(ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද රක්ෂිතයේ දී සතුන් මරා නාඋල - අඹන ප‍්‍රදේශයේ දී අලවි කරන ජාවාරමක් ක‍්‍රියාත්මක වන බව අඹන ප‍්‍රදේශවාසිහු පවසති.
මොරගහකන්ද ජලාශයට යටවන රක්ෂිත ප‍්‍රදේශවල වර්ෂාවත් සමඟ නිදැල්ලේ හැසිරෙන වන සතුන් දඩයම් කර මස් පිණිස අඹන ප‍්‍රදේශයේ දී අලවි කරන බවට තොරතුරු අනාවරණය වී තිබේ.
රහසිගතව සංවිධානාත්මක කල්ලියක් සතුන් මරා මස්කර අලවිය සඳහා වෙනත් පාර්ශව යොදාගනිමින් මෙම ජාවාරම ක‍්‍රියාත්මක බව අඹන ප‍්‍රදේශයේ පිරිස් සඳහන් කරති.
මුවන්,ගොනන්,මීමින්නන් මෙන්ම වල් ඌරන් මේ අයුරින් මස් කර අලවි කරන බවත් මේ සඳහා සමාජයේ විවිධ පුද්ගලයන්ගේ රැකවරණය ද ලැබෙන බව ප‍්‍රදේශවාසිහු පවසති.
මස් ලබාගැනීම සඳහා පැමිණෙන ගැනුම්කරුවන් එක් දිනක දී එක් ස්ථනයක දීත් තවත් දිනක දී වෙනත් ස්ථානයක දීත් මුණ ගැසී මස් අලවි කරන බව ද ඔවුහු පවසති.
මෙම දඩ මස් ජාවාරම සම්බන්ධයෙන් නාඋල පොලිස්ථානයෙන් අද (30) කළ විමසීමක දී වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත මහතා පැවසුවේ මහජනතාවගේ තොරතුරු නිසි පරිදි ලැබෙන්නේ නම් එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරිම පහසු වන බවයි.
කෙසේ වෙතත් පොලිස්ථානය මගින් සිදුකරනු ලබන ජංගම මුර සංචාරක සේවා දැනුවත් කරන බවත් මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමේ දී කිසිවෙකුට ගැටළුවක් පවතින්නේ නම් තමන්ට පෞද්ගලිකවම දැනුම් දෙන ලෙස ද වැඩබලන ස්ථානාධිපතිවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මහ ජනතාවද ඒකටත් තොරතුරු දෙන්න ඕනේ? පොලිස්සිය නිදිද?
වල් ඌරන් නම් අඩුකරනෙක හොඳයි. දුප්පත් ගොවීන්ගේ ගොවිතැන් හානි කරන එක අඩුකර ගන්න.
සබ්බේ සත්තා භවන්තු සුඛි තත්වා- සියලු සත්වයෝ සැපයට පත් වේවා.!
ඒක පුදුම පොලීසියක්නේ?
සතුන් මරන්න වස පාවිච්චි කරනවා. ඒක නොදැන මිනිස්සු ඒවා කාලා ලෙඩ හදාගන්නවා.