(අංජුල මහික වීරරත්න)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද "ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ" සම්මානයෙන් පිදුම් ලැබීය.
කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ උත්සවයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෝදි අග්‍රාමාත්‍යවරයාට එම සම්මානය ප්‍රදානය කළේය.
සම්මානයේ ප්‍රදානය කිරීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසූයේ මෙය තමාට පමණක් ලබාදුන් ගෞරවයක් නොව ඉන්දියාවේ බ ජනතාව වෙත ශ්‍රී ලංකාව විසින් පිරිනැමූ ගෞරවයක් ලෙස සලකන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සම්මානය මෝදි වෙනුවෙන් විශේෂයෙන්ම හදපු එකක් බව පැහැදිලිවම පෙනෙනවා. AKD රජය මෙමගින් බලාපොරොත්තු වන්නේ මොනවාද?
අපි සංතෝසෙන් ඉන්නේ.. දුක සෝකේ නැහැ දන්නේ... අයියා මල්ලී වාගේ...
මම පුංචි කාලේ මාසෙකට සැරයක් පෙනිසිලින් විදින්න තිබ්බා. ඒත් ඔය බෙහෙත හොයාගන්න තිබුනේ නැහැ දේශප්‍රේමී ජනතා විමුක්ති පෙරමුණ විසින් පණවපු තහනමක් නිසා, ඒ කාලෙම අපට ආරංචි වුණා ඉන්දියාවෙන් බෙහෙත් ගෙනා වරදට ජාතික ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිනිය මරා දැමුවා කියලා. එහෙම කරපු මිනීමරු කල්ලිය අද ඉන්දියාවේ අගමැතිතුමා උත්සවාකාරයෙන් පිළිඅරගෙන සම්මානත් දීලා තියෙනවා...
ගුණරත්න, මමත් අවුරුද්දක් කැම්පස් එකේ උදව් කළා. පස්සේ තමයි දැනගත්තේ කුහකයි කියලා...
ඉන්දියාව අසල්වැසි න්‍යෂ්ටික බලවතුන් වන , චිනේ, පාකිස්තානේ එක්ක කොහොමත් අවුල් ලගකදී ඉඳල බන්ගලියෝ එක්කත් විරසක වෙලා , දැන් ඉන්නේ අපි පමණි , අමාරුවේ වැටුන වෙලේ අපිට හිටියේ ඉන්දියාව පමණි ,