මධූෂ්-අමල්-නාලකගේ සබඳතා සොයන්න පරීක්ෂණයක්
පාතාල නායක මාකඳුරේ මධුෂ් සහ ජනප්‍රිය ගායක අමල් පෙරේරා යන දෙදෙනා සමඟ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන ආකාරයේ සබඳතාවක් පැවැත්වුයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර පොලීසිය හරහා කටයුතු කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (13) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කළේය.