පුවත්පත් මණ්ඩලයේ නියමුවෝ පත් වෙති ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිවරයෙක් සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් පත් කරනු ලැබ සිටිති. 02 April 2025
රක්ෂණ අනතුරු වන්දියෙන් මගඩියක් ඇතැම් රක්ෂණ සමාගම් හදිසි අනතුරු රක්ෂණ වන්දි නියම තක්සේරු වටිනාකමට ගලපා ලබාදීම පැහැර හරින තත්වයක් පවතින බව රක්ෂණ ප්‍රතිලාභීහු රජයට පෙන්වා දෙති. 02 April 2025
ඇඹිලිපිටිය ප්‍රා.ස.හිටපු නිලධාරීන් පිරිසක් රිමාන්ඩ් සබරගමු පළාත් සභාවට අදාල ව්‍යාපෘති 77 කට අදාලව රුපියල් 71,645,226.32 ක සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිධාරීන් කිහිප දෙනකු මේ මස 08දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මහතා නියෝග කළේය. 02 April 2025
දේශබන්දු ඉවත් කරන යෝජනාව අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වන යෝජනාව අප්‍රේල් 8 වැනිදා සම්මත කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 02 April 2025
සහල් රටින් ගේන්න ආහාර කමිටුව නිර්දේශ කරයි පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ. 02 April 2025
කෝටිපති නිවසට පැන රන්බඩු සොරගත් අයෙක් මාට්ටු දෙහිවල කළුබෝවිල ශ්‍රී වන රතන පාර කෝටිපති ව්‍යාපාරික නිවසකින් රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයකට අධික වටිනා රන් ආභරණ සොරාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 02 April 2025
’’බස් ගාස්තු ජූලි ඉහළ යනවා’’ බස් ගාස්තු ලබන ජූනි මාසයේ අනිවාර්යෙන්ම සැලකිය යුතු ගණනකින් ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බාස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (2) පෙරවරුවේ පැවසීය. 02 April 2025
අවුරුදු දෙකේ දරුවා බසයට බිලි ලංගම බසයකට යටවී අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවෙකු අද (02) මියගොස් ඇති බව කළුතර පොලිසිය පවසයි. 02 April 2025
එස් එම් රංජිත්ට වසර 16ක සිර දඬුවමක් උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් .එම් රංජිත් මහතාට සහ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රෙස්නට වසර 16ක බරපතල වැඩ සහිතව සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු අධිත්‍ය පටබැඳිගේ මහතා අද(02) නියම කළේය. 02 April 2025
බසයට හානි කළ සෙබළා අත්අඩංගුවට බණ්ඩාරවෙලදී ලංගම බස් රථයකට පහර දී අලාභ හානී සිදු කිරීම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 02 April 2025
සිහි මූර්ජා වී සිටි කත ළඟ උණ්ඩ-ගිනි අවි වත්තල හේකිත්ත පාරේ කාමර කුලියට ලබාදෙන නවාතැන්පොළක නාන කාමරයක් තුළ සිහි මුර්ජා වී වැටී සිටි කාන්තාවක් සිහිගන්වා පරික්ෂාකර ප්‍රශ්න කිරීමේදී විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු ඇයට ලබා දුන් ටි 56 වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ තොගයක් සහ අයිස්මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවූ බව වත්තල පොලිසිය කියයි. 02 April 2025
පළාත් කීපයකට මිලි මීටර් සියය ඉක්ම වූ තද වැසි දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 02 April 2025
මැතිවරණ වැඩ අනිද්දා තෙක් වළක්වන නියෝගයක් කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට අදාළව මැතිවරණය පැවැත්විමේ කටයුතු ඉදිරියට කරගෙන යෑමෙන් 03 වැනි දින තෙක් වළකින ලෙස දැනුම් දෙන්නැයි අභියාචනාධිකරණය අදාළ තේරීම් භාර නිලධාරීන්ට අද නියෝග කළේය. 01 April 2025
ඇල්ලේ නායයෑමෙන් රථවාහන ධාවනයට බාධා ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . 01 April 2025
අකිල එජාප උප නායක ධූරයට එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ. 01 April 2025
ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක් අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංවර්ධන පනත උල්ලංඝනය කරමින් බව උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ සභාපති පී බී දිසානායක මහතා පැවසීය. 01 April 2025
ඉන්ධන ලොරිය වෙළට පෙරළේ කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි තිබූ ඉන්ධන විශාල ප්‍රමාණයක් වෙල්යායට මුසු වී ඇතැයි මනම්පිටිය පොලිසිය කියයි. 01 April 2025
අඩුවට කෑම දෙන ආණ්ඩුවේ හෝටලේ ඇරැඹෙයි ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැලැස්ස” ආපන ශාලාවේදී අද අරැඹිණි. 01 April 2025
ගුරුවරයාගේ පහරකෑමෙන් සිසුවා රෝහලේ ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. 01 April 2025
තරුණ අමාත්‍යාංශයෙන් ඇඹිලිපිටියට තෑග්ගක් ජාතික තරුණ සේවා සභාව හරහා ස්ථාපිත කෙරෙන බහුවිධ මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ එක් මධ්‍යස්ථානයක් ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීමට යෝජනා වී ඇතැයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර මහතා පැවසීය. 01 April 2025
මැතිවරණ පෙත්සම් 3 දක්වා කල් යයි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ‘‘ජන අරගල සංවිධානය’ ‘ස්වාධීන කණ්ඩායම්’ 40ක් ගොනුකොට ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම 03 වැනි දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. 01 April 2025
කෝටි 25ක මැණික් මල්ලක් හොර පාරේ ගිහින් රාජසන්තක කරන ලද කෝටි 25ක මැණික් මල්ලක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමතියකින් තොරව අවම දඩ මුදලක් යටතේ නීති විරොධීව මුදා හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 01 April 2025
නුවරඑළිය මහා මංගල්‍ය ඇරැඹෙයි නුවරඑළිය අප්‍රේල් වසන්ත සැණකෙළි මාලාවේ ආරම්භය සනිටුහන් කිරිම නුවරඑළිය නගර මධ්‍යයයේ දී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්. අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවත්ශ්‍රියෙන් අද (1) සිදු කෙරිණි. 01 April 2025
පාර්ලිමේන්තුවේ මුලසුනට එන අයට එංගලන්තෙන් පාඩමක් ප්රජාතන්ත්රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) විසින් සංවිධානය කරන ලද කථානායකවරයා ඇතුළු මුලසුන දැරීම සඳහා නම් කරන ලද මන්ත්‍රීවරයන්ට (සභාපති නාමාවලියේ සඳහන් මන්ත්‍රීවරයන්ට) අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩමුළුවක් පැවැත්විණි. 01 April 2025
ප්‍රවාහන ක්ෂේත්රයේ ගැටලු විසඳන්න අනුකාරක සභා 03ක් ප්‍රවාහන ක්ෂේත්රයේ ගැටලු විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට වග කියනු ලබන අනුකාරක සභා තුනක් ස්ථාපිත කර තිබේ. 01 April 2025
අයි.එම්.එෆ්. කොන්දේසි නිසා ඉන්ධන මිල අඩුකරන්න බෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) කොන්දේසි ක්‍රියාත්මක වෙමින්තිබීම නිසා ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි යැයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය. 01 April 2025
පිළිකා නිසා වසරකට 19000ක් මිය යති ජාතික හා අන්තර්ජාතික සහයෝගය ද ලබා ගනිමින් පිළිකා රෝගය ව්‍යාප්තිය පාලනය හා වැලැක්වීමට රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 01 April 2025
පොල්-කිතුල්-තල් මදින අයට රක්ෂණයක් කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත පිරිස් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. 01 April 2025
කිලිනොච්චියේ විරෝධයක් කිලිනොච්චිය මුලන්කාවිල් ප්‍රථමික පාසලක ඉගෙනුම ලබන සිසුන්ගේ මවුපියෝ පිරිසක් අද විරෝධතාවයක නිරත වූහ. 01 April 2025
චාමරට ගෙදර කෑම දෙනවාද? තීරණය මේ සතියේ හිටපු රාජ්‍ය අමාත්‍ය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට නිවෙසින් කෑම ගෙන ඒමට අවසර දෙනවා දැයි මේ සතියේදී තීරණය කිරීමට නියමිතය. 01 April 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026