(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය.
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා හෙට (6) වැනිදා තෙක් මෙරට රැඳී සිටී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම පොඩ්ඩක් කෑම අඩු කරලා, ව්‍යායාම කරලා බඩවල් අඩු කර ගත්තොත් හොදයි පිටි ගුලි ගිලින්නේ නැතිව. එනිවේ, ජීවිතේ නොසෑහෙන්න දුක් වින්ද, දුක අඳුනන, ධෛර්යමත් මානසිකව ශක්තිමත් මිනිස්සු දෙන්නෙක්, ලෝකයේ වටිනම රටවල් දෙකක නායකයින් විදියට දකින්නට ලැබීම අතිශය සතුටක් අපි හැමෝටම! දීර්ඝායු වේවා! සියලු දෙනාට සතුට යහපත උදා වේවා...!
මට තියෙන ප්‍රශ්නේ මොනවා කතා කරකරද පඩි නැග්ගේ තියන එක...!