( චන්ද්‍රසේන ගමගේ)
මෙරට ප්‍රබල දේශපාලන චරිතයක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිජබිම වූ මැදමුලන ඡන්ද කොට්ඨාශය ඊයේ(06)දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කරන්නට ජාතික ජනබල වේගය සමත් වී තිබේ.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී වීරකැටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මැදමුලන ඡන්ද කොට්ඨාශයෙන් ඡන්ද 1 ,115 ක් ලබා ගැනීමට ජාතික ජනබලවේගයට හැකි වී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගැනීමට හැකිව ඇත්තේ ඡන්ද 768 ක් පමණි.
දීර්ඝ කාලයක් තිස්සේ මැදමුලනේ දේශපාලන බලය හිමිව තිබුණේ රාජපක්ෂ වරුන්ට වුවද මෙවර මැතිවරණයේදී එම බලය රාජපක්ෂ වරුන්ගෙන් ගිලිහී ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑමොල මහතා ඉතා බුද්ධිමත් කතාවක් ලියවගෙන පාඩම් කරගෙන කියයි දැන්.
බලලෝබී ,බඩගෝස්තරවාදී අති දූෂිතයෝ,ආර්තික ගාතකයෝ ,ජරාපක්ෂ හැතිකරේම රටට සාපයක් නීතී ගරුක සිෂ්ට සම්පන්න රටක නම් මෙළහකටත් හිරේට යවලා .. හොර පෙරකදෝරුවා යන්තම් ජාතික ලැයිස්තුවෙන් රින්ග ගත්තා .
මැද, මුල, විතරක් නෙවෙයි, ‘අගත්’ ගිලිහිලා!
මැදමුලනේ සොරමුල…!
අපි ඉන්නවා හත්සිය ගානක් වහල් කමෙන් මිදෙන්න බැරි.
මේ හොරා හැතිකරේ ගමේ පමණක් නෙවෙයි, රටෙන්ම එලවා දමන්න ඕනේ.
රාජපක්ෂ නාමය ජනතාව විසින් දේශපාලනයෙන් අතුගා දමා තිබෙනවා. ගෞරවාන්විතව දේශපාලනයෙන් ඉවත් වී සුදුසු කටයුත්තක් කරගෙන ඉඳීම ගෞරවය යම්තාක් දුරකට රැකගත හැකියි. අනාගත ජනාධිපතිකම් සිහිනයක්ම පමණයි.
මෙවන් විපතක් වනේ වන හතුරෙකුටවත් නොවේවා...!
නාමල් රාජපක්‍ෂ මහතාට දේශපාලනය කරන විදිහ අනුර සහෝදරයාගෙන් ඉගෙනගන්න උත්සාහ කරන්න...
රාජපක්ෂවරුන්...? රාජපක්ෂ හොරුන්...
යෝගා නැද්ද මේවට අදහස් ලියන්න...?
2009 දී සරත් ෆොන්සේකා මැතිතුමා නිසා LTTE ත්‍රස්තවාදි යුද්ධය අවසන්කර 2010 යුධ වීරයා ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ නිසා ඇදගෙන ගොස් සිරගතකලා එහි විපාකය පරම්පරාවෙ ඔක්කොටම විදින්න වෙලා තියෙනවා හරියටම කරත්තෙ අදින ගොනා පසුපස රෝදය පෙරලෙමින් එනවා වගේ..කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ඔයසේ ඔහොම යන්
යුද ජයග්‍රහණය අමතක කර දූෂණය රජ කරන්න ඉඩ දීපු එකේ ප්‍රතිඵල.. කණගාටුයි.
පිස්සෝ
ජාතික ලැයිස්තු නැත්තන් මේ රාජපක්ෂ සාපය අද පාර්ලිමේන්තුවෙත් නෑ... නෙදකින්.
දැන් තමා ගමේ ඥාතීන්ට හිතවතුනට තේරුනේ
නාමල් කොච්චර බර වචන දාලා කතා කෙරුවොත් නූගත් කම වහෙන්නේ නෑ.ඇයි ඒ දන්නේ නෑ.පව් ඉතින් .නාමල්ට තියෙන්නේ දේශපාලන කෙරුවවෙන් අයින් වෙලා වෙන ජොබ් එකක් කරන්න .අර මහින්ද ලොක්කටත් තව නින්දා නොකර .පව් නේ ඒ මනුස්සයා .