IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


තෙල් පෝලිම් කවදා දුරුවේද?

රටේ ඉන්ධන අර්බුදය තවමත් විසඳී නැත. කිලෝ මීටර ගණන් දුරට ඉන්ධන පෝලිම් දක්නට ලැබේ. පිරවුම්හලකට ඉන්ධන රැගත් බවුසරයක් පැමිණීම ජීවිතයේ දකින සුබම දසුන ලෙස ජනයා සිතන සෙයකි. මෙහෙම රටක් ඉතිහාසයේ කෙදිනකවත් තිබී නැති බව ඒකාන්ත සත්‍යයකි.

අප හැමදාමත් අවධාරණය කළ පරිදි රටේ අවශ්‍යතා හඳුනාගෙන එයට ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කළ යුතුය. එම ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක එක බවට පත්විය යුත්තේ ඉන්ධන ප්‍රශ්නය විසඳීමය. මුළු මහත් රටම ගැටගැසී තිබෙන්නේ ඉන්ධන සමගය. මෙය වටහා ගැනීමට බොහෝ දුර යා යුතු නැත. මේ දිනවල පාසල් විවෘතව තැබෙන්නේ සතියකට දින තුනක් පමණි. පාසල යනු දරුවාට දැනුම ලබාදීමක් පමණක් නොවේ.

පාසල තුළින් දරුවාට අධ්‍යාපනය පමණක් නොව කුසලතා හා ආකල්ප වර්ධනය ද සිදුකරනු ලබයි. පිරිපුන් පුරවැසියකු නිර්මාණය වන්නේ එමගිනි. සතියකට දින තුනක් විවෘතව තැබෙන පාසලකින් එබඳු පිරිපුන් පුරවැසියකු බිහි නොවේ. අධ්‍යාපනය විධිමත් විය යුතු වන්නේ එහෙයිනි. පාසල් මෙසේ සතියකට දින තුනක් පමණක් විවෘත කිරීමට සිදුව තිබෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුයක් නිසා නොව ඉන්ධන හිඟය නිසාය. එහෙයින් රටට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අඛණ්ඩව ලබාදීම රජයේ මූලික වගකීමකි.

ඉන්ධන අර්බුදය තව වසරක් පුරා පවතිනු ඇති බවට විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසා තිබිණි. ඉන්ධන ගෙන්වීට අවශ්‍ය ඩොලර් නොමැති යැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාද මාධ්‍යයට කීවේය. මේ කතා අසන පුරවැසියෝ හැකිතාක් ඉන්ධන ගබඩා කර ගැනීමට පෙළඹී සිටිති. 

ඉන්ධන නිවෙස් තුළ ගබඩා කර තබා ගැනීම දින නියමයක් නැති මරණ වරෙන්තුවක් අතට ගැනීමක් වුවද ජනයා එම අනතුර නොතකති. ඉන්ධන නොමැතිවීමෙන් ඇතිවන දුෂ්කරතාව ඔවුන්ට ඊට වඩා බරපතළය. මෙම තත්ත්වය මෙසේ තිබියදී මැද පෙරදිග ඇති සියලු තෙල් තොග මෙරටට ගෙනාවද එය ප්‍රමාණවත් නොවේ. ඉන්ධන සුලභ කිරීම හැර මෙම ප්‍රශ්නයට වෙනත් පිළිතුරක් නැත.

කල දුටු කල වළ ඉහ ගැනීම ජාතික සිරිතක්ව ප්‍රගුණ කරන්නකි. ඉන්ධන අර්බුදයෙන්ද තම මඩිය තර කර ගන්නෝ සිටිති. ඉන්ධන පිරවුම්හල් හිමියෝද, ඒවායෙහි කළමනාකරුවෝද  ඇතැම් රියදුරෝද එම ජාවාරමෙහි යෙදෙති. වාහන නොමැති ඇතැම් පුද්ගලයෝ බූලි හා කෑන් රැගෙන ගොස් ඉන්ධන ගනිති. පසුව ඒවා වැඩි  මිලට විකුණති.

ඉන්ධන අර්බුදය ඒමට පෙර රුපියල් සියයට ගිය ත්‍රීවිල් ගාස්තුව අද හාර පන්සීයකි. එතරම් මිලක් ගෙවා ත්‍රිවිලරයකින් යෑමට බොහෝ දෙනකුට නොහැකිය. එහෙයින් ත්‍රීවිල්වලට ‘හයර්’ අඩුය. එම හේතුව නිසා ඉන්ධන විකුණා ආදායම සරුකර ගැනීමට බොහෝ ත්‍රිරෝද රථ රියැදුරෝ පෙළඹී සිටිති. ඉන්ධන බෝතලයක් රුපියල් තුන් හාර දහසකට විකිණීමට තරම් වෙළෙඳපොළෙහි ඉන්ධන ඉල්ලුමක් තිබේ. එවන් ආදායමක් විසි හතර පැය පුරා ‘හයර්’ ගියද සොයාගත නොහැකි බව ත්‍රීරෝද රථ රියැදුරෝ දනිති. ඉන්ධන හිඟයට මෙයද එක් ප්‍රධාන හේතුවකි.

අප පුවත්පත ඉකුත් දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ ඩීසල්වලට භූමිතෙල් මිශ්‍රකර වැඩිමිලට විකිණීමේ ජාවාරමක නිරතවූ බව කියන වැලිගම, මිරිස්ස ප්‍රදේශයේ ධීවර ව්‍යාපාරිකයකු ඩීසල් ලීටර් 4070 ක තොගයක් සමග සැකපිට ප්‍රශ්න කිරීම සඳහා මාතර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවය. දකුණු පළාතෙන් අත්අඩංගුවට ගත් වැඩිම ඉන්ධන ප්‍රමාණය මෙය බවද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

ඉන්ධන ළඟ තබා ගැනීම වරදක් නොවේ. ඕනෑම අයකුට මුදල් දී ඉන්ධන ලබාගත හැකිය. එහෙත් රටේ පවතින්නේ සුවිශේ‍ෂී තත්ත්වයකි. එමෙන්ම පෙර නොවූ විරූ තත්ත්වයකි. ඉන්ධන හිඟය නිසා මුළු රටම අකර්මණ්‍ය වී තිබේ. මෙම ඉන්ධන හිඟයට ඉන්ධන ගබඩාකර තබා ගැනීම ද හේතු වී තිබේ. රටේ සාමාන්‍ය පැවැත්ම බිඳ වැටීමට යම් පුද්ගලයකුගේ ක්‍රියාකාරකම් හේතුවන්නේ නම් එය බරපතළ වරදකි. රටේ තත්ත්වය නොසලකා වගකීම් විරහිත ලෙස කටයුතු කිරීමට  කිසිවකුට අයිතියක් නැත. එබන්දන් නීතිය හමුවට ඉදිරිපත් කළ යුතුය.

රට කවදා යථා තත්ත්වයට පත්වේදැයි අනාවැකි පළ කළ නොහැකිය. ඉන්ධන අර්බුදය විසඳන්නේ නම් එය රට වැටී ඇති අර්බුදයෙන් හරි අඩක් ගොඩ ඒමකි. එහෙත් ඉන්ධන මිලදී ගෙන ඒවා බෝතල්වලට අසුරා වැඩි මිලට විකිණීම මෙන්ම ඉන්ධන තොග එක් රැස් කර තබා ගැනීම හරහා සිදුවන්නේ ඉන්ධන හිඟය නිමා නොවී එය තව තවත් ඉදිරියට ඇදීයාමය. වගකිවයුතු කිසිදු පුරවැසියකුට එබන්දකට දායකවිය නොහැකිය. එහෙත් ආත්මාර්ථකාමී මජර පුරවැසියෝ දැන දැනම රට අගාධයට ඇද දැමීමට කටයුතු කරති.

ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන බැරලයක මිල පහත වැටී ඇති හෙයින් ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙරට ඉන්ධන මිල පහත හෙළීමේ ඉඩකඩ සොයා බලන බව විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා මාධ්‍යයට කියා තිබුණි. එහෙයින් ඉන්ධන ගබඩාකර තමන්ටම පාඩුකර නොගන්නා ලෙස ඉන්ධන ජාවාරම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

(***)



අදහස් (0)

තෙල් පෝලිම් කවදා දුරුවේද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 193 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 376 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site