IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මෛත්‍රී දින දෙකක් ඇතුලත ගෙදරින් යයි

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  ඔහු ජීවත් වූ කොළඹ 7 හෙක්ටර්  කොබ්බෑකඩුව මාවතේ රජයේ නිවසින් ඉදිරි දින දෙක ඇතුළත නික්ම යන බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක්  පැවසීය.

2015 ජනවාරි 9  සිට 2019 නොවැම්බර් 18 දක්වා ශ්‍රී ලංකාවේ හය වැනි විධායක  ජනාධිපතිවරයා ලෙස සේවය කළ මෛත්‍රිපාල සිරිසේන මහතා මුලින් කොළඹ මහගමසේකර මාවතේ නිල නිවසක ජීවත් වූ අතර අධිකරණ නියෝගයක් අනුව එම නිවසින් ඉවත් වීමට සිදුවිය.

රජය මෛත්‍රිපාල සිරිසේන මහතාට කොබ්බෑකඩුව මාවතේ පිහිටි රජයේ නිවස ලබා දුන්නේ ඉන් අනතුරුවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11)විජේරාම  නිවසින් ඉවත්ව ගිය අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවෙසින් ඉවත් වීමට මාස දෙකක පමණ කාලයක් ඉල්ලා ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කළ එම ඉල්ලීමට රජය පාර්ශවයෙන් විරෝධයක් එල්ල නොවනු ඇතැයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඉකුත් 10 වැනිදා සම්මත වීමත් සමග ඔවුනට රජයෙන් ලබා දී තිබූ නිවාස, ලේකම් දීමනා,කාර්යාල ආධාර, නිල වාහන, ඇතුළු සියලු වරප්‍රසාද අහිමි විය.

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  විධිවිධාන අනුව ලැබෙන්නක් හෙයින් ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනත ඒ සඳහා බල පැවැත්වෙන්නේ නැත. හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව කැබිනට් තීරණයක් අනුව ලැබෙන හෙයින් නව පනත සම්මත වීම හිටපු ජනපතිවරුන්ගේ ආරක්‍ෂාව ලබාදීම සම්බන්ධයෙන් බලපෑමක් එල්ල නොකෙරෙයි.



අදහස් (3)

මෛත්‍රී දින දෙකක් ඇතුලත ගෙදරින් යයි

fairoos Saturday, 13 September 2025 12:43 PM

ඉතාම හොද රට බංකොළොත් වෙන්න මෙයත් වග කියන්න ඕන කෙනෙක්..

:       0       14

ගමේ එකාලා Saturday, 13 September 2025 01:48 PM

යන්න තැන් ද නැත්තේ? හාල් මාෆියා කාරයා නිවසක්. හෝටල් කාමරයක් හරි දෙයිනේ?..

:       1       15

Nandalal DE SILVA - France Saturday, 13 September 2025 09:37 PM

අයියෝ, ඕකත් හිටන් හුටන්ට ලොකු දෙයක්ද? පොලොන්නරුවේ, වැව ඉස්මත්තේ තිබෙන ප්‍රකෝටිපති ඩඩ්ලි සහෝගේ... සුදු අරලිය හෝටලයේ, ලක්ෂරි තට්ටුවක්ම එයාට දීලා තිබෙනවලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 599 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site