(මහින්ද නිශ්ශංක)
පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ගෙන්ගෙට බෙදීම අද (16) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අද සිට ලබන 29 දක්වා නිල ජන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදාහැරීම සිදු කෙරෙන බව නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා පැවසීය.
පළාත් පාලන ආයතන 339 ට අයත් නිල ජන්ද දැන්වීම් පත්‍රිකා තේරිම් භාර නිලධාරින් විසින් අද(16) දිනයේ තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ලබන 20 දා විශේෂ දිනයක් ලෙස සලකා නිල ජන්ද දැන්වීම් පත්‍රිකා දවස පුරාම බෙදාහැරීමට සැළසුම් කර ඇතැයි ද නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා සඳහන් කළේය.
තැපැල් මගින් බෙදාහැරීමේ කාලයේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නොලැබෙන ජන්ද දායකයන්ට ලබන 30 සිට ජන්ද විමසීම සිදුවන මැයි 6 දා දක්වා තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් ඒවා ලබා ගැනීමට පහසුකම් සලසා ඇතැයි නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා වැඩි දුරටත් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඡන්ද පත්‍රිකා බෙදීම අද සිට