බස්නාහිර පළාත් සභාවට ලක්ෂ හයේ පුටු 104ක් බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ එක් මන්ත්‍රී පුටුවකට රුපියල් ලක්ෂ හයහමාර බැගින් මුදල් වෙන්කරමින් විදේශයන්ගෙන් පුටු ආනයනය කිරීමට තීරණයක් ගෙන ඇතැයිද වහාම ඊට මැදිහත්වන්නැයි ද ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක් යොමුකර ඇත. 09 August 2018
ඇතැම් දුම්රිය සේවකයින්ට ලක්ෂ එකහමාරක වැටුපක් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන සමස්ත රාජ්‍ය සේවකයින් අතරින් මසකට රුපියල් 150,000 කට වැඩි ඒකාබද්ධ වැටුපකට හිමිකම් කියනුයේ දුම්රිය සේවකයින් හා වෛද්‍යවරුන් පමණකැයි මහා භාණ්ඩාගාරයේ ප්‍රකාශකයෙක් කීය. 09 August 2018
දුම්රිය 8 ක් ධාවනයට දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවද කාර්යාල සේවකයන් ඇතුළු දුම්රිය මගීන්ගේ ගමන් පහසුව සඳහා කොළඹ කොටුවේ සිට සියලුම මාර්ග ආවරණය වන පරිදි දුම්රිය 8 ක් පමණ ධාවනය කිරිමට දුම්රිය බලධාරින් අද (9) සවස සැලසුම් කර තිබිණි. 09 August 2018
දුම්රිය සේවකයන්ගේ වර්ජනයෙන් කොටුව රත්වෙයි හදිසියේ ආරම්භ කළ දුම්රිය වර්ජනය නිසා මගීන් දැඩි අපහසුතාවට පත්වීමෙන් කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් කාරී තත්ත්වයක් ඇති වේ තිබේ. 08 August 2018
දුම්රිය සේවකයෝ හදිසියේ වැඩ වරති දුම්රිය රියදුරු, නියාමක,ස්ථානාධිපති සහ දුම්රිය පාලකවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරිමේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය මගින්ම තාවකාලිකව නතර කිරිමට විරෝධය පා අද (8) සවස 3 සිට දුම්රිය රියදුරන් සහ නියාමකවරු වර්ජනයක් ඇරඹුහ. 08 August 2018
රජයේ වියදමින් ඇමතිවරුන්ට නීතිඥයන් ඉල්ලූ කැබිනට් පත්‍රිකාව ඉවතට ඇමැතිවරුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරෙන මූලික අයිතිවාසිකම් නඩුවලදී ඇමැතිවරුන්ට රජයේ වියදමින් පෞද්ගලික නීතිඥවරුන්ගේ සහය ලබා ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (7) ප්‍රතික්ෂේප කරන ලැබූ බව වාර්තාවේ. 07 August 2018
දුම්රිය වැටුප් වැඩි කිරිමට මංගලගේ විරෝධය දුම්රිය සේවයේ වැටුප් වැඩි කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අද (7) පැවති කැබිනට් රැස්වීමේ දී මුදල් ඇමැති මංගල සමරවීර මහතා විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ. 07 August 2018
ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය ගැනීම පනතට පටහැනිලු එස් ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඇතිකර ගෙන තිබෙන ගිවිසුම පනතට පටහැනි එකක් වන අතර එමගින් මණ්ඩලයට විශාල මූල්‍යමය පාඩුවක් සිදුව ඇතැයි අද (7) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබේ. 07 August 2018
දුම්රිය ගැටුම සම්බන්ධයෙන් සිව් දෙනෙක්ගේ වැඩ තහනම් පොල්ගහවෙල හා රඹුක්කන අතර පිහිටි පනලීය දුම්රිය ස්ථානය අසලදී සිදුවු දුම්රිය ගැටුම සම්බන්ධව කොළඹ සිට රඹුක්කන දක්වා ධාවනය වු අංක 164 දුම්රියේ රියදුරු රියදුරු සහයක, ප්‍රධාන නියාමක හා උප නියාමකවරයාගේ වැඩ තහනම් කර ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පවසයි. 07 August 2018
