IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පරිගණක-ආලේපන-දුම්වැටි සමඟ දෙන්නෙක් අල්ලයි

(ටී.කේ.ජී.කපිල )

රුපියල් ලක්ෂ පනහක් වටිනා නවීනතම ජංගම දුරකථන , ටැබ් පරිගණක , රූපලාවන්‍ය ආලේපන සහ දුම්වැටි සහ ගංජා ඔතන කඩදාසි තොගයක් රැගත් ගුවන් මගීන් දෙදෙනෙකු , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත '' ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද(12 )  අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කටයුතු වල නිරත වී සිටින්නන් වන අතර ඔවුන් අතරින් පිරිමි පුද්ගලයා 32 හැවිරිදිය . කාන්තාව 45 හැවිරිදිය . ඔවුන් දෙදෙනා ඊයේ අලුයම 05.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 05 ක් තුළ නවීනතම ජංගම දුරකථන 132 ක් , ටැබ් පරිගණක 14 ක් , දුම්වැටි සහ ගංජා එතීම සදහා භාවිතා කරන කඩදාසි අඩංගු පෙට්ටි 1,700 ක් සහ රූපලාවන්‍ය ආලේපන විශාල  තොගයක් ද සඟවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

රේගු නිලධාරීන් විසින් මොවුන් අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .

 



අදහස් (1)

පරිගණක-ආලේපන-දුම්වැටි සමඟ දෙන්නෙක් අල්ලයි

අබා Friday, 12 September 2025 12:23 PM

පරිගණක වලට මොන ආලේපනද අයියා...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site