පොලිසියේ ගිනි අවිය උදුරන්න ගිහින් වෙඩි වදියි පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් ලුහුබැඳ ගොස් මිනුවන්ගොඩ ප්‍රභාගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගනිද්දී එහි එක් සැකකරුවකු කලහාකාරි ලෙස හැසිරී පොලිස් නිලධාරීයකු අත තිබූ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කරද්දී සැකකරුගේ පාදයට වෙඩි වැදී ඇතැයි පොලිසිය කියයි. 01 April 2025
උත්සව සමයට අතිරේක බස් 500ක් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සඳහා විශේෂ බස් රථ සේවාවට අතිරේක බස් රථ 500 ක් ඇතුළත් කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසීය. 01 April 2025
දෙමටගොඩ චමින්ද ඝාතන නඩුවකින් නිදොස් කර නිදහස් කරයි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි මරණීය දණ්ඩනය ලැබ මේ වන විට බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්ද ඇතුළු විත්තිකරුවන් තිදෙකු සියළු චෝදනවලින් නිදොස් කොට නිදහස් කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එක් විත්තිකරුවකුට පමණක් මරණීය දණ්ඩනය නියම කළේය. 01 April 2025
කවුරු දාලා ගියත් වැඩි මිලට විදුලිය ගන්නේ නෑ කවුරු තරහ වුනත් කවුරු දාලා ගියත් විදුලි ඒකකයක් රුපියල් 25ට මිලදී ගන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුත්තල ජන රැළියේදී පැවසීය. 01 April 2025
සජිත් මියන්මාර - තායිලන්ත තානාපති කාර්යාලවලටයයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ශ්‍රී ලංකාවේ මියන්මාර සහ තායිලන්ත තානාපති කාර්යාලවලට අද ගොස් භූමිකම්පාවෙන් මිය ගිය සහ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ශෝකය පළ කර ඇත. 01 April 2025
කදාන සෙබස්තියන් මුනි විදී ප්‍රතිමාව සොරා ගනී කදාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ තැන්පත් කර තිබු වසර 175 වඩා පැරණි ශුද්ධ වූ සෙබස්තියෙන් මුනිදුන්ගේ පෙරහර ප්‍රතිමාව අද ( 01) අලුයම කාලයේ කිසිවෙකු හෝ කිසියම් පිරිසක් විසින් සොරකම් කර ගෙන ගොස් ඇති බව කදාන පොලිසිය පවසයි. 01 April 2025
ආර්.එම්.වී. එකට ’ටින් අංකය’ අනිවාර්යයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සපයන සේවාවලදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කරන ’ ටින් අංකය’ ඉදිරිපත් කිරීම මේ මස 15 වැනිදා සිට අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව පැවසීය. 01 April 2025
චාමර සම්පත් යළි රිමාන්ඩ් ඌව පළාත් සභාව නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 08 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(01) නියෝග කළාය. 01 April 2025
තරුණියන් දෙදෙනා මුහුදට බිලි මුලතිව් නයාරු මුහුදු කලාපයේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනකු ඊයේ (31) දියේ ගිලි මියගොස් ඇතැයි මුලතිව් කෝකිලායි පොලීසය සදහන් කරයි. 01 April 2025
හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිලත් පහළට හයිලන්ඩ් යෝගට් එකක මිල රුපියල් රුපියල් 10 කින් අද (01) සිට අඩු කිරීමට මිල්කෝ කිරිපිටි සමාගම තීරණය කර තිබේ. 01 April 2025
’’ත්‍රිරෝද ගාස්තු අඩු කරන්න බෑ’’ පෙට්‍රල් මිල අඩුවුවද ත්‍රිරෝද ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා මහතා පැවසීය. 01 April 2025
වන අලි නිසා පීඩාවට පත් ජනතාවට ජනපති අරමුදලෙන් සරණක් වන අලි ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල් වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය තීරණය කර ඇත. 01 April 2025
අලුත් සහල් මංගල්‍යයට දින නියම කරයි ජාතික අලුත් සහල් මංගල්‍ය අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අභියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (4) පෙරවරු 7.30ට පැවැත්වෙයි. 01 April 2025
අස්වැසුම බඩු මල්ල අද සිට අස්වැසුම පොරොත්තු ලේඛනයේ පවුල් වෙනුවෙන් සහන මිලකට ආහාර පැකේජයක් ලබාදීමේ වැඩපිළිවෙළ අද(1) සිට ඇරඹේ 01 April 2025
චාමරගේ නඩුව 12ට කැඳවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ විමර්ශන සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කර ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥය කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පැවසීය. 01 April 2025
IOC පෙට්‍රල් මිලත් පහළට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) පෙට්‍රල් මිල ‘සිපෙට්කෝ’ මිලට සමාන කළ බව එම සමාගම පවසයි. 01 April 2025
වෛද්‍ය කණ්ඩායමක් අද හෙටම මියන්මාරයට භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට යැවීමට කටයුතු සූදානම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය. 01 April 2025
අධිවේගයේ අනතුරු දෙකකින් 6ක් රෝහලේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 25.5 දොඩංගොඩ සහ ඒ ආසන්නයේ සිදුවූ තවත් අනතුරකින් සිව් දෙනකුගෙන් යුත් එංගලන්ත ජාතික පවුලක් ඇතුළු හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි. 01 April 2025
ඉදිරි දින කිහිපයේදී වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සිට ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 April 2025
කිරි තේ මිල රුපියල් 10 කින් ඉහළට ආනයනික කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් කිරි තේ කෝප්පයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව පැවසීය. 01 April 2025
අඩු කළ මිලට තෙල් නෑ පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් දහයකින් අඩු වුවත් බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අද 1 පෙරවරුව වන විටත් අඩු කළ මිලට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන නොතිබිණි. 01 April 2025
අද සිට බිත්තර සදහා සියයට 18ක වැට් බද්දක් බිත්තර සදහා අද (01) සිට සියයට 18ක වැට් බද්දක් අයකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. 01 April 2025
‘‘කුඩු සමඟ ඇල්ලූ අපේක්ෂිකාව පො.එ.පෙ නොවේ‘‘ ’පො.එ.පෙ අපේක්ෂිකාව කුඩු සමග මාට්ටු’ යන මැයෙන් ලංකාදීප වෙබ් අඩවියේ පළවූ පුවත සම්බන්ධයෙන් පානදුර පොදු ජන එක්සත් පෙරමුණ පක්ෂයේ සංවිධායක කණ්ඩායම් නායක ශ්‍රී මුණසිංහ පවසනුයේ එවැනි අපේක්ෂිකාවක් ඔවුන්ගේ පක්ෂයේ නොමැති බවය. 01 April 2025
ගිනි ගත් අනුන්ගේ ගෙදරකට රාජපක්ෂ කෙනෙක් වන්දි අරගෙන අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී ගිනිගත් සෙවනගල අනුන්ගේ ගෙදරකට වන්දි ගත් රාජපක්ෂ වරයෙක් ගැන ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුත්තලදී අද (31)පැවසීය. 31 March 2025
අත්තක් කපන්න අවසර දුන්නාම වත්තෙම ගස් කපලා ආණමඩුව විවිධ සේවා සමුපකාරය ප්‍රධාන කාර්යාලය භූමියේ පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු නිත්‍යානුකුල නොවන අයුරීන් කැපිම සම්බන්ධව ආණමඩුව ප්‍රාදේශීය ලේකම්වරිය ආණමඩුව පොලිසියට කළ පැමිනිල්ලක් කර ඇතැයි පොලිසිය කියයි. 31 March 2025
පෙට්‍රල් මිල පහළට ඔක්ටේන් 92 සහ පෙට්‍රල් ඔක්ටේන් 95 යන ඉන්ධන වර්ග දෙකේම ලීටරයක මිල රුපියල් 10 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ නිවේදනය කළේය. 31 March 2025
ලාෆ් ගෑස් මිල ඉහළට ‘ලාෆ්’ ගෑස් සමාගම අප්‍රේල් මස සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ දමන බව එම සමාගම අද (31) පස්වරුවේ පැවසීය. 31 March 2025
අගමැතිනිය ප්‍රංශයට යයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ’යුනෙස්කෝ’හි ඉහළ පෙළේ සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රංශය බලා අද (31) පිටත්ව ගියාය. 31 March 2025
පුනරුත්ථාපන රෝගියාගේ මරණයට සැක 16ක් රිමාන්ඩ් මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හිමිකාර කපුවා ඇතුළු සැකකරුවන් 16 දෙනා අප්‍රේල් මස 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ලලනී බුලත්සිංහල මහත්මිය අද (31) දින නියෝග කළේය. 31 March 2025
දේශබන්දුට විරුද්ධව යෝජනාවක් ගේන්නේ කොහොමද? දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙන් නැතිකර අැති හෙයින් ඔහු නොදරන පොලිස්පති ධූරයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මන්ත්‍රීවරුන්ට බලයක් නොමැති බව හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 31 March 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026