IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව හෙට  (8) සහ  අනිද්දා  (9) රැස්වීමට නියමිතය.

රේගු ආඥා පනතේ (235 අධිකාරිය වූ) “අ” උපලේඛනයේ විධිවිධාන යටතේ ආනයන තීරුබදු සම්බන්ධයෙන් 2025.04.09  දින ඉදිරිපත් කරන ලද අංක 2421/05 දරන 2025.01.27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයට අදාළ යෝජනා සම්මතය  අද (8) පෙරවරැ 11.30 සිට පස්වරු 5  දක්වා විවාදයට ගැනීමට  තීරණය කර ඇත.

එසේම මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික  යෝජනා 6ක්  හෙට (9) පෙ.ව 11.30 සිට  ‍ප.ව 5.00 දක්වා විවාද කිරීම සඳහා කාලය වෙන් කර ඇත

මේ අනුව  පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින්  ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්, හිටපු රාජ්‍ය නායකයින් හා එම වැන්දඹුවන් භුක්ති විදින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කිරීමට අදාළ යෝජනාවද   පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සහ බෙදා හැරීම සඳහා රාජ්‍ය අංශයේ මැදිහත්වීම ඉහළ නැංවීමේ වැඩසටහනක් සකස් කිරීමට අදාළ යෝජනාවද  පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින්  ඉදිරිපත් කරනු ලබන විගණන වාර්තා  දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමට අදාළ යෝජනාවද  මෙසේ විවාදයට ගැනේ

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාවේ සෑම පවුලකටම ජීවත්වීමට නිවසක් ලබාදීමට අදාළ යෝජනාවද   පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන පොදු ප්‍රවාහන ප්‍රමිතීන්ට අනුකූල බස්රථ පමණක් මෙරටට ගෙන්වීමට අදාළ නීති සකස් කිරීම පිළිබඳ යෝජනාව  සහ    පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා විසින් ඉදිරිපත් කරනු ලබන “සංවර්ධන යෝජනා” නමින් ශ්‍රී ලංකාවේ  මේ දක්වා ඉදිකර ඇති එහෙත් කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා ලද සියලුම ගොඩනැගිලි මහජන ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම සඳහා කටයුතු කිරීමට අදාළ යෝජනාවද  මෙදින විවාදයට ගැනීමට තීරණය කර ඇත.



අදහස් (1)

ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට

Himi damma Wednesday, 07 May 2025 08:42 PM

මේ පණිවිඩේ හෙට පළකරන්න ලියා තියෙන්නේ, මොකද අද පළ කලේ……?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site