IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


ජනපතිගේ ප්‍රකාශයට කොමිසමෙන් 21 තීරණයක්



(සුජිත් හේවාජුලිගේ)

ජාතික ජන බලවේගයේ පළාත් පාලන  ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බවට  ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන්  ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ලබන 21 රැස්වී තීරණයක් ගැනීමට නියමිතය.

ඔහුගේ එම ප්‍රකාශයෙන් මැතිවරණ නීතිය උල්ලංඝනය වන බව පෙනී යන්නේ යැයි  කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනපතිගේ ඒ ප්‍රකාශය  සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක්  ලැබී ඇති බවයි.

එම පැමිණිලි කොමිෂන් සභාවට ඉදිරිපත් කර  තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය. ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බව  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මන්නාරම ප්‍රදේශයේ ජනරැලියකදී   පැවසීය.

ජාතික ජන බලවේගයෙන් පිට පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් මුදල් වෙන් කිරීමේදී දහ වතාවකටත් වඩා විමසා බලන්නට සිදුවන බවත් ඊට හේතුව ඔවුන්ගේ ඉතිහාසය පිරිසිදු නැති නිසා බවත්  ජනාධිපතිවරයා  එහිදී  වැඩිදුරටත් කීවේය.



අදහස් (9)

ජනපතිගේ ප්‍රකාශයට කොමිසමෙන් 21 තීරණයක්

Neel Friday, 18 April 2025 03:42 PM

කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. මොකද පසුගිය ආණ්ඩු ජනතාවට කරපු හරිය අපිට මතකයි නේද...?

:       34       47

ලයන් Friday, 18 April 2025 03:52 PM

කතාව නම් ඇත්ත, සත පහ අතේ නැතිව ඇවිල්ලා අද කෝටිපතියෝ, තිත්ත ඇත්ත එය නොවේද?

:       21       39

අරවින්ද මොණරවිල Friday, 18 April 2025 04:35 PM

විපක්ෂයේ පදයට නටන රනිල්ගේ නිවට ඡන්ද කොමිසමට, ජනාධිපතිවරයා කිව්ව ඇත්ත කතාවට බොහොම රිදිලා වගේ පෙනෙනවා. ඔයාලා කොතරම් දැඟලුවත් ජනමතය වෙනස් කරන්න බැරි බව මතක තියා ගන්න..

:       23       27

pjSaturday, 19 April 2025 08:16 AM

හැට අට ලක්ෂයක මතය රටේ මතය නොවන අතර ඉන් රටේ නීතිය 88, 89 මෙන් කැළෑ නීතියට යටත් නොවනු ඇත... කැළෑ නීතිය අවශ්‍යම නම් 159 යොදාගෙන පාර්ළිමෙන්තුවේ අනුමත කර ගන්න...

:       0       0

අමල් Friday, 18 April 2025 05:39 PM

තඹුත්තේගම ලපයාට අනිත් පක්ෂවල ප්‍රාදේශීය සභාවකට බෝක්කුවක් හදන්න සල්ලි පාස් කරන්න 10 පාරක් හිතන්න වුණාට, ඉන්දියාවේ මෝදිට ලංකාවම හිස්කොල වලට අත්සන් කරලා පාවලා දෙන්නනම් දෙපාරක් හිතන්න ඕනෑ වුණේ නැහැ...

:       33       29

සෙනෙවිරත්න Friday, 18 April 2025 06:50 PM

දැන් සමහරු දාන අදහස් බැලුවාම තදබල වෛරයකින් කෝපයකින් අපහාසාත්මකව ප්‍රකාශ නිකුත් කරන බව පේනවා. මේක රටේ බහුතර මතය නොවන බව අපි නම් දන්නවා... මොකද මේක රටේ ජනාධිපති තුමාට තියෙන ජනප්‍රසාදය ඉවසගන්න බැරි කීපදෙනෙකුගේ අදහස්. මොනවා කීවත් නැවතත් ඉතිහාසගත ජයක් ලබනවා...

:       0       0

සෙනෙවිරත්න Friday, 18 April 2025 06:53 PM

වලව්වේ හාමුලාට කඹුරලා ඉඳුල්කාපු අයට තඹුත්තේගම මිනිහෙක් රටේ ජනාධිපති වෙච්චි එක ඉවසන්න බැරිවෙච්චි එකයි මේ. එහෙම අය දෙතුන් දෙනෙක් හිටියාට රටේ බහුතරයක් ජනාධිපතිතුමාට ආදරෙයි.

:       0       0

Kumara Friday, 18 April 2025 07:44 PM

පැය ගාණක කතාවක පුංචි කොටසක් වරදින්න පුළුවන්. ඒක අල්ලගෙන නටනවට වඩා, වැඩ නැද්ද හලෝ කරන්න?

:       0       0

prasanna Sunday, 20 April 2025 05:53 PM

බුරන බල්ලා කලාතුරකින් සපා කයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 426 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 571 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 733 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 224 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1360 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 582 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1175 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site