
(අංජුල මහික වීරරත්න සහ සුජිත්හේවා ජූලිගේ)
සිංහල දෙමළ අළුත් අවුරුදු මංගල්‍යයට සමගාමී ව පවත්වන හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළඳා මාළිගා චතුරස්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භුමියේ දී අද පෙරවරු 9.04 ට යෙදෙන සුබ නැකතින් සිදු කිරීමට නියමිතය.
හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි,මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වෙති.
මෙවර හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ව සංවිධානය කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd