(නිමන්ති රණසිංහ සහ ළහිරු හර්ෂණ )
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනකු මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය.
මහබැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධ සැකකරුවන් ලෙස වරෙන්තු ලබා සිටින සැකකරුවන්ට අද සවස 4 ට කොටුව අධිකරණයට පැමිණෙන්නැයි අභියාචනාධිකරණයෙන් අද උදෑසන නියෝග කෙරිණි.
ඒ අනුව , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ විධායක අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂිස්, එහි සභාපති ජෙෆ්රි ඇලෝසියස්, ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන,චිත්ත රංජන් හුළුගල්ල යන පිරිස මේ වන විට නීතීඥයින් සමග අධිකරණයට පැමිණ සිටිති.




( ළහිරු හර්ෂණ - ඡායාරූප)
COMMENTS
ආවා නම් හිර කූඩුවට දාලා බල්ලෝ බැඳලා තියන්න..
ඔව් ඉතින් බය වෙන්න දෙයක් නැහැ නොව, අතවත් තියන්න එපා කියලා මහේස්ත්‍රාත්වරයාට නියෝග දීලානේ එවලා තියෙන්නේ...
ඉක්මණටම ටිකට් එක ඇදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... රටට කරලා තියන අපරාධ වලට....!!!
කොහෙද හිටියේ.? නයෙක් ගැහුවද?
කොහෙද හිටියේ...? මම බය වෙලා හිටියේ..
අපෝ අපි බයේ හිටියේ නිරෝධනය වෙනවා කියලා...
කිරිසප්පයා හිටියේ කිරි බොමින්ද?
වරන්තුවකට බයවෙන මේ බයගුල්ලෝ කොහොමද රට පාලනය කරන්නේ?
හොඳට ඇඳගෙන ආවට රටම දන්නවා මෙයා ගැන. මෙයා හැංගිලා ඉන්නේ මේ ආණ්ඩුවේම උදව්වෙන්. ආණ්ඩුවේ මහ මිනිස්සුන්ගේ ගෙවල් වල. ළඟ එන ඡන්දෙදි ජනතාව රවී ගැන බලාගනියි.
මම දන්නා විදියට රවී කරුණානායක මෑත කාලයේ හිටපු හොඳම මුදල් ඇමති. රේගු අාදායම ඉතා හොඳින් වැඩිකළ අතර අාදායම් පිටත යෑම වැළැක්වීම සඳහා පියවර ගත්තා. මත් බීම බෝතල් සඳහා ස්ටිකර් හඳුන්වාදීම ඔහුගේ හොඳ යෝජනාවකි. මෙවැනි වෘත්තිකයින්ගෙන් වැඩක් නොගැනීම රටේ කරුමයක්... මොහු බැඳුම්කර මගඩියට සම්බන්ධ නොවීය...
කොහෙද අප්පා හැංගිලා හිටියේ.. මැදමුලනේ වත්ද..?
දවස් 14 ක් වැලිකඩ...............
මේක මාර සෙල්ලමක්නේ... පොලිසියට අල්ලාගන්න බැරි අය නිකම්ම මතුවෙනවා. ටිකක් අවුල් වගේ. කොහේහරි මොකක් හරි වැරැද්දක් තියනවා. මේවා ලංකාවටම හොඳයි. වෙන රටවල්වල නම් මෙහෙම වෙන්නේ නැහැ. අපි හිතුවේ ගෝඨාභය ජනාධිපති වුණාම මේ සෙල්ලන් ඔක්කොම ඉවරයි කියලා... බැලින්නම් තාම තියනවනේ...
ඔක්කොම හොරු තමයි.
බලමුකෝ දැන් මොකද වෙන්නේ කියලා... රන්ජා නෙමේ නියම වන් ශොට් කෙනෙක්ගේ අවශ්‍යතාවය රටටම දැනෙන මොහොතක්...
මොහු නීතියට පිටුපා ඇත..
මේවා කොහොමටත් දේශපාලුවන්ගේ බොරු රඟපෑම්... අපි ඔය දේවල් මීට කලිනුත් දැකලා තියෙනවා...
එළියේ ඉඳගෙන හොරකම් කරමින් එජාපෙ විනාශ කරන රවී වැනි පුද්ගලයෙක් ඇතුලට දමන්න... පොහොට්ටු නායකයින් කැමතිද?
මේ රටේ නීතියේ දෙව්දුව දැඩි නින්දේ. ඒ නිසා මොවුන් නිදැල්ලේ. මොවුන් නීතියට බය නෑ. ගමේ නූගත්, අසරණ මිනිස්සු වරදක් කළොත් ඔහුටනම් නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක වෙනවා. මෙවන් රටක කුමකටදෝ නීතිය හා විනිසුරන්............
උසාවියෙන් ප්‍රශ්න කළාම මට මතක නෑ. මම දන්නේ නෑ කියලා යසට බේරිලා යයි..
අඩුම තරමින් උසාවිය මගහැරිය කියලා වත් රිමාන්ඩ් කරන් නැද්ද?
හැංගිලා හිටපූ තැන කියන්නකෝ...