
(අංජුල මහික වීරරත්න)
මොන ලේබල් ගහන්න හැදුවත් නොබියව උතුරේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේ ජන රැළියකදී පැවසීය.
ජාතික සමගිය ස්ථාපිත කිරීම සඳහා ගත හැකි සියලු තීරණ ගන්නා බව කී ජනාධිපතිවරයා අල්ලා ගත්තා අත් තවත් ශක්තිමත්ව එකට බැඳගනිමු යැයි උතුරේ ජනතාවට ආරාධනා කළේය.
සියලු ප්‍රශ්න පියවරෙන් පියවර විසඳන බව මෙහිදී අවධාරණ කළ ජනාධිපතිවරයා ජාතික ජන බලවේග ආණ්ඩුව කිසි විටෙක පළාතක ජනතාවගේ උරුමයක්, අයිතියක් උදුරා ගන්න කටයුතු කරන්නේ නැති බව කීය.
යළි යුද්ධ නොකරන රටක් දරුවන්ගේ පරම්පරාව වෙනුවෙන් ගොඩනගන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනරැළිය සංවිධාන කොට තිබිණි.

COMMENTS
අවුරුදු 50 ක් ලීගල් ගහපු නැති පුද්ගලයෙක් කියන කතාවක්
මේ කථාව අප රටේ සමහරක්ට දරගන්න ටිකක් අමාරුයි. මොකද එහෙව් සමාජ පසුබිමක් අපිට අතීතයේ දක්නට නොතිබූ නිසා නමුත් රටක් ලෙස ඉදිරියට යන්න නම්, ඔය දැක්ම සහ පියවර අත්‍ය අවශ්‍යයි.
කතිරයක් වෙනුවෙන්නේ ඉතින් මේ.......
නැතුව බෑ නේ උතුර වගේද දකුණ
උතුරේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවයි. යුද සමයේ ඊට විරුද්ධව කටයුතු කළ ඔබතුමා දැන් කරන්නේ නැති ප්‍රශ්නයක් මවමින් ඒ මිනිසුන්ව ගොනාට ඇන්ද වීමයි. බොහෝ දෙනෙකුට ඒ වග නොතේරීම ඔබේ වාසනාවයි. කෙතරම් කල් මේ බොරුව ඔබට කරන්නට පුළුවන්කම ලැබේදැයි අපි බලා සිටිමු.
මට නම් පේන්නේ ජාතියක්, ජන්මයක් නැති දේශපාලන වියරුවක් සහ බලලෝභී නිවටයෙකු කතාවක් විදිහට. සිංහල බෞද්ධකම මොවුන්ට කොහොමත් අජීර්ණයි. ඒ සංස්කෘතියත් අගුණයි. එය ඉතා පැහැදිලියි.
සිංහල නායකයන්ට වඩා උතුරේ ජනතාව ගොනාට ඇන්දුවේ චෙල්වා, සුන්දරලිංගම්, අමිර්තලිංගම් වැනි පරණ නායකයින් ය. මෑත කාලීනව නම්, සම්බන්ධන්, ශ්‍රීධරන් වැනි අන්ත ජාතිවාදී නායකයින්ය. 50 ට 50 වැනි අසාධාරණ ඉල්ලීම් ආවේ 56ට බොහෝ පෙර බව "සිංහල මිනිසුන්ගේ අසාධාරණකම්" ගැන නම් දොඩවන පිරිස තේරුම් ගත යුතුයි. වර්තමාන ජනපති අයත් වන්නේ ඉහත කී වර්ගයේ ද්‍රවිඩ දේශපාලකයින්ගේ සිංහල වර්ෂන් එකටය. සටකපට බවේ බෝහෝ දුර ගොස් ඇති එතුමා පොදුවේ දෙමළ මෙන්ම සිංහල, මුස්ලිම් මිනිසුන්ව ද බර්ගර් වරුන් පමණක් නොව ආදීවාසි ජනයා ද බොරුවෙන්, මුලා කරමින් සිටීම දක්නට හැකියි.
නිවට නියලු කතාවක්
උතුර දකුණ කියලා භාවිතයම වැරදියි. ඔවුන්ට සම්පත් ලබාදෙන්න. ඒ ප්‍රදේශවලට යටිතල පහසුකම් අපිටත් වඩා ලබාදෙන්න. එයින් එහා අමුතුවෙන් ඔවුන්ගේ අයිතීන් රකින්න කියලා දෙයක් නැහ. ඔවුන්ගේ ඉඩම් කෑල්ලක්වත් අපිට ගන්න බැහැ සල්ලි වලට උවමනාවක් තිබුණත්..ඒ ඒවා දකුණේ මිනිස්සුන්ට නොලැබෙන විදිහට තේසවලාමේ නිතියෙන් පාරම්පරිකවම රැකිලා තියෙන්නෙ.තව මොනවද. උන් විදේශ රටකට ගියත් ලංකාවෙ ඉන්න බැහැ කියලා බොරුවට පාවා දෙනවා.අපි අකමැති ඉරිසියා නැහ පුලුවන් තරම් පහසුකම් ..පාසැල්, විශ්ව විද්‍යාලය, ක්‍රිඩා පිටි හැමදේම ලබා දෙන්න.
හැම පහසුකමක්ම ලබා දෙන්න. තවත් අමුතුවෙන් මොනවද දෙන්න තියෙන්නෙ
රිෆාන්, ඔය ආ සමහරක් එයට අයිති නැහැ. ඔයා අයිති එළහරක් ගණයට...
මාස 6ක් පච විදපු අයෙකුට තව දවස් දෙක තුනක් ගජබින්න ඇදබාන්න බැරිකමක් නැහැනේ.