(විනීතා එම්. ගමගේ)
සයිටම් විරෝධයෙන් ඇතිවූ අර්බුද තවම අවසන් නැත. සයිටම් ඕනැද එපා ද යන්න තවමත් තීරණය කර ගත නොහැකි වී සිටින පාලකයින් ඉදිරියේ මේ වනවිට රට මුහුණ පා සිටින අර්බුද රැසකි. එහෙත් ඒවා ගැන යොමුවන අවධානය ඉතාමත් අල්ප වී ඇත්තේ සයිටම් අර්බුදයේ පෙනෙන පැත්ත දෙස පමණක් සියලූ අංශ බලන හෙයිනි.
සයිටම් වෛද්‍ය උපාධිය වහා තහනම් කරන්නැයි බල කරමින් මෙරට සියලූම වෛද්‍ය පීඨවල සිසුන් වර්ජනය ආරම්භ කරන ලද්දේ ඉකුත් පෙබරවාරි දෙවැනිදාය. ජනවාරි පළමුවැනිදා රාගම වෛද්‍ය පීඨ සිසුන් වර්ජනය ආරම්භ කළ අතර පෙබරවාරි දෙවැනිදා වනවිට වෛද්‍ය පීඨ අටෙහිම සිසුන් අඛණ්ඩ පන්ති වර්ජනයකට එළැඹ තිබුණි.
මේ අනුව මාස 8 කට ආසන්න කාලයක් වෛද්‍ය පීඨ අකර්මණ්‍යව පවතී. මේ සිසුන් ගේ පන්ති වර්ජනය ගැන එම පීඨවල ගුරුවරු අකමැත්තේන් පසුවන නමුත් ඔවුන් පවා සිටින්නේ සයිටම් විරොධී අරගලයේය.
දැනට වෛද්‍ය පීඨ ඇතුළේ සිටින අවසාන වසර සිසුන් පිටවීමට නියමිත 2018 නොවැම්බර් මාසයේ දීය. ඒ අනුව ඔවුන් සීමාවාසික පත්වීම් ලැබීමට නියමිත ලබන නොවැම්බරයේ දීය. එහෙත් ඔවුන්ට එම කාලයේ දී සීමා වාසික පත්වීම් ලැබීමට අවස්ථාව නොලැබෙනු ඇත. අද වර්ජනය අවසන් වුව හොත් එය තවත් වසරකින් පමණ කල් යනු ඇත.
රෝහල් වාට්ටුවල දිගටම රැඳෙමින් රෝගීන් පිළිබ`ද වැඩි අවධානය යොමුකරන පිරිස සීමාවාසික පත්වීම් ලබන වෛද්‍යවරුවේ. රෝගියෙකු මුලින්ම බලන්නේ ඔවුන්ය. රෝගී සත්කාරක සේවා ඇරඹෙන්නේ ඔවුන්ගෙනි.
එසේ නම් මේ පිරිස අවුරුද්දකින් පමා වන්නේ නම් එම කාලය සේවය කරන්නේ කවුද? එක්කෝ ඉන්නා පිරිස තවත් කාලයක් තම සීමාවාසික පත්වීමේ ම සිටිය යුතුය. නැත්නම් සීමාවාසික වෛද්‍යවරු නැතිව වාට්ටු පවත්වා ගෙන යායුතුය.
වෛද්‍ය පීඨවලට අවසන් වරට බ`දවා ගත්තේ 2015 වසරේ උසස් පෙළ සමත් වූ සිසුන් වේ. ඔවුන් ගේ පාඨමාලා ආරම්භ වී මාස දෙකකින් වර්ජනය ඇරඹිණි. නමුත් සැබැවින්ම මේ වනවිට 2016 උසස් පෙළ සිසුන් ද බ`දවා ගෙන තිබිය යුතුය. ඔවුන් නිවෙස්වල සිටිද්දී 2017 වසරේ උසස් පෙළ විබාගය ද අවසන් වී තිබේ. පවතින තත්ත්වය යටතේ වසර දෙකක සිසුන් විශ්ව විද්‍යාලයට ඇතුල් වීමට බලාගෙන සිටින්නට ඇති ඉඩකඩ බොහෝය. මේ නිසා ඇතිවිය හැකි අර්බුද බොහෝය.
සාමාන්‍යයෙන් වෛද්‍ය සිසුවෙකු විශ්ව විද්‍යාලයේ ගත කරන කාලය වසර පහකි. නමුත් මේ පවතින තත්ත්වය යටතේ අද ප‍්‍රශ්නය විස`දුණත් මේ සිසුන්ට වසර හතක්වත් විශ්ව විද්‍යාලයේ සිටින්නට සිදුවනු ඇත.
තෙවන වතාවේ උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයට ගිය සිසුවෙකු ගැන හිතන්න. එවිට ඔහු වෛද්‍ය පීඨයෙන් පිටවන විට වයස අවුරුදු 30 ක් ගෙවී තිබෙනු ඇත.
එවිට ඔහුට හෝ ඇයට අවුරුදු 30 පසුවන තුරුත් යැපෙන්නට සිදුවන්නේ මවිපියන්ගෙනි. විවාහයේ සිට අනාගත ප‍්‍රශ්න රැුසකට මුහුණ දෙන්නට ද ඔවුන්ට සිදුවනු ඇත. ඒ සිසුන්ගේ පැත්තෙනි.
අද මාධ්‍යයේ කථා බහට ලක්ව සිටින දින 12 දරුවා අනුරාධපුර සායනයක් ළඟ අතහැර ගිය වෛද්‍ය ශිෂ්‍යාව ගැන සිතා බලන්න. වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු දිගටම සිදුවූයේ නම් මෙවැනි තත්ත්වයක් ඇයට උදා නොවනු ඇතැයි කිවහොත් එය නිවැරදි නොවේද? වසරකට ආසන්න කාලයක් අධ්‍යයන කටයුතු අතහැර අයාලේ යන්නට සිදුවූ තාරුණ්‍යය මුහුණ දුන් ඒ සිදුවීම මේ ඛේදවාචකයේ එක පැත්තක් පමණකි.
මේ අනුව සයිටම් සම්බන්ධ බරපතලම ප‍්‍රශ්නය වන්නේ සයිටම් ඕනැද එපාද යන්න නොව සයිටම් නිසා ඇතිවන ඒ වටා වූ ප‍්‍රශ්න වැලයි. සයිටම් අර්බුදයට පිළිතුරු සොයනවා මෙන්ම ඒ වටා ඇති ප‍්‍රශ්නවලටද පිළිතුරු සෙවීම බලධාරින් ඉදිරියේ ඇති අභියෝගයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සයිටම් එපා එය විනාශකර දමන්න, යනුවෙන් මොරදෙන අයට ඔහොමවෙලා මදි. හිත්වල තියන කුහකකම් හා ඔවුන්ගේ මනස තුල පවතින උන්මන්තක සිතුවිලි මුදුන්පත් කර ගැනීමට වෙහෙසෙමින් අනුන්ට වල කැපීමට ක්‍රියාකරන මොවුන්ට අන් කවර නම්, ප්‍රතිවිපාකයක් ලැබෙයිද? කිසියම් ආයතනයක ප්‍රමිතිය අඩු නම්, එය රජයේද උදව් ඇතිව ප්‍රමිතිගතකර අපේ රටේ සුදුසුකම් ඇති සිසුන්ට වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අවස්තාව ලබාදෙනු විනා, එය විනාශකර දැමීමට හීන මවමින් සිටින අයට විනාශයක ආදීනව අත්විඳීමට සිදුවෙනවා මිස, අන් කවර නම්, ප්‍රතිපලයක් අත් විඳීමට ලැබිය හැකිවේද? සයිටම් ආයතනයේ පමණක් නොව කොතලාවල වෛද්‍ය පීඨයේ පවා ශ්‍රී ලාංකික සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට ඇති අයිතිය අහුරා තිබෙන්නේ කුමන හේතුවක් මතද යන්න කාට පිළිතුරු දිය හැකිද? පිටරට සිසුන්ට කොතලාවල වෛද්‍ය පීඨය තුල හදාරන වෛද්‍ය අධ්‍යාපනය, ලාංකික දරුවන්ට නැත්තේ, කුමන පදනමක් මතද? මනුසතුන් වෙනුවට සිව්පාවන් රජකරන මේ පාරාදීසයට වෛද්‍යවරු වෙනුවට පශු වෛද්‍යවරු බිහිකිරීමට අවශ්‍ය යයි මාගේ හැගීමයි.
ශ්රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් විදෙස් වෛද්‍ය විද්‍යාල වල උපාධිය නිම කර ඇවිත් ERPM විභාගට පෙනී සිටින ශිෂ්‍යයන්ට අත් වී ඇති ඉරණම කුමක්ද? පසුගිය මැයි මස පැවැත්වීමට නියමිතව තිබූ ERPM විභාගය එයට සති දෙකකට පමණ කලින් දින නියමයක් නොමැතිව වෛද්‍ය සභාව කල් දැම්මේ විභාග කටයුතු වලට සම්බන්ධ වූ ආචාර්යවරුන් GMOA මුලිකත්වයෙන් විභාග කටයුතු වලින් ඉවත් වීම නිසයි. 800 කට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් මේ නිසා අගතියට පත් වී සිටිනවා. රජයේ වෛද්‍ය ශිෂ්‍යයන්ට සහ සයිටම් ශිෂ්‍යයන්ට ඔවුනොවුන්ගේ ප්‍රශ්ණ වලට හඬ නැගීමට ඕනෑතරම් පාර්ශව සිටියත් හඬක් නොමැති ERPM සිසුන්ට සිදුවී තිබෙන්නේ මේ ප්‍රශ්න විසඳෙනකන් බලාගෙන සිටීමටයි.
සයිටම් විසදුමට පෙර ඒ ගැටලුව මෙපමන ගැඹුරට ගියේ ඇයි යන්න ගැන අදහසක් ඇති විය යුතුය. දොස්තර සංගමය ගැන ඇත්තේ සාංකාකූළ තත්වයකි,ඔවුන් මහා බළපරාක්‍රමයෙන් කතා කළද කඩින් කඩ දිනකට වඩා වෘත්තීය ක්‍රියාමාර්ග නොගත්තේය. ඊටත් අමතරව ඔවුන් වෛද්‍ය සිසුන් දැඩි තෙරපුමකින් වර්ජනයේ යෙදු අතර, අතර මැද පංති පැමිනි අය බලපෑමෙන් නවතා ගැනීමටද කටයුතු යෙදින,නමුත් කිසිම විටක අවම වශයෙන් ජේෂ්ඨ සාමාජිකයන්වත් චැනල් වලින් ඉවත් කරගැනීම වැනි තමන්ට අතින් පාඩු වෙන යෝජනාවක් ඉදිරිපත් නොවීය එවැනි කරුනු වලින් ගම්‍ය වූයේ මේ කටයුත්ත ශිෂ්‍ය ජනයාගෙන්ම සිදුකර ගැනීමට උත්සාහ කරන බවයි,එය තවත් තහවුරු කරමි්න් අද මාරාන්තික උපවාසයකට සූදානමක් ගැන සදහන් වූ අතර එයද ශිෂ්‍යයින්ගේ දෙමවුපියන් ය,පොලොන්නරුවෙන් ඇසුනු ඒ අවාසනාවන්ත සිදුවීමටද මේ තත්වය හේතුවී ඇත.
අපිටනම් ප්‍රශ්නයක් තියනවා කියල පෙන්නේ නැහැනේ, පාර්ලිමේන්තුව රැස්වෙනවා, කැබිනට් එක රැස්වෙනවා, ජනාධිපතිතුමා, අගමැතිතුමා ඉන්නවා
මම නම් මෙය දකින්නේ සියලු බලවේග වල ( සිසු සංගම් , වෘත්තිය සංගම් . පෙරටුගාමී සංවිධාන, ජ.වී.පෙ වෛද්‍ය සංගම්) සරසවි සිසුන් ඉත්තන් කරගෙන. ඒ සරසවි සිසුන්ට පේන්නේ තමන්ගේ ජීවිත ගලවගන්න අපු විරෝදාර පුරුෂයන් හැටියට. මේ බලවේග වල සබෑ ස්වරුපය තේරෙන්නේ තවත් වසර දහයක් ගිය පසු. සරසවි වලට තේරුණු ළමයි විෂය දැනුම අතින් දක්ෂ ළමයි. පුළුවන් කමක් තිබෙනවානම් බටහිර රටවල් ඕස්ලිට්‍රේලියාව,එංගලන්තය , ඇමරිකාව වගේ රටවල සරසවි වලට ඉල්ලුම් කරන්න, පළවෙනි වසරට අවශ්‍ය මුදල් සොයා ගතහොත් පසුව පාඨමාලාවට ඕන මුදල් පොඩි රැකියා කරලා ගෙවාගන්න පුලුවන් හැබැයි පුතෝ පට්ට කට්ටක් කන්න වෙනවා. නවක වදය වැනි පිස්සු වැඩ නැහැ . හොදට පස් උනොත් විභාග යම් යම් සහනයන් සරසවියෙන් ලබා ගන්න පුළුවන්. රක්ෂාවක් ගන්න පුළුවන් ගොඩේ ගොඩ තමයි. හොද අධිෂ්ඨාන ධෛර්ය තියෙන්න ඕන.මානය, තරහ පළිගැනීම දිනුම් දිනුම් යටතේ සයිටම් ප්‍රශ්නය කවදාවත් විසදන්න නොහැක. විශාල හානියක් වන්නේ සිසුන්ටයි. හිතන්න! ලංකාදීප පුවත් පතට ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන අවස්ථාවක් දුන්නට. (අත්දැකීම් ලැබුවෙක් )
මගේ අනුව මෙය ප්‍රයෝගික විසදුමකි 1. සයිටම් වහාම රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය කලා මෙන් ජනසතු කරන්න. 2. සයිටම් එකේ දැනට සිටින සියලුම සිසුන් කොළඹ හෝ කොතලාවල විශ්ව විද්‍යාල වලට අනුබද්ධ කරන්න. 3. සියලුම රජයේ සහ සයිටම් සිසුන් පන්තිවලට යවන්න. 4. සියලුම stake holders අනුමත පෞද්ගලික වෛද්‍ය පහසුකම් අනිවාර්යයෙන්ම රටට ඇතිකලයුතු බව. 5. ඉදිරියේදී පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා නිසි කාල රාමුවක් තුල අවශ්‍ය නීති සැදිමට සියලු දෙනා එකඟ වෙන්න.
සයිටම් එක රජයට ගත්තොත් මෙතරම් දක්ෂ ආචාර්යවරු මේ සිසුන්ට උගන්වන්න එන්නේ නැහැ. ඔවුන් එන්නේ ඔවුන්ට හොඳට ගෙවීම කරන නිසායි. හොඳට විභාගය සමත් වුණ රජයේ වෛද්‍ය විද්‍යාලවලට යන්න බැරිවුණා. ජාත්‍යන්තර පාසල්වල ඉගෙනගන්න, වෙදෙස් වලට යන්න අකමැති දරුවන්ට මොකද කරන්නේ? රජය ඉක්මණින් මේ ප්‍රශ්නය විසඳන්න ඕනේ. වර්ජනයේ ඉන්න දරුවන් පන්ති වලට යන්න කැමතියි. අන්ත වාමාංශිකයින් තමා බලෙන් යන්න දෙන්නේ නැත්තේ. අවරුදු 6ක් විභාගය පාස්වෙන්න බැරි අය තමයි මේක මෙහෙයවන්නේ. මේ ප්‍රශ්නයේ දී ආණ්ඩුව පස්සට ගියොත්, මේ අය හෙට කියාවි, ආණ්ඩුව විසුරුවන්න කියලා. මේ ප්‍රශ්නයේදී මහින්ද මහත්තයා ඉන්න තැන දැන් හැමෝම දන්නවා. මේ දෙමව්පියන්ගෙන් කවදාවත් ඡන්දයක් නම් ලැබෙන්නේ නැහැ.
ලබා ගැනීමේ අරමුණින් අටවා ගත් සයිටම් වැනි කිසිම ප්‍රමිතියක් නැති ආයතන වහා අහෝසි කල යුතුයි. වැඩ තුනට ලකුණු 50 ගන්න බැරි අය කොහොමද රෝග ලක්ෂණ වලින් ලෙඩක් හඳුනා ගෙන බෙහෙත් කරන්නේ?
බද්‍රානිගේ අදහස් දැක භූමිතෙල් ගෑවුනා සේ කුපිත වූ ගැරඬියෙක් බුද්ධිමත් සංවාද මණ්ඩපයක හැව ඇර තිබෙනවා... දුටු විට මට නම්, කියන්න තිබෙන්නේ, මෙවැනි ගැරඬින්ට පශු වෛද්‍යවරුන්ගේ බෙහෙත් වත් ප්‍රයෝජනවත් නොවන බවයි.
අල්විස් මහත්තයා ඒ සැඟවිලා කළ ශබ්දය මගේ සවනට නුහුරුම ශබ්දයක් නොවේ.. සඳ පායන දිනට, නිවෙස් වල ඇතිකරන සුරතල් සුනඛයින් හා ගම්මානයෙන් මඳක් ඔබ්බට වන්නට තිබෙන ඝන කැලෑවෙනුත් ඇසෙන ශබ්දයට ඒ හඬ සමානකමක් තිබෙනවා. කෙසේ වෙතත් පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන ඉතා ගැඹුරු සංවාද මිස එවැනි සවනට මිහිරි හෝ අමිහිරි නාද පලක් නොවන බව ඔබතුමා අවබෝධකර ගත්තොත් ඒක මේ රටේ අනාගත පරම්පරාවට යහපත් වෙයි.
ඇත්තෙන්ම මේ ලිපිය හරිහැටි කියෙව්වානම් තේරෙනවා අප රටේ උසස් අධ්‍යාපනයට අත්වී ඇති ඛේදවාචකය. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලය තුලදී ඇතිකළ මෙම ආයතනය රටේ අවශ්‍යතාවය මත ආරම්භවුවක්. එය ප්‍රමිතිගතව ඉදිරියට කරගෙන යනවාද, නොඑසේනම්, එය වසා දමනවාද කියා තීරණය කල යුත්තේ. රටේ පවතින රජය හා ඒ ක්‍ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීනුත් පමණයි. එකිනෙකාගේ පටු සංකල්ප හා පටු දේශපාලන පරමාර්ථ මුදුන්පත් කර ගැනීමට මෙම ආයතනය දඩමීමා කර ගැනීම විශාල ව්‍යසනයක්. නමුත්, ජන්මයෙන් පෙරහරේ හා රැලේ යාමට රුචියක් දක්වන ලාංකිකයා මේ කරන රුකඩ රංගනයේ ප්‍රතිපල දැනටමත් සමාජය මත පතිතවී හමාරයි. නිතර වෙනස් වන ලෝකයට අනුව, වැරදි නිවැරදි කර ගනිමින් රටක් ලෙස ඉදිරියට යනවාද? එසේ නොමැතිනම්, වානර සංකල්ප මුල්කරගෙන ආපස්සට යනවාද යන්න මත ගනු ලබන තීරණය අනුව මේ රටේ අනාගතය තීරණය වෙයි. මෙම පෙරහරේ යන කසකාරයින්ට රටේ පවතින, අනෙකුත් පෞද්ගලික විශ්වවිද්‍යාල, මෙන්ම රෝගීන්ගෙන් මුදල් ගසාකන චැනල් කඩ හා නිසි ප්‍රමිතියක් නොමැති පෞද්ගලික රෝහල් නොපෙනී තිබෙන්නේ, පෙරහරේ ගමන් කරන චුන් එකට දැයි අපට හැගෙයි.
උතුරේ ද්‍රවිඩ සිසුන් වගේම නැගෙනහිර හා දකුණේ මුස්ලිම් සිසුන් හොඳට ඉගෙන ගන්නවා,. ඒ නිසා මේ රටේ අනාගතය ගැන කවුරුවත් බියවිය යුතු නැහැ. නැට්ටට ගිනි තබාගෙන කුලප්පුවෙලා දුවන නරින්ට ළඟදීම බෙහෙත් විතරක් නෙමේ, ඉන්ජක්ෂනුත් ලැබෙයි කුහක ලෙඩේ සනීපෙට, සුව වෙන්නම.
මේ ප්‍රශ්නයට නීතියෙන් විසදුමක් ලබදෙන්ඩ කියල ඉල්ලලා තියෙනවනම් රජයට මැදට පැනල විසදුමක් දෙන්ඩ බැහැනේ. රජය කියන්නේ උසාවිය නෙවෙයිනෙ. ජනාදිපතිට වත් අගමැතිට වත් නිතියට පිටින් කිසිමදෙයක් කරන්ඩ බැහැ.
කසුන් කියනවා වගේ සයිටම් ජනසතු කරලා තවත් රජයේ වෛද්‍ය විද්‍යාල හදන්න කිව්වට ඒවා නඩත්තු කරන්නේ කසුන්ගේ පෞද්ගලික බුදලයෙන්ද ? ඔය හැම රජයේ විශ්ව විද්‍යාලයක්ම නඩත්තු කරන්න වෙන්නේ මහජනයාගේ බදු සල්ලි වලින් . හැම වසරකම අ .පො .ස උසස් පෙළ සමත් වෙන ඔක්කොටම රජයේ විශ්ව විද්‍යාල දුන්න හැකිද? දැනට ආරම්භ කර ඇති රජයේ විශ්ව විද්‍යාල හොඳින් නඩත්තු කල යුතුය. මම නම් කියන්නේ හොඳ ප්‍රමිතියක් ඇතුව පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කල යුතුය. සයිටම් විශ්ව විද්‍යාලයේද ප්‍රමිතිය නිසි පරිදි සකස් කල යුතුය.
සියලුම බලධාරීන්ගෙන් මා කාරුණිකව ඉල්ලා සිටින්නේ, එක්කෝ සයිටම් වහන්න, එහෙම නැත්නම් රාජසන්තක කරන්න, නැත්නම් මෙහෙමම පවත්වාගෙන යන්න, මොන දෙයක් කරලා හරි මේ අහිංසක ළමයින්ගේ අධ්‍යාපන කටයුතු හැකි ඉක්මනින් පටන්ගන්න. මේ ළමයි ලංකාවේ අනාගතයයි, කරුණාකර එය සමග සෙල්ලම් නොකරන්න.
වෛද්‍ය විද්‍යාල වර්ජනය ආරම්භ වුණේම සරල රුවටීමකුත් සමගයි. ටෝකන් වර්ජනයක් කියලා පටන්ගත් වර්ජනය මාස 2,3 වගේ ඇදිලා දැන් මාස9ක්. ලංකාව පුරාම තියෙන වෛද්‍ය විද්‍යාල7ක් විතරම මේ අනවරත වර්ජනයේ දිගටම හිටියා නමුත් කාලය අනවශ්‍ය ලෙස දුර ගියා ඇත්තටම සිසුන් දැරිය නොහැකි තරම් දුරකට, මම නිතරම ...එකේ කියෙව් දෙයක් තමයි වෛද්‍ය සංගමය මීට වඩා යමක් කළයුතු බව, ඔවුන් ඉතා පහසුවෙන් චැනල් නවතා ඒ මගින් ජනතා අවධාරණය ළබාගන්න තිබුනා නමුත් එවැනි යෝජනාවක් වත් එහෙන් ආවේ නෑ... ඒක අඩුපාඩුවක් දෙමව්පියන්ගෙන් අපහසුවෙන් යැපෙන සිසුන් වෙනුවෙන් අරමුදලක අවශ්‍යතාවක් තිබුණත් එවැන්නක් දැනුවත්ව වුණේ නෑ. සිසුන් ටික දෙනෙකු ක්ලිනිකල් පටන්ගත්තත් එය අනියමින් නවතා දැමීමත් .... ඒකේ වැඩක්. දැන් වෛද්‍ය ශිෂ්‍යාවගේ ගැටළුව, මෙය අස්වාභාවික දෙයක් නොවේ ඇය දිගටම අධ්‍යාපනයේ යෙදුනේ නම් මේ කාරණාවට මැදි වීමේ ශක්‍යතාවය ඉතා අඩුයි. එබැවින් මෙහිදී ඇයව තනි නොකිරීමට සංගමය කටයුතු කිරීම අවශ්‍යය. දැන් සිසුන් ගේ දෙමව්පියන් මෙයට එකතු කරගන්න හදන්නේ ඇයි? ඔවුන් සිසුන් ගේ මව්පියන් වුවත් මේ ප්‍රශ්නයට පරිභාහිර අයයි... අනික මාරාන්තික එකක්...
විකුම් රංගන රටේ අනාගතය ඔබ ලියා තිබෙනවා. මෙතන ඔය කවුරු ලොකු කතා කීවත් රටේ ඉරණම තමයි ඔබ ඔය ලියා තිබෙන්නේ. රටේ මුග්ද මහලුන්ට නොතේරෙන පැතිකඩක් ඔබ දැක තිබෙනවා. මොන හේතුවකට අකුල් හෙලුවත් රටේ තරුණ පරපුරේ අධ්‍යාපනයට අකුල් හෙලා ඔවුන්ව පිටරටට පිටමන් කිරීමට වලිකන එවුන්ට අත්වෙන ඉරණමේ අනාවැකිය ඔබ දැක තිබෙනවා. සාත්තර කාරයින්ගේ නිජ භුමියේ වලපල්ල වැඩි ඈතක නැහැ. දැනටමත් අධ්‍යාපනය සඳහා අමනයින්ගේ රටෙන් පිටව ඉන්නා සහෝදර සහෝදරයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ. ඒ රටවල වෙසෙන උතුම් මිනිසුන්ගේ සංස්කෘතියට හුරුවෙන්න. ඔවුන්ට ඔබේ දැනුම හා සේවය ලබා දෙන්න. මුර්ගයින්ගෙන් වෙන්වී මනුෂ්‍යයින් සමග ජීවත් වීමට හුරු වන්න. දුක් මහන්සිවී පිටරටක ඉගෙනගෙන බල්ලන්ගේ රටක මනුස්සයෙකු ලෙස ජීවත් වෙනවාට වඩා මනුස්සයෙයින්ගේ රටක බල්ලෙකු ලෙස (බල්ලන්ගේ රටේ ඉපදුනු පවට) ජීවත් වීම පහසු බව තේරුම් ගන්න.
රටේ සිදුවන සෑම සිදුවීමකටම වග කිව යුත්තේ ඒ රටේ ජීවත් වන ජනතාවයි. දැන් සමහරු උන්ට හොඳ වැඩේ කියනවා නේද? බලන්න එහෙම ජනතාවක් ඉන්න රටකට මේවගේ ප්‍රති පල තමයි අයිති වෙන්නේ. දොස්තරවරු නතු වුනොත් ජනතාවටමයි අාපහු කරදරේ. කෙටියෙන්ම කීවොත් මුග්ද ජනතාවක් ඉන්න රටක් සැමදාම යන්නේ වලපල්ලටමයි. පුළුවන් පුළුවන් කට්ටිය ඔය කාලකන්නි මිනිස්සු ඉන්න රට දාල යන්න.( මම රටට කාලකන්නි යයි නොකියමි. රට ඉතා වසනා වන්ත රටකි. එහෙත් එකේ ඉන්නේ මහා අත්මර්තකමී , නිද්‍රාශීලී නිවට මිනිසුන් කොටසකි.)
වසර අටක් මහින්ද පාලනය යටතේ එතරම් ගැටළුවක් නොවූ සයිටම් මෙම රජය පැමිණි වහාම මහා අර්බුදයක් වන්නේ ඇයි? මේ පිටුපස තිබෙන දුෂ්ට දේශපාලනය තේරුම් ගන්න. මෙයට වෛද්‍ය සිසුන් ගොදුරු වී තිබෙනවා.
සයිටම් සම්පූර්ණයෙන් රජයට පවරා ගත යුතුයි. දැනට ඒකේ ඉගෙන ගන්න ළමයින්ට සුදුසුකම් බලා වෛද්‍යවරුන් වීමට ඉඩ ලබා දිය යුතුයි. දැනට අඩු ලකුණු ගනනකින් වෛද්‍ය විද්‍යාල අහිමි වෙන දරුවන්ට වෛද්‍ය වෘත්තිය ඇරඹීමෙන් පසු කොටස් වශයෙන් ගෙවිය හැකි වන සේ ගෙවීමේ ක්‍රමයකට සිසුන් ඇතුලත් කර ගත හැකි පූර්ණ රාජ්‍ය විශ්ව විද්‍යාල ඇරඹිය යුතුය. මේ ක්‍රමයෙන් සයිටම් ළමයින්ටත්, රජයේ අනිත් වෛද්‍ය සිසුන්ටත් යන දෙපිරිසටම සාධාරණයක් ඉටුවෙනු ඇත.
කවුරු මොනවා කිව්වත් දුක් විඳින්නේ සමාන්‍ය අසරණ ලෙඩ්ඩු. රජයෙන් ඉගෙන ගෙන රෝහල්වල බේත් කරන්නත් දොස්තරලා නැතුව යනවා. හැබැයි සල්ලි වලට ඕන තරම් බෙහෙත් ගත්තහැකි.. සල්ලි දීල මහන්සිවෙලා ඉගෙන ගත්ත අයටවත් රජයේ රෝහල්වල බෙහෙත් දෙන්න අවස්ථාවක් නෑ මේ අය නිසා. මම දකින්නේ ඉන්න දොස්තරල්ගේ තණ්හාව.
මේ අය සයිටම් වහන්න කියනවා. පුද්ගලික රෝහල් නම් අරින්න කියනවා. රෝහල් ඇරියේ නැතත් ගෙදර හරි ප්‍රයිවට් දා ගන්නවනේ.
ජනක් GMOA එක සයිටම් එකට විරුද්ධ වෙන්න හේතු ඇති.අපිටත් ඒකට විරුද්ධ වෙන්න හේතු තියෙනවා.ඒව GMOA හේතුම වෙන්න ඕන කියල දෙයක් නෑ.ඒවා මේ දැන් ඔයාට අහන්න ලැබුන එකට මට කරන්න දෙයක් නැත.මේ රටේ දුප්පත්,පොහොසත් භේදයක් නැතුව දක්ෂ,ලැබිය යුතු දරුවට ඒ තැන් ලබාදෙන්න උත්සහ කරන එකට සහය දක්වන එකට ඇහෙන වචනය කුහකය නම් සතුටින් මමත් ඒ නම භාරගන්නව.මොකද කව්රු කීවත් හෘදය සාක්ෂියට අනුව දුකක් නැත. පෞද්ගලික චැනල් නවත්තන්නයි කියල සටනක් පටන්ගන්නව නම් මමත් ඒකට මේ වගෙම සහය දක්වනවා.
රවිඳු කොච්චර කරත් නැට්ටෙන් කකුල අයින් කරගන්නම බෑ වගේ.මගේ වරදක්ද නැත්තං???ලියපු දෙය වැඩිය පැහැදිලි නැත.තව ටිකක් සරල කරල කියන්න පුළුවන් ද?