IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


හොර යතුරු පැදි මාරු කළ PC ඇතුළු දෙකක් මාට්ටු

(ගයාන් සූරියආරච්චි)

ව්‍යාජ අංක තහඩුවක් යතුරුපැදියකට සවි කර තවත් යතුරුපැදියකට හුවමරු කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනකු ඊයේ (11) අත්අඩංගුවට ගත්බව වලස්මුල්ල පොලිසිය පවසයි.

මෙම යතුරුපැදිය යොදාගනිමින් කිසියම් අපරාධයක් සිදුව ඇත්ද යන්න පිළිබදව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරකැටිය, මැදමුලන ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයකු සහ දංකොටුව පොලිසියේ කොස්තාපල්වරයෙකි.

කිසියම් පුද්ගලයන් පිරිසක් විසින් වලස්මුල්ල, කූඩ කඩය, ප්‍රදේශයේ යතුරුපැදි දෙකක් දමාගොස් තිබූ අතර ඒ සම්බන්ධයෙන් එම යතුරුපැදි පොලිස් ස්ථානයට රැගෙන විත් සිදුකළ විමර්ශනවලදී එක් යතුරුපැදියක් රථවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති බව සනාථවීමෙන් අනතුරුව එම යතුරුපැදියේ අයිතිකරු ලෙස මැදමුලන ප්‍රදේශයේ පුද්ගලයකු පිළිබදව පොලිසියට අනාවරණය වී තිබුණි.

අනතුරුව එම පුද්ගලයා පොලිසිය වෙත රැගෙන විත් කළ ප්‍රශ්න කිරීම්වලදී එම යතුරුපැදිය පොලිස් නිලධාරියකුගෙන් ලබාගෙන ඇති බවත් එසේ ලබාගැනීමේදී ඔහු සතුව තිබූ වෙනත් යතුරපැදියක් හුවමාරැ කරගෙන තිබූ බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

ඒ අනුව දංකොටුව පොලිසියේ පොලිස් කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිසිය වැඩිදුර කළ විමර්ශනවලදී  එම පොලිස් නිලධාරියා විසින් ව්‍යාජ අංක තහඩුවක් මිලදී ගෙන  යතුරුපැදියට සවිකර හුවමාරු කරගෙන ඇති බව  හෙලිවී ඇත.

අනතුරුව දංකොටුව පොලිසියේ කොස්තාපල්වරයා සහ මැදමුලන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

වලස්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

හොර යතුරු පැදි මාරු කළ PC ඇතුළු දෙකක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31396 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13647 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11021 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1038 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 285 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site