විජයකලා අත්අඩංගුවට ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශයක් සිදු කළැයි කියන සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අංගුවට ගත් බව පොලිසිය කියයි. 7 years ago
තෙබුවන වැසියෝ සැරයන් සනත්ට සාධාරණය ඉල්ලති අසාධාරණ ලෙස සිරගත කළ තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන මහතාට සාධාරණය ඉටු කරන ලෙස අද (07) තෙබුවන පොලිසිය ඉදිරිපිට හා කලුතර නගරයට රැස්වූ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂණය කළහ. 7 years ago
ජාතික රෝහලේ පටකවේදීය පරීක්ෂණ මාස 4ක් තිස්සේ නැවතිලා කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයේ පටකවේදීය පරීක්ෂණ මාස 4 ක සිට නතර වී ඇතැයි වාර්තා වේ. 7 years ago
‘සභාග ආණ්ඩුවක් පිහිටුවීමට ඒකාබද්ධයේ තීරණයක් නැහැ‘ සභාග රජයක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණයක් ගෙන නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 7 years ago
සභාග ආණ්ඩු යෝජනාව ගැන සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කැඳවයි ඉදිරිපත්ව ඇති සභාග ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ නිවසට 9 වැනිදා රාත්‍රීයේ කැඳවා ඇතැයි වාර්තා වේ. 7 years ago
වැස්සෙන් ගාල්ලේ 8469 ක් අවතැන්: ජල පහරට හසුවී අයෙක් මරුට ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවෙන් එක් පුද්ගලයෙකු ජලයේ ගසාගෙන ගොස් මියගොස් ඇති අතර පවුල් 131ක සාමාජිකයින් 8469කු පිඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. 7 years ago
නෑබඩ ගෙදරක සිරවී සිටි සිව් දෙනෙක් බේරා ගනිති කළුතර නෑබඩ උඩෝවිට ප්‍රදේශයේ නිවාස තුනක් මතට පස් කන්දක් නාය යාමෙන් එක් නිවසක සිරවී සිටි එකම පවුලේ හතර දෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන හොරණ මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 7 years ago
අධික වැසි හේතුවෙන් වැලිපැන්න පිවිසුම වසා දමයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තාවවකාලිකව වසා දමා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අලුත්ගම මතුගම මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ ප්‍රදේශය ජලයෙන් යටවී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. අද උදෑසන සිට අධික වර්ෂාවක් දකුණු හා නිරිතදිග ප්‍රදේශවල පවතින බැවින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේ දී උපරිම වේග සීමාව පැයට කිලෝ මීටර 60ක් දක්වා සීමා කෙරුණු අතර එම සීමාව තවදුරටත් එසේම පවත්වාගෙන යන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය සහ දක්ෂිණ අධිවේගී මාර්ග පොල 7 years ago
ඝාතන කුමන්ත්‍රණය ගැන පොලිස් කොමිසමේ ලේකම්ගෙනුත් ප්‍රශ්න කරයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ඩී එම් සමන් දිසානායක මහතා කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගත් බව එහි ආරංචි මාර්ග කියයි. 7 years ago
ඥානසාර හිමිගේ ඇපෑල ඉවතට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හයක සිර දඬුවම් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා ඉල්ලීම අද (28) ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් දඬුවමද තහවුරු කළේය. 7 years ago
පොලිස් වෙඩි කෑ මධුෂ්ගේ ගෝලයාට බරපතළයි දකුණු පළාතේ ප්‍රබල පාතාල නායකයකු ලෙස සැලකෙන ඩුබායි රටට පලාගොස් සැඟවී සිටින මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයකු සහ පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් අතර ඔරුවල වානේ සංස්ථාව ආසන්නයේදී ඊයේ (04) දහවල් සිදුවූ වෙඩි හුවමාරුවක දී පොලිස් වෙඩිකා බරපතළ තුවාල ලැබූ පාතාලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිස් මූලස්ථානය කියයි. 7 years ago
සීඅයිඩිය පැය 9 ක් ක්‍රිකට් ලොක්කාගෙන් ප්‍රශ්න කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එළඹෙන එංගලන්ත සංචාරයේ රූපවාහිනී අයිතිය වෙනුවෙන් විදේශ රූපවාහිනී ආයතනයකින් ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 5.5 ක් හෙවත් රුපියල් කෝටි 90 කට අධික මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමට සූදානම් වූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය නවයක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තේය. 7 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago