‘‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතෙන් ඉහළ ප්‍රතිශක්තියක්‘‘
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාගත් මෙරට ජනතාවගෙන් සියයට අසූවකට වැඩි පිරිසකට පළමු එන්නත් මාත්‍රාවෙන් ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැගී ඇති බවත අලුත්ම පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනයේ ප්‍රධානී ආචාර් චන්දිම ජීවන්දර මහතා පවසයි.