IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රතන හිමිට ඇප

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

2020 වසරේ මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බලපෑම් කොට ලබා ගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ  රතන හිමියන්  නුගේගොඩ අධිකරණයට අද (12) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හරින ලෙස අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් මෙන්ඩිස් විජේසිංහ මහතා නියෝග කළේය.

සැකකාර රතන හිමි රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 10000/= මුදල් ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය

ඉකුත් 29 වෙනිදින පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සමග  අධිකරණය වෙත  පැමිණ භාරවිය

දෙපාර්ශවයේම  ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අතුරලියේ රතන හිමියන් ඇප මත මුදා හැරියේය.



අදහස් (3)

රතන හිමිට ඇප

Pradeep Kumara Friday, 12 September 2025 04:35 PM

දැන්වත් ඔය ජරා ජීර්ණ, තමන්ට කරන්නත් බැරි දේශපාලනයෙන් ඉවත් වෙලා සැබෑ බුද්ධ පුත්‍රයෙක් වගේ කල් ගෙව්වොත් නරකද හාමුදුරුවනේ? එහෙම නැත්නම් ඔය බුද්ධ චීවරය ඉවත් කරලා කම්සැප විඳින්න ඒකට අගෞරව නොකර.

:       17       10

කව්ද බෝයි Friday, 12 September 2025 04:56 PM

තවත් එක් කෙනෙක්. චීවරයට මුවාවෙලා දිව්‍යලෝක සැප සම්පත් මෙලොවදීම විඳපු ශරීර කඳක්...!

:       24       7

උපාසක Sunday, 14 September 2025 12:39 AM

පේනවා නේද අපේ හාමුදුරුවනේ තණ්හාව දෙන දුකක් අනුන්ට බණ කියන එක ලේසියි.. නමුත් ඒ දහම පිළිපැදීම එතරම් පහසු නෑ නේද? තන්හාවට වහල්කම් කරකර ඉඳලා මිනිස්සු බොහෝ පව් රැස් කරගෙන ඒවා පොදි බැඳගෙන මරණයට පත්වෙලා දුගතියේ ඉපදෙනවා... යම් තරමක් හෝ කුසල්, අකුසල් ගැන දැක්මක් ඇති ඔබ වහන්සේලා මෙවැනි තත්ත්වයට වැටීම හරිම කණගාටුයි... දේශපාලනය (රජවරුන්) ගැන කතාකිරීම පවා බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට තහනම් කරලා තියෙන්නේ නේද? අපේ හාමුදුරුවෝ පැවිද්දේ අගය තේරුම් ගනිත්වා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site