(ඉන්දිකා රාමනායක)
සාමාන්‍ය පුද්ගලයන් 207 කට මරු කැඳවමින්, කතෝලික දේවස්ථාව සහ සංචාරක හෝටලවල කෙරුණු බෝම්බ පිපිරවීම් සම්බන්ධයෙන් 13 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව පොලිසිය කියයි. ආරක්ෂක සේවා බලධාරීන් අද (22) උදෑසන මෙමතොරතුරු හෙළිදරව් කර තිබේ.
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිදරව් නොකෙරිණ. බෝම්බ පිපිරවීම් සම්බන්ධයෙන් වරින් වර අත්අඩංගුවට ගන්නා ලද ගත් පුද්ගලයන් 24 දෙනකු කොළඹ අවට රඳවාගෙන සිටින බව පොලිස් ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම් 8 න් අඩුතරමේ දෙකක් වත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව පොලිසිය කියයි.
සිදුවීම් සම්බන්ධයෙන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී නිවසක් ඇතුළත සිටි අය බෝම්බ පුපුරුවාගැනීම නිසා පොලිස් නිලධාරීහු තිදෙනෙක්ද ජීවිතක්ෂයට පත්වූහ.
ජාතික ජනබලවේගය දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභික ධූර 26ක් දිනා ගත්තේය.
බියගම ප්‍රාදේශීය සභාවේ සභික ධූර පනස් හතෙන් ධූර 32කක බලය ජාතික ජන බලවේගය හිමි කරගත්තේය.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභික ධූර 46කින් 27ක පාලන බලය ජාතික ජනබලවේගයෙ දිනා ගත්තේය.
පාකිස්තානයේ සහ පාකිස්තානයේ පාලනය යටතේ පවතින කාශ්මීර් පළාතේ ත්‍රස්තවාදී ඉලක්ක 9 ක් වෙත ඉන්දීය සන්නද්ධ හමුදා අද(07) අලුයම ප්‍රහාර එල්ල කර ඇති බවත් ඉන් පාක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාස්කු ඉරිදා පිපිරීම් වලට 24 ක් අත්අඩංගුවේ
sugath Monday, 22 April 2019 03:21 AM
ඔන්න වෙලාව එල්ලුම් ගහ පටන් ගන්න. ලංකාව ආපහු ලේ විලක් කල එක ත්‍රස්තවාදියෙක්ටවත් සමාවක් දිය යුතු නැහැ.
Bamunuarachchi Monday, 22 April 2019 05:06 AM
මැරුණු ත්‍රස්තවාදීන්ගේ පවුල් වලට වන්දි ගෙවනවාද? නොගෙව්වොත් ප්‍රශ්නයක් අපට බදු වැඩිකර වන්දි ගෙවන්න.
roshan Monday, 22 April 2019 05:32 AM
බලාගෙන මානව හිමිකම් යන්න වෙයි.
athura Monday, 22 April 2019 05:38 AM
මේ බමුණු කියන කෙනාට පිස්සුද? හැටිද?
kuleMonday, 22 April 2019 06:19 AM
බමුණු කියන්නේ ඇත්ත මොකද ත්‍රස්තවාදීන්ට වන්දි නොගේවපු ආණ්ඩුවක්ද අද තියෙන්නේ........
neelMonday, 22 April 2019 06:20 AM
බමුණු කියන කෙනා කියන දේ හරි... එ්ක තේරෙන් නැති ඔයාලට පිස්සු. LTTE එකේ හිටපු අයට වන්දි ගෙවන්න පනතක් ගෙනාවා මතකද දැන් මාස 8-9 කට කලින්?
athuraMonday, 22 April 2019 07:50 AM
ඔය ඔබතුමාලා කියන පනත මොකක්ද කියල හොදට හොයල බලලද ඔය කතාකරන්නෙ.
Kavinda Monday, 22 April 2019 06:09 AM
මුන් මෙහෙ ඉන්න කොට මුන්ට උදව් කරපු අය හොයල උන්ටත් දඩුවම් උපරිමයෙන් දෙන්න ඕනි..
MOHAMED MAHROOF Monday, 22 April 2019 06:18 AM
අපේ සුරතල් නීතිවලින් ඈත් වෙන්න කාලය ඇවිත්
kule Monday, 22 April 2019 06:46 AM
නවසීලන්ත ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස මෙය සිදුකලා යයි අපට අනුමාන කලහැක කතෝලික බැතිමතුන් විදේශිකයන් සහ කතෝලික ජනතාවගේ විශේෂ දිනයක්ද වෙන නිසා මේ ප්‍රහාරය දියත්කලේ ලෝකයේ කතෝලික බැතිමතුන් ජීවත්වෙන රටවලින් ජාතික ආරක්ෂාව අඩුම දුර්වලම රට ශ්‍රී ලංකාව යයි ඔවුන් තෝරා ගත්නිසා වීමට පුළුවන.....
lalith m Monday, 22 April 2019 06:47 AM
සියල්ලට හේතුව අපි ඉස්සර සිදු වුන දේවල් අමතක කරලා පිස්සු විදියට ජීවත් වෙන එක. අපි හැම දෙනාවම විස්වාස කරනවා වැඩි.
jayath Monday, 22 April 2019 06:48 AM
මට හිතෙන්නේ බමුණට විතරක් නෙමෙයි බමුණු , ඔබ හා මා ද ඇතුළු මේ රටේ කෝටි දෙකටම පිස්සු (225 කට හැර )
kumara Monday, 22 April 2019 08:01 AM
ආරක්ෂාවෙන් දුරුවල රටක් වන ලංකාව තෝරගත්තා ප්‍රහාරයක් දියත් කරන්න. අපි කොහොමද ආරක්ෂාවෙන් දුර්වලුනේ ලෝකයා ඉදිරියේ.................
සුමිත් Monday, 22 April 2019 10:01 AM
මිනිසුන්ගේ ප්‍රශ්න අමතක කර ලංකාවේ තමන්ගේ ජන්ද ගොඩ වැඩි කරගන්න දේශපාලුවෝ ඉදිරි ජනාධිපතිකමට අමුඩ ගසනවා. ජාතික ආරක්ෂාව ගැන නොව තමන්ගේ රැකවරණය ගැන විමසිලිමත්...