ඥානසාර හිමිට පැනවූ දඬුවම් ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක් අධිකරණයට අපහාස කළ චෝදනාවලට වැරදිකරු වී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණයෙන් පැන වූ සිරදඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි අභියාචනාධිකරණය අද නියම කළේය. 1 hour ago
පාර හාදා දින දෙකයි කඩිගමුවේදී ගලක් කඩා වැටී දුම්රියක් පිලි පනී දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් ව මාස 10 කට අධික කාලයක් නැවතී තිබූ රඹුක්කන පේරාදෙණිය දුම්රිය ගමන් යළි සක්‍රිය වී දින දෙකකට පසු දුම්රියක් පීලිපැනීම නිසා එම මාර්ගයේ දුම්රිය ගමන්වලට බාධා එල්ලවී ඇත. 3 hours ago
කතානායකගේ ඉල්ලීමක් පැහැර හැරි මැතිසබා පරිපාලන අධ්‍යක්ෂිකාවගෙන් නිදහසට කරුණු අසයි නව රාත්‍රී පූජා උත්සවයක් සංවිධානය කරන ලෙසට කතානායකවරයා කළ ඉල්ලීමක් පැහැර හරින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙස පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීතිඥ හංස අබේරත්න මහතා එහි පරිපාලන අධ්‍යක්ෂිකා කාන්ති පීරිස් මහත්මියට දැනුම්දී ඇත. 7 hours ago
අත්අඩංගුවට පත් ඥානසාර හිමි අධිකරණයට තිනියාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 23 hours ago
විවෘත වරෙන්තු ලබා සිටි ඥානසාර හිමි අත්අඩංගුවට අභියාචනාධිකරණයෙන් හා මහාධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පිටිගල තවලම පාරේ ලෙනගිරි ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටියදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි 03 October 2026
ලංකා මුහුදු සීමාවේ ඇති ඉරාන නැව්වලට උදව් කළොත් සම්බාධක මෙරට විශේෂ ආර්ථික කලාපයේ නැංගුරම්ලා තිබෙන ඉරාන නෞකාවලට ඉන්ධන සහ සැපයුම් ලබා දුන් නෞකාවලට සේවය සපයන සමාගම්වල ලංකාවේ නෞකා දෙකක් දෙවැනි වටයේ සම්බාධක හේතුවෙන් අසාදුලේඛනගතවී ඇතැයි ආරංචි මාර්ග අද (02) ප්‍රකාශ කළේය. 02 October 2026
සලේට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් දහයකට නොතිසි පාස්කු ඉරිදා එල්ල කළ මාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා පරීක්ෂා කර ඔහු සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කළ ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් කටයුතු කළ වෛද්‍යවරුන් දසදෙනාට ලබන 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කළේය. 02 October 2026
ශ්‍රී ලංකාව සහ සිනොපෙක් සමාගම පසුගිය ජූනි වන තෙක් එකඟතාවයකට ඇවැත් නෑ මෙරට විශාලතම සෘජු විදෙස් ආයෝජන ව්‍යාපෘතිය වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහ සිනොපෙක් සමාගමට පසුගිය ජූනි මාසය අවසන් වනවිටත් එකඟතාවයකට එළැඹීමට නොහැකි වී ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ මෙරට ආයෝජන තත්වය පිළිබඳව නවතම වාර්තාවේ සඳහන් වේ. 02 October 2026
අහුංගල්ලේදී වෙඩි කෑ ලොකු පැටීගේ මල්ලී පොඩි පැටී මරුට අහුන්ගල්ල වැලිකන්ද ප්‍රදේශයේදී අද සන්ධ්‍යා කාලයේ සිදුවූ වෙඩි තැබීමෙන් පාතාල නායක අහුන්ගල්ලේ ලොකු පැටීගේ මල්ලී මිය ගිය බව අහුන්ගල්ල පොලීසිය තහවුරු කරයි. 01 October 2026
ඩීසල් ලීටරයකින් රුපියල් 66 ක් පාඩුයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 66 ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 52 ක් තව දුරටත් පාඩු ලබන බවත් තෙල් පිරිපහදුවෙන් සහ ගුවන්යානා තෙල් අළෙවිය ඇතුළු වෙනත් ලාභයන් හේතුවෙන් ඉන්ධනවලින් වන පාඩුව දරාගත හැකි බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (1) පැවසීය. 01 October 