IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තු අයිටී අංශයේ නිලධාරිනියකට අවවාද ලිපියක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල  මහික වීරරත්න)

පසුගිය කාලයේදී කාන්තා හිංසන සිද්ධීන් ගණනාවක් වාර්තා වූ බව පැවසෙන පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ  තවත් නිලධාරිනියකට  එහි ප්‍රධානීන් විසින් අවවාද ලිපියක් යොමු කරනු ලැබ ඇතැයි වාර්තාවේ.

මෙම අලුත්ම  සිද්ධිය වාර්තා වන්නේ එම අංශයේ නිලධාරිනියකට මෙයට පෙර  සිදුවූ බව පැවසෙන විවිධ හිංසන ක්‍රියා සහ  අඩන්තේට්ටම් සම්බන්ධයෙන් හිටපු මහාධිකරණ විනිසුරුවරියකගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් විසින් විමර්ශන පවත්වනු ලබන  අවස්ථාවක වීම විශේෂත්වයකි.

එම විමර්ශනය පවත්වනු ලබන්නේ හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසිනි.

දෙපාර්තමේන්තුවේ සේවිකාවකට සිදුව ඇතැයි පැවසෙන කිසියම් හිරිහැරයක් පිළිබඳව ක්‍රියාමාර්ග නොගන්නා ලදැයි කියන සිද්ධියක්  හේතුවෙන් සේවිකාව  එහි ප්‍රධානියෙකුට යැවූ බව පැවසෙන වට්ස්ඇප්  පණිවිඩයක් මෙම අවවාදාත්මක ලිපිය යැවීමට හේතු පාදකවී   තිබෙන බව දැනගන්නට ඇත.

මේ පිළිබඳව අප පාර්ලිමේන්තු ප්‍රධානියෙකුගෙන්  කළ විමසුමකදී ඔහු පැවසුවේ  එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරිනියකට අදාළව සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු වාර්තාවී  ඇති බවයි.

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට  සිදුවී ඇතැයි පැවසෙන විවිධ හිංසන ක්‍රියා සම්බන්ධයෙන් සමගි  ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්  මුජිබර් රහුමාන් මහතා  ඇතුළු මන්ත්‍රීවරු ගණනාවක්ම පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේදී  ප්‍රශ්න කළහ.



අදහස් (2)

පාර්ලිමේන්තු අයිටී අංශයේ නිලධාරිනියකට අවවාද ලිපියක්

ජනිත Saturday, 13 September 2025 03:21 AM

මට පේන්නේ මෙතැන තියෙන්නේ පරිපාලන ප්‍රශ්න බවයි. බොහෝ තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියාවල එම ගැටලුව තිබේ.

:       0       2

sam Saturday, 13 September 2025 05:29 PM

ආණ්ඩුවේ වැඩකරන කාලකණ්ණි ශුවර් එකට මෙලෝවැඩක් බැහැ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site