( ලහිරු හර්ෂණ )
එළැඹෙන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මේ වන විට පැවැත්වෙන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ හමුවේදී අග්‍රාමාත්‍යවරයා මෙලෙස පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට මේ බව දැනුම් දුන් බවද හෙතෙම සඳහන් කළේය.


( ඡායාරූප හා වීඩියෝ ලහිරු හර්ෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා!!!!!
හේ හේ... කරුණාකර නැවත ඡන්දයකට යන මඟ හදා දෙන්න..............
කොළඹට ආපු ජන බලය දැකලා මහින්ද බය වෙලා.
කට්ටිය හරිද ?
එහෙනං බහුතරේ හරි ඇති. හෙට අනිද්දා වෙනකොට ගොඩ දෙනෙක් පැනලා ඉඳි මෙතුමාගේ දෑත් ශක්තිමත් කරන්න. මදැයි කලින් හිටපු හොරු එපා එපා කියලා ආයෙත් ඒ හොරුන්ටම ගියා. රටට අබ සරණයි
මම දන්නා කලෙක ඉදල එකම කට්ටිය එහාට මෙහාට පැන පැන රට වල පළලටම තල්ලුකරලා තියෙන්නේ. තව දුරටත් එම නියාය තමයි .
පාර්ලිමේන්තුව කැඳවනවාද පාර්ලිමේන්තුව ළගට සෙනඟ කැඳවනවාද කියා පැහදිලිව කියන්න කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බැහැ..............
ජනපතිත් ඉස්සෙල්ල අරගෙන තිබුණේ වැරදි තීරණයක් එහෙනම්,
සුමනදාසද දවස දුන්නේ ?
අපරාදේ ඇයි පාර්ලිමේන්තුව කැදවන්නේ? ඔහොමම ගියානම් ඉවරයිනේ....
කොළඹට ආපු ජන බලය දැකලා මහින්ද බය වෙලා. නොවැම්බර් 5 තියන්න යන රැළියට බාල්දු කරන්න මහින්ද මේක. රැවටෙන්න එපා
ජ්‍යාත්‍යන්තර බලපෑම් වලට බය නෑ කිව්වට, පට්ට බය වෙලා වගේ. මොනා උනත් යූඑන්පී මන්ත්‍රී ලගේ ලංසුව නම් දෙගුණ තෙගුණ වෙලා ඇති. අන්තිමට එවට හරියන්න මුන් හොරකම් කරයි, මහජනතාව හුරේ තිය තියා නොකා නොබී බදු ගෙවයි.
මහා බලවතුන්ගේ ජාත්‍යන්තර සම්බාධක හමුවේ රනිල් ජය ගනී.
අනාගත පරපුරට ආදර්ශවත් කිසිවක් නැති රටක් ....... බණ්ඩාරනායක , සේනානායක මහතුන්ගේ ගුණ සිහි කරන්නේ ඔවුන් සතු යහපත් ගතිගුණ නිසා...
මට හිතෙන හැටියට ජනාධිපතිතුමා කලේ දෙබරයට ගලක් ගැසීම පමණයි. අපුරුවට හිටපු කතානායක තුමත් නිකන් හොට පටලවාගත්ත
මහා මැතිවරණය 2019 ජනවාරි පැවැත්වීමට ඉඩ තිබේ. කණ්ඩායම් 2 ඇත. සිරිසේන මහින්ද ආණ්ඩු පක්ෂයට එරෙහිව රනිල් සමඟවිපක්ෂය. සාධාරණ මහා මැතිවරණය සඳහා මැතිවරණ කොමිසමට වැඩි බලතල තිබේද? පෝස්ටර්, කටවුට් නැති, මුදල් නාස්ති නොකරන ලෙස ජනය පෙළගැස්වීමට හා කුඩු කාරයින්, එහා මෙහා පනින මුදලට කෑදර ඇමතිවරු ප්‍රතික්ෂේප කරන ලෙස සංවිධාන වලට හැකිවේද?
කල්දමන බව කියාගන්න ජනපතිට පුළුවන් නම් නැවත ආරම්භ කරන දිනය එයාට කියන්න බැරි කොන්දේ අමාරුවක් වත් නිසාද කියල හිතෙනවා !!
රනිල් උගුලේ හිර වෙලා ඉවරයි . මහින්ද ගේ අයවැය පරදුවොත් පාර්ලිමේන්තුව විසුරුවනවා. එකට එජපෙ කැමති නැහැ...
අගමැති විතරයි මාරු උනේ. ආණ්ඩුව කරන්නේ කලින් ඇමතිලම තමයි. ඒක මේ කාලකන්නි දේශපාලන ක්‍රමේ හැටි. පාර්ලිමේන්තු බහුතර ක්‍රමයක් නිසා මිනිස්සු කැමති උනත් අකමැති උනත් කරන්න දෙයක් නෑ. රටත් වලපල්ලට යනවා අනේ මන්ද ඉතින්. ඊළඟ ඡන්දෙදිවත් ඉතින් උගත් මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු යවන්න උත්සාහ කරමු.
හොර තීරණ. තණ්හාවේ ඉවරයක් නැති මිනිස්සු.
"කරුමයක් පල දෙන්න එන කල - නවත් වන්නට බැහැ!"
113 හරිද?
පුදුම කලකිරීමක් රට ගැන ඇතිවෙන්නේ
ජයවේවා!!
එකම විකල්පය ජවිපෙ පමණි
දවස් හතරක් තියෙනවානේ. එජාප ආණ්ඩුව රටේ සම්පත් විකුණනවා කියල මොර දීල දැන් අලුත් ආණ්ඩුව හදන්න එජාපෙ කට්ටිය කෝටිගණන් දීල සල්ලි වලට ගන්නවා....... මේ යන පිළිවෙලට සඳුදා වෙනකොට එජාපයේ නායකයා මහින්ද වෙන්නත් බැරි නැහැ. මේක පුදුම ලෝකයක්........
පාර්ලිමේන්තුව කැඳවීමේ ප්‍රකාශය කල යුත්තේ ජනාධිපති. මෙයා හිතන් ඉන්නේ මෙයා ජනාධිපති කියලද?????
හැමදාම හොරුන්ට ඡන්දේ දීලා ඊටපස්සේ කෑගහන එකේ වැඩක් නැහැ. උගත් බුද්දිමත් රටට ආදරේ මිනිහෙක් ඡන්දෙට ඉදිරිපත් උනානම් හොදයි. එතකොට ඔයාලට නිවැරදි තීරණයක් ගතහැකියි . මේ හෙමෝම ආදරේ එයාලට මිස රටට නෙමෙයි.....
කතාවනම් අපි විදේශ බලවේගවලට යටවෙන්නෙ නෑ කියලා, මහානායකල කියලත් කරන්න බැරිවෙච්ච එක රටවල් පහයි තදින් කිව්වෙ.. දැන් 5 වෙනිද කැඳවනවලු ..
අතට ගත්ත එක කටට දාගන්නේ දෙන්නේ නෑනේ. අප්පා කන්න එපා 5 වෙනකම්
කවුරු ආවත් , කවුරු විසි උනත් මටනම් අමාරුවක් නැහැ. නමුත් රටටත් අපිටත් යහපත් කරපල්ලා මේ දරාගන්න බැරි ජිවන බරෙන් මුදවලා.
කට්ටිය දැන් හරි වගේ
කරු සටන පාවා දීල ඉවරයි
47 දෙනෙකුට අගමැතිකම දුන්නට පසු ජනබලය මෙතන නැති උනත් කවුරුත් එදත් අදත් බය උනේ නැහැ දේසපාලන බලය , මුදල් පමණයි සලකන්නේ එදත් අදත් තමුන්ගේ පොකට්ටුවට තට්ටු කරපු උදවිය පසු පස යන ජනබලය මන්ද බුද්දික අව බලයක් වේ
කුම්මහි ජීවිත වලට අයහපතම සිදුවේ වැඩ කර පල්ලා දියුණු වෙයල්ලා
ඒක හොඳයි .. කනක් ඇහිල ඉන්න ඇහැකි.......
ජනපතිට ගෙදර යාමට වෙන ලකුණු පහල වේ. ආපස්සට ගැනීම් බලන්න. 1. මහින්ද කියන පරිදි ,ජනපති 16 දිනය 5 ට ආපස්සට ගනී. 2. නීතිපති (ලංකාවේ ප්‍රදාන නීති නිලදරය ) ගේ තීරණය අනුව අගමැති වෙනස් කිරීම අනුමත නොවේ.(වයන්ගයෙන්) 3.සාගරගේ ලිපියට අනුව ව්‍යවස්ථාව උල්ලංගනය කර නව තනතුරු බාර ගන්න රජයේ නිලයන්ට දැඩි දඩුවම් -( මේ වෙලාවේ නීතිපති ලෙස කටයුතු කරන්න. ) 4. TNA සුමන්තිරන් ට අනුව -ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උල්ලංගනය කර ඇත.අග්‍රාමාත්‍යවරයෙකු ධූරයෙන් ඉවත් කිරිමේ බලය ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිට පැවරී තිබුණද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒ සදහා සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ යුත්තේ විශ්වාසභංගයකිනි.( වෙනත් යල්පැනගිය නීති අදාල නොවේ.)
කට්ටිය තාම හොයනවා.... දැන් කියනවා 5 වෙනිදා නෙමෙයි කියලා. මට හිතන හැටියට ශ්‍රී ලංකා කිහිප දෙනෙකුත් ඩීල් දාගෙන වගේ අනික් පැත්තට මාරුවෙන්න. පාර්ලිමේන්තු වැහි ගෙම්බෝ හරි හරියට වැඩ. දැන් තමා හරි හරියට බිසී. නැතිනම්කො රට සවාරිනේ. කොහොම වුනත් පාර්ලිමේන්තුව විසුරුවන්න අලුත් මන්ත්‍රී වරු ඉඩ දෙන්නේ නැහැ. මොකද පැන්ෂන් එක නැති වෙනවා අවරුදු 5ක් හිටියේ නැතිනම්.
කපටිකම වහන්ද බෑ. ගලේ පහරපු බළල්ලු දෙන්න වගේ සුරනවා විතරයි
කලින් හිටපු හොරු කීවේ රොෂාන් ගේ පිලේ කට්ටියද එහෙම නැතිව බහුතර ජනතාවගේ කැමැත්ත ලැබෙන කට්ටියද ?