඔහු ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස දැඩි අවධානය යොමුවී ඇති බවද ඔහු කීවේය.

රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට සපථ කළ ඒ පිළිබඳව නායකත්වය ගත් හා මැතිවරණ සංස්කෘතිය යහපත් දිශානතියක් කරා යොමු කිරීමට ආදර්ශ සැපයූ දේශපාලන පක්ෂ නායකයෙකුගෙන් සමාජය මෙවැනි ප්‍රකාශ අපේක්ෂා නොකරන බවත්  ජනාධිපතිවරයා ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වන බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඔහු මෙසේ පවසන්නේ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයට බලය හිමිවන පළාත් පාලන ආයතන වලට අත දිගහැර මුදල් ලබා දෙන බවටත් අනෙක් පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීමේදී දස වරක් සිතන බවත්  කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.



අදහස් (11)

ජනපතිගේ ප්‍රකාශය අයුතු බලපෑමක්

ජයනාත් Friday, 18 April 2025 03:55 PM

පහුගිය ආණ්ඩු ඔය කතාව ක්‍රියාවෙන්ම කරලා පෙන්නුවා.

:       45       28

කපුරු හාමි Friday, 18 April 2025 04:22 PM

ආසියාවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා ජනතාව රවට්ටලා බලයට ඇවිත් කරපු හරිය ගැනත් අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .

:       32       30

අරවින්ද මොණරවිල Friday, 18 April 2025 04:26 PM

රාජපක්ෂලා වික්‍රමසිංහලා ඡන්ද කරන්න, බඩු බෙදන විට රාජ්‍ය දේපොල භාවිතා කරන විට රාජ්‍ය සේවකයින් යොදා ගන්නා විට හා ජනතාවට රැකියා හා සමෘද්ධි ඉල්ලුම් පත්‍ර බෙදමින් දූෂිත මෙන්ම විරුද්ධ පාක්ෂිකයින්ට පහර දෙමින් හා ඝාතනය කරමින්ද පක්ෂ කාර්යාලය ගිනි තබමින් හා නිවාස කඩා බිඳ දමමින් මර්ධනකාරී ලෙස මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන විට බියට පත්ව හීන් කෙඳිරියක් හෝ නොනැගූ මේ "මහත්වරුන්" දැන් ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන සංස්කෘතිය ගැන මරලතෝනි තියෙන තරමට නිර්භීත වෙලා...

:       39       21

සෙනෙවිරත්න Friday, 18 April 2025 06:36 PM

එතුමා කිව්වේ දෙන්නේ නැහැ කියලා නොවෙයි, දෙවතාවක් හිතන්න වෙනවා කියලා... ඒක වැරැදි නැහැ. අපේ පැත්තේ කොන්ක්‍රීට් කරපු පාරවල් දැක්කාම, ඒ වගේම සභාපතිලා එනකොට සහ යනකොට වත්පොහොසත්කම් බැලුවාම, නිකන් බයික් එකේ ආපු අය හෝටල් හිමි අය වුනේ කොහොමද එහෙම නැත්නම්...!

:       0       0

Sirisena Friday, 18 April 2025 07:02 PM

එහෙම කරන්නේ ඇයි කියලත් පැහැදිලිවම කිව්වා... ඒකත් මතක් කළා නම් තවත් පැහැදිලියි රෝහණ මහත්තයෝ. බාගයක් මල්ලි හොර පාරෙන් සාක්කු වලට යන නිසයි එහෙම කරන්නේ..!

:       0       0

ගුණරත්න Friday, 18 April 2025 07:25 PM

ගිය ආණ්ඩු අරම කරා මේම කරා කියන අය ඔලුව අතගාලා බූරු කන් හරි අන්තට්ටුවක් තියේද කියලා හරි බැලුවොත් හොඳා, මොකද මේ මූසල ආණ්ඩුව ඡන්ද ඉල්ලුවේ මේ ක්‍රමය වෙනස් කරනවා කියලා, ඉතින් ඔය වෙනස කරන හැටිද?

:       0       0

Jothi Friday, 18 April 2025 08:54 PM

වැසිකිළි හෝදන බලකාය තවම සුපුරුදු කටයුතුවලම යෙදී සිටිති. පහුගිය ආණ්ඩුවල තිබ්බ වැරැදි නිවැරැදි කරගැනීමට තමයි නව ආණ්ඩුවක් ජනතාව පත්කළේ...!

:       0       0

Lakmal Friday, 18 April 2025 08:55 PM

ගව සම්පත ලප කොටාට තවමත් කඩේ යනවා.

:       0       0

Gimhan Saturday, 19 April 2025 01:57 AM

අන්තිමට පැපරල් සංවිධානයට කොන්දක් තිබ්බා වැරැදියි කියලා කියන්න. නැත්තන් පච ඇදබබා හතර දිග්භාගෙ ඇවිදිනවා.

:       0       0

රොෂාන් Saturday, 19 April 2025 07:04 AM

ජනාධිපතිතුමා කියපු කතාව පැවැති පළාත් පාලන ආයතනවල කොන්ත්‍රාත් කළේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි හොඳට හොරා කෑවා පාර හදලා මාස 6ක් තිබ්බේ නැහැ.

:       0       0

කුමර Sunday, 20 April 2025 11:26 AM

වෙන ජනාධිපති කෙනෙකු මේක කිව්වනම් එදාම මාධ්‍ය කැඳවලා මාරාන්තික ප්‍රහාරයක් දෙනව . සුමාන දෙකකට පස්සෙ ඇල්මැරුන ප්‍රකාශයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 423 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 568 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 724 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 223 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1353 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 582 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1175 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site