දුම්රිය දෙකක් ගැටී 32 කට තුවාල - දුම්රිය ගමනා ගමනයට බාධා පොල්ගහවෙල සහ රඹුක්කන අතර පිහිටි පනලිය දුම්රිය ස්ථානය අසන්නයේදී අද (06) පස්වරු 6.30ට පමණ එකම මාර්ගයේ ගමන් ගත් දුම්රිය දෙකක් ගැටීමෙන් එම දුම්රිය වල ගමන් ගත් මගීන් 32කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. 06 August 2018
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට ලක්ෂ 2ක දීමනාවක් - රෝහිත අබේගුණවර්ධන ජනාධිපතිවරයා විසින් මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිවීම නතර කරනු ලැබුවද ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (6) පැවසීය. 06 August 2018
කෝටි දෙකේ කොල්ලයට 5ක් සැකපිට - කෝටි එකහමාරකුත් සොයාගනී ඒටීඑම් යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා පෞද්ගලික ආරක්ෂක සමාගමක් විසින් රැගෙන යමින් සිටි රුපියල් දෙකෝටි විසි ලක්ෂයක මුදලක් බුලත්සිංහල පහළ හාරගල ප්‍රදේශයේදී මිරිස් කුඩු ගසා කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 06 August 2018
සයිටම් කණ්ඩායමක් හෙට කොතලාවලට - අධ්‍යාපනය යළි මුල සිට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් හෙට කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට නියමිතය. 05 August 2018
විගණන කොමිසම අගෝස්තු 1 වැනි දා සිට බලගැන්වෙයි වසර තුනක පමණ කාලයක් තිස්සේ ප්‍රමාද වු විගණන කොමිසම අගෝස්තු 1 වැනි දා සිට බලගැන්වී ඇත. පාර්ලිමේන්තුවේ දී සම්මත වු විගණන පනතට කතානායකවරයා අත්සන් කළ පසු ජනාධිපතිවරයාගේ අනුමැතිය ද ඊට ලැබී තිබේ. 05 August 2018
ශිෂ්‍යත්ව විභාගයට ආශිර්වාද ගන්න ගිය දරුවන් බඹර ප්‍රහාරයෙන් රෝහලේ හෙට (05) පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට ආශිර්වාද ලබාගැනීම සඳහා බෝධිපූජාවක් පැවැති අතරතුර බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දරුවන් සහ දෙමාපියන් 60කට ආසන්න පිරිසක් මීට මඳ වේලාවකට පෙර පදවිය මූලික රෝහලට ඇතුළත් කළ බව පදවිය පොලීසිය කියයි. 04 August 2018
පස් කන්ටේනර් අස්සේ රන් පිටරට යවන ජාවාරමක් හෙළිවේ රුපියල් කෝටි ගණන් වටිනා රන් කැබලි මිශ්‍ර පස් පිටරට පැටවීමේ මහා පරිමාණ ජවාරමක් හෙළිකර ගැනීමට රේගුව හා පතල් කැනීම් කාර්යංශය සමත් වී තිබේ. 03 August 2018
මැති ඇමැති වැටුප් වැඩි කරන්න මුදල් ප්‍රතිපාදන ඉල්ලන්න යයි මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන සලසා දෙන්නැයි මුදල් අමාත්‍යංශය ලබන සතියේදී ඉල්ලීමක් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර ඇත. 03 August 2018
මහාචාර්ය කොල්වින් හෘදය සාක්ෂිය හෙළිකරයි ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනත සංශෝධනය කිරීමේ කාලීන අවශ්‍යතාව ඉටුකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව එහි හිටපු සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පැවැසීය. 03 August 2018
දැරියට අතවර කළ පුද්ගලයා මවගේ පිහි පහරින් මරුට පස්හැවිරිදි දැරියකට ලිංගික හිරිහැර කළැයි කියන පුද්ගලයකුට එම දැරියගේ මව එල්ල කළ පිහි ප්‍රහාරයකින් සැකකරු රෝහල් ගත කිරිමෙන් පසු මිය ගිය බව මුල්ලේරියාව පොලිසිය පවසයි. 03 August 2018
මහැදුරු කොල්වින් වෛද්‍ය සභාවෙන් ඉල්ලා අස්වේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 02 August 2018
වාහන තීරු බදු ඉහළට එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි මෝටර් රථවල තීරු බදු අද (1) සිට ඉහළ දැමු බව මුදල් අමාත්‍යාංශය පවසයි. 01 August 2018
ඒකාබද්ධයේ රැස්වීමට ආණ්ඩුවෙන් ඉවත්වූ හිටපු ඇමතිවරු 3 ක් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමට ආණ්ඩුවෙන් මෑතකදී ඉවත්වූ හිටපු ඇමතිවරුන් වන එස්.බී දිසානායක, සුසිල් පේ‍්‍රම්ජයන්ත සහ ජෝන් සෙනෙවිරත්න යන මහත්වරු සහභාගී වූහ. ඔවුන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමට සහභාගිවූ පළමු අවස්ථාව මෙයයි. 31 July 2018
පක්ෂ නායකයෝ අද පස්වරුවේ අගමැති හමුවෙති පළාත් මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට සියලුම දේශපාලන පක්ෂ නායකයෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (31) පස්වරුවේ හමුවෙති. 31 July 2018
මත්තල ආදායම ලක්ෂ 12යි - වියදම ලක්ෂ 2500යි මත්තල ගුවන් තොටුපොළේ මාසික ආදායම රුපියල් ලක්ෂ 12ක් වන අතර එහි නඩත්තු කටයුතු වෙනුවෙන් වියදම රුපියල් ලක්ෂ 2500 බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 30 July 2018
ඡන්දය ඉල්ලා ජී. එල්. උසාවි යන්න යයි නිල කාලය අවසන්ව තිබෙන පළාත් සභා තුනෙහි මැතිවරණ පැවැත් වීමට ක්‍රියානොකරන්නේ නම් මැතිවරණ කොමිසම් සභාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුපවරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 30 July 2018
විදුලි අර්බුදය ගැන හොයන්න නිලධාරීන් කෝප් කමිටුවට කැඳවයි විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සහ විදුලි ඒකකයක් සඳහා ගෙවන මිල සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව කරුණු විමසීමට විදුලිබල අමාතශංයේ හා ආර්ථික කටයුතු අමාත්‍යශයේ ලේකම්වරුන් සහ විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව යන ආයතනවල සභාපතිවරුන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවීමට නියමිත බව පාර්ලිමේන්තු ආංචි මාර්ග කියයි. 29 July 2018
බීමතින් සිටි මිතුරා වැවට දැමීමෙන් මරුට කණ්ඩලම වැවේ දියනෑමට ගිය තරුණයකු අද (28) පස්වරුවේ දියේ ගිලී මිය යෑමත් සමග තරුණයා සමග වැවේ මත්පැන් පානය කරමින් සිටි හා බීමතින් සිටි මිතුරා වැවට දැමු කීපදෙනකු ඇතුළු තරුණයන් 16 දෙනෙකු සැක පිට දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ . 28 July 2018
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 349 දෙනකුට තීරුබදු රහිත වාහන බලපත්‍ර ත්‍රිවිධ හමුදාවේ සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 349 දෙනකුට ගිය වසරේදී තීරු බදු රහිත වාහන බලපත්‍ර දී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය පවසයි 27 July 2018
පේරාදෙණිය සරසවිය දින නියමයක් නොමැතිව වසා දමයි පේරාදෙණිය විශ්ව විද්‍යාල්‍ය දින නියමයක් නොමැතිව වසා දැමිමට විශ්ව විද්‍යාල පාලක සභාව තීරණය කර තිබේ. 27 July 2018
උඩුවේ හිමියෝ ගුවන් යානයෙන් ඉවතට වැඩම කරවති උඩුවේ ධම්මාලෝක හිමියන් ‘මස්කට් නුවර හරහා ලන්ඩන් බලා පිටත්ව යෑම සඳහා අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර , ඕමාන් ගුවන් සේවයේ ගුවන් යානයේ අසුන් ගෙන සිටියදී ,එම යානයෙන් බස්සවා නැවත පිටත් කර යැවු බව කටුනායක ගුවන් තොටුපොළ ආගමන-විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පවසයි. 26 July 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026