
(කේ බුද්ධික කුමාරසිරි)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේම සිසුන් හත් දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (07) දින නියෝග කළාය
ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු සිදුකර හෝමාගම මූලස්ථාන පොලිසිය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී
එම විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ මාතර වැලිගම ප්‍රදේශයේ ශිෂ්‍යයෙකුට හෝමාගම පිටිපන ප්‍රදේශයේ නවතැන්පොලක් තුළදී සැකකාර සිසුන් විසින් ඉකුත්දා පහරදීම සිදුකර තිබුණ අතර අදාල සිසුවා විශ්ව විද්‍යාලය තුළ නවක වදයට එරෙහිවීම, සවස හයෙන් පසු විශ්ව විද්‍යාලය තුල සැරිසැරීම සහ අන්වර්ථ නමක් භාවිතා නොකිරීම හේතුවෙන් මෙලෙස පහරදීම සිදුව ඇති බවට අදාළ පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිසිය පවසයි
පහර කෑමට ලක් වූ සිසුවා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබා එම රෝහලින් පිටව ගොස් මාතර වැලිගම ප්‍රාදේශීය රෝහලට සහ මාතර මහ රෝහලට ඇතුළත්ව නේවාසික ප්‍රතිකාර ලබාගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහර දුන් නෙවෙයි, චූදිත සිසුන්. මොකද පහර දුන්නා කියලා තාම අධිකරණයේ සනාථ වෙලත් නෑ. ඇපත් දීලා තියෙනවා. එහෙම වෙද්දී පහරදුන් අයට ඇප දුන්නා කියන්නේ විනිසුරුගේ තීරණයට එහා යෑමක්නේ...!
දැන් ඉතින් ආයෙත් මේ අයට සිරිත් පරිදි පරණ පුරුදුවලට අනුගත වෙන්නට පුළුවන්...!
බත් කටක් කවපු මාත් චුදිත වෙච්චි එකේ, මේ ටික චූදිත වුනේ පහරකාපු කෙනාට පාඩම් කියාදෙන්න ගිහිල්ලාද?
ඔන්න පටන් ගන්නවා නම් හොඳම ව්‍යාපාරය තමයි, මුඛවාඩම් හැදිල්ල. කෝවිඩ් නැති මේ කාලේත් හොඳට විකිණෙනවා...
කාලකන්නි ටිකක්. මොවුන්ගෙ දෙමව්පියො අන්නත දුක් විදිමින් මේ මිහරක් රෑනට වියදම් කරන්නෙ. බුද්දියෙන් ඉහලම තැනට ගිහින් මීමරන නොසන්ඩාලයෝ. මුන්ට රැකියාවක් නොකර. ඉන්න ජිවිතකාලයම. දුක් විදින්න මග පාදන්න අසරන දරුවන්ට දෙන. ගින්දර වලට. පයට දාන්න සපත්තු දෙකක් නැහැ සෙරප්පු දෙක දාගෙන. ඇවිදින්නෙ. අන්ත දුගී. කරන වැඩ. මෙයට මුල් තැන ඉරිසියාව
අනාගතේ පාතාලයේ පුරප්පාඩු පුරවන්නටත් මේ ගොල්ලන්ට පුළුවන් වෙයි. නිකං ඉඳලාම කිසිම අමාරුවක් නැතුව සල්ලි ලැබෙනවානම්, කොයි අම්මලා තාත්තාලාද අකමැති? නේද!! පාර්ලිමේන්තුවකට හරි, පලාත් සභාවකට හරි යන්න අවස්ථාවක් ලැබෙන්නත් බැරි දෙයක් නෙමෙයි.