ලංකාවට ඕන වෙලාවක උදව් කරන්න කැමති බව ඕස්ට්‍රේලියාව කියයි
අල්ලස් දූෂණ වලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.ෙඅල්ලස් හා දූෂණයෙන් තොර යාන්ත්‍රණයක් රට පුරා ස්ථාපිත කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ඕනෑම අවස්ථාවක සහයෝගය දක්වන බවද ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සඳහන් කළේය .