IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


වෛද්‍යවරුන් රට හැරයාමේ ප්‍රශ්නයට විසඳුම් ඕනෑ

රටක ජීවත්වන ජනතාවට තම ජීවිත සම්බන්ධයෙන් උපරිම විශ්වාසය රැගෙන එන්නේ එරට සෞඛ්‍ය සේවය මගිනි. එහෙයින්ම සෞඛ්‍ය සේවය උපරිම උසස් තත්ත්වයෙන් මෙන්ම කාර්යක්‍ෂමව පවත්වාගෙන යාමට සෑම රටක්ම කටයුතු කරයි. එය එසේ වුවද අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වාර්තා වන්නේ ඉතා අනුවේදනීය එමෙන්ම ඇඟ කිළිපොළා යන තත්ත්වයකි. වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාමේ ප්‍රවණතාව මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට මාරාන්තික තර්ජනයක් එල්ල වී තිබේ.

අප පුවත්පත ඉකුත් දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ වයස අවුරුදු 63න් පසු විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 500කට ආසන්න පිරිසක් ඔවුන්ගේ කැමැත්ත මත කොන්ත්‍රාත් පදනම යටතේ නැවත සේවයට බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළ බවය. මේ අනුව වෛද්‍යවරුන් පනහකට ආසන්න පිරිසක් කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කිරීමට දැනටමත් කැමැත්ත පළ කර ඇති බවය.

විශ්‍රාම ගිය වෛද්‍යවරුන් නැවත සේවයට බඳවා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි ද පවසා ඇති සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබුණේ මෙම ක්‍රියාමාර්ගය වෛද්‍ය හිඟයට එක් පිළියමක් පමණක් බවය. එමෙන්ම විදේශීය පුහුණුවට ගිය වෛද්‍යවරුන් 600ක් පමණ නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද පවසා තිබිණි.

රට මෙබඳු බරපතළ ආර්ථික අර්බුදයකට ගොදුරු වීමට පෙර යුගයේ පවා මෙරට සෞඛ්‍ය  ක්ෂේත්‍රය පවත්වාගෙන ගියේ බොහෝ අර්බුද හා දුෂ්කරතා මැදය. ජනගහණයට සාපේක්‍ෂව සිටිය යුතු වෛද්‍යවරු මෙරට නොසිටියහ. කොවිඩ් වසංගතයත් සමග එන්නත්කරණය ප්‍රමුඛ වූ අතර සියලු මුදල් ඒ සඳහා වැය කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල දැඩි හිඟයක් නිර්මාණය විය. “බෙහෙත් නැතිව අපි ඉඳලා වැඩක් නෑ” වැනි මතයකට වෛද්‍යවරුන්ගේ මානසිකත්වය හැරවිණි.

ආර්ථික අර්බුදය උග්‍ර වීමත් සමග රජය එයට එක් පිළියමක් ලෙස නව බදු ක්‍රමයක් හඳුන්වා දුන්නේය. එය බොහෝ ක්ෂේත්‍ර කම්පනය කිරීමට හේතු විය. සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය ඉන් ප්‍රධාන විය. මෙම ක්ෂේත්‍ර දෙකට යම් පහසුකමක් සහිතව ජීවත් විය හැකි වුවද නව බදු ක්‍රමයත් සමග එය ද අභියෝගයට ලක් විය. වැටුපෙන් බදු කපා ගත් විට නිවාස ණය, වාහන ලීසිං ආදිය ගෙවා දැමීමෙන් පසුව දරු පවුල ආරක්‍ෂා කර ගැනීමට ප්‍රමාණවත් මුදලක් ඉතිරි නොවන බවට මෙම ක්ෂේත්‍රවලින් මැසිවිලි නැගිණි.

ඉහත තත්ත්වයට එම ක්ෂේත්‍ර දෙක නිර්දේශ කරගත් විසඳුම වූයේ උන්හිටිගමන් උන්හිටිතැන් අතහැර විදේශගත වීමය. “නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් අප, ජනතාව අතිශයින්ම පීඩාකාරී උවදුරකට මුහුණ පා සිටින මොහොතක මෙසේ ඔවුන්, රට අත්හැර දමා යාම අශිෂ්ටය” වැනි සිතීමකට මෙම පරිසරය තුළ ඉඩක් නොමැති වීම ද පිළිගත හැකි කාරණාවකි.

“රෝහලේ සිටි එකම නිර්වින්දන වෛද්‍යවරයාත් නොකියාම රට ගිහින්. සැත්කම් සියල්ල නවතී” වැනි සිරස්තලවලින් අර්බුදයේ දිග පළල මනාව පැහැදිලි වේ.

වයස අවුරුදු 63න් විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම යටතේ නැවත සේවයට බඳවා ගැනීම වෛද්‍ය හිඟයට එක පිළියමක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ. එහෙයින් අර්බුදය තව තවත් උග්‍ර වීමට පෙර විසඳුම් සෙවීම බලධාරීන්ගේ වගකීමය. එතෙක් අපට ජනතාවට කීමට තිබෙන්නේ “ලෙඩ වෙන්න එපා, රෝහල් ලෙඩින්” යනුවෙනි.

(***)



අදහස් (1)

වෛද්‍යවරුන් රට හැරයාමේ ප්‍රශ්නයට විසඳුම් ඕනෑ

අබිලින් Saturday, 23 September 2023 12:59 PM

ආර්ථික අර්බුදයෙන් බැටකෑ රටේ පාලකයෝ අතීසාරයට අමුඩ ගහන්නා වගේ... නැත්නම් අටුව කඩා පුටුව හදන්න වගේ රටේ ජනතාව සමග අත්‍යාවශ්‍යම සේවාවල අයටත් විදෙස් රැකියා කර ඩොලර් ගේන්න කිව්වා. ඉතින් ඔක්කෝමලා පැනලා යන්න පටන්ගත්තා... කිසිම දෙයක් සැළසුමක් නැතුව උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ අදහස් නොවිමසා කරන්න ගියාම ඔහොම වෙනවා තමයි. මේවා වෙන්නේ සංගමේ සාමූහිකත්වය රැකීමට යාමෙන් කියන්න පුළුවන්... මොකද එහිදී විරුද්ධව අදහස් ඉදිරිපත් කරන්න බැරි නිසා වරදක් තිබුණත් කට වසාගෙන ඉන්නවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 363 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1293 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 760 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1094 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1911 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1462 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1238 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 312 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1339 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site