IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉන්දීය ගිවිසුම් හත පාර්ලිමේන්තුවට දැම්මේ නෑ

(අංජුල මහික වීරරත්න)

රජය ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් හතෙන් කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තුවේ සභාගත කර නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

"ඉන්දියානු අගමැතිවරයා සමඟ අත්සන් කළ ගිවිසුම් අපි දැකලා නෑ. අපේ රටට ඉන්දී නායකයෝ විශාල ප්‍රමාණයක් ඇවිත් තිබෙනවා. ඒ නායකයන් ලංකාවට ගෞරවාන්විතව පැමිණිලා ගෞරවාන්විතව ලංකාවට සමුදිලා තමයි පිටත්ව ගියේ. ඒ පැමිණි නායකයන් ලංකාවේ වෙනත් ගුවන්තොටුපල වලින් ඉන්දියාවට ගියේ නෑ. නමුත් මෝදි අගමැතිවරයා ලංකාවට පැමිණි අවස්ථාවේ අනුරාධපුරයට ගියා. ඒ අවස්ථාවේ අනුරාධපුර ගුවන් තොටුපළ එක දවසට ජාත්‍යන්තර ගුවන් තොටුපලක් කරලා ආණ්ඩුව ගැසට් නිවේදනයක් නිකුත් කළා. පසුව මෝදි අගමැතිවරයා අනුරාධපුරයේ සිට ගුවන් යානයකින් තමිල්නාඩුවට ගමන් කළා.

මෝදි අගමැතිවරයා ලංකාව සමඟ අත්සන් කරපු ගිවිසුම් වලින් පසුව මාහාරාශ්ඨ වල සිට තමිල්නාඩුවට යනවා වගේ අනුරාධපුරයේ සිට තමිල්නාඩුවට ගුවන් යානයකින් පිටත් වුණා. ඉන්දියාව සහ ලංකාව අතර ඇති කරගත් ගිවිසුම් වලින් පසු ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියා මෝදි අගමැතිවරයා හිතුවද දන්නේ නෑ. ජාත්‍යන්තරය ඉදිරියේ රටේ ගරුත්වය ජාතික ජන බලවේග කණ්ඩායම හෑල්ලුවට ලක් කරමින් සිටිනවා යනුවෙන්ද මුජිබුර් රහුමාන් මහතා කීය.

 



අදහස් (10)

ඉන්දීය ගිවිසුම් හත පාර්ලිමේන්තුවට දැම්මේ නෑ

රම්බොඩ Wednesday, 16 April 2025 04:59 PM

නිවටයින් දුටුවම එළුවත් රැවුල පානවා කිව්වාලු. මෝදි දුවලා ඇවිත් අමුතු විදිහකට ගියේ ඒකයි. කට කරකව කරකවා උල්කරකර පච කෙළියා වගේ නොවෙයි රටට කරදර වෙන ගිවිසුම් ගැහුවාම. ඒවා ගැන දැනගන්න රටටම අයිතියක් තියෙනවා. රට කාගේවත් බූදලයක් නොවෙයිනේ...

:       29       38

පොඩිඑකාWednesday, 16 April 2025 07:53 PM

රාජපක්ෂ නඩේ, මේ රට තමුන්ගේ බූදලයක් වගේ මංකොල්ල කනකොට මේ රම්බොඩයා කොහේද හිටියේ...?

:       25       17

ලයන්Thursday, 17 April 2025 04:30 AM

කට උල්කරගෙන කතා කරන එකා මේ රට කවදාවත් උලාගෙන කෑවේ නැ. එයා ජීවත්වෙන්නේ සරල විදියට, හිටපු අය ඔය තනතුරට ආපු ගමන් රජ වුණා, පාරේ ගියේ වාහන පෝලිම්වල ආමි එක වටේ, ඒවා අමතකද? මේ ඉන්නේ තමුන් අපි වගේ ජීවත්වෙන කෙනෙක්, එහු මිනිහෙක් මේ රටට ජනතාවට අහිතක් වෙන දෙයක් කරන්නේ නැහැ. මුජිබර් වගේ අපතයින්ට තියෙන්නේ කාණු වගේ කටවල් විතරයි... ඔය නරාවලවලින් ගලන්නේ අසූචි, වැදගත් දේවල් නොවෙයි..

:       0       3

ජයනාත් Wednesday, 16 April 2025 07:24 PM

හරියට තමන්ගේ ඉන්න කාලෙ තිබුණු රජයන් කළා වගේ කතාව.. කොයි කොනෙන්ද කතා කරන්නේ?

:       16       16

ගුණරත්න Wednesday, 16 April 2025 08:58 PM

ප්‍රමුඛතාවේ දෙන්න ගිය ආණ්ඩුවේ ලොක්කන්ට ගහන්න. ඉතින් රට වික්කත් මේක බටලන්ද වගේ වැදගත් නෑනේ...

:       2       0

සෙනෙවිරත්න Thursday, 17 April 2025 06:43 AM

තූත්තුකුඩියේ හිඟන්නන්ගෙන් පිනට කන තත්වයට රට පත්කරපු අය ඒ රටේ අගමැති ගිය පිළිවෙළ හොයනවා...

:       1       3

සෙනෙවිරත්න Thursday, 17 April 2025 06:44 AM

මොකද කොළඹ පුරපති වෙන්න නොසිතන්නේ, ගියවතාවේ වගේ මන්ත්‍රීකමෙන් ඉවත්වෙලා ඉදිරිපත් නොවුනෙ පරාජයට බිය නිසා නේද?

:       1       3

Rata Perata Thursday, 17 April 2025 12:25 PM

දැන්නම් සජියා අර එක ගිවිසුමකට පැය තුනක් විතර කාලයක් නාස්ති කරන එක විතරයි වෙන්නේ

:       4       2

Salindu Thursday, 17 April 2025 05:15 PM

පච කොටා මොනවා කරත් කඩේ යන වහල්ලු තවම ඉන්නවා.

:       3       1

ලූට මූස් Thursday, 17 April 2025 08:23 PM

ඉතිං ඒක නිසා කසනවද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site