
(රන්ජන් කටුගම්පොල)
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නැතැයි රහස් පොලිසිය අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ රහස් පොලීසිය තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවුරු ලැබූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා පැවසීය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූහ.
එහිදී පෙත්සම්කාර හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විදේශ ගතව සිටින සිය සේවාදායකයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින බවත් එසේ පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොලේ දී ඔහු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවද කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 04
624
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
526
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘ගම්මන්පිල අල්ලන්න තවම තීරණයක් ගෙන නෑ‘‘
අරවින්ද මොණරවිල Friday, 12 September 2025 07:14 PM
තවම නැහැ තවම නැහැ, වරෙන් ලංකාවට ඊට පස්සේ තීරණය කරන්නම් උබව අත්අඩංගුවට ගන්නවා කියලා.
සංකා Saturday, 13 September 2025 08:11 AM
මාලිමා රජය මේ රටේ නීතියේ ආධිපත්‍යය අකුරටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා අවස්ථාවක , එයට පහත් ලෙස විවේචනය කරමින් සිටින මේ මොන්ගල් ගම්මන්පිලට ඉහළම දඬුවම ක්‍රියාත්මක කරන්න කියලා රටේ සමස්ත ජනතාවම රජයට කියනවා.
පොඩිඑකා Saturday, 13 September 2025 08:36 AM
රටට කිසි වැඩක් නැති, එක ප්‍රතිපත්තියක් නැති, මිනිස්සු අවුස්සලා තමන්ගේ බඩ වඩාගන්න මේකා අල්ලනකොට හීං තැනින්ම අල්ලන්න ඕනෑ.
fairoos Saturday, 13 September 2025 12:35 PM
වැරැද්දක් කරලා නැතිනම් මොනවටද බය වෙන්නේ... අල්ලන්න කළින් දකදිරි ගානවනේ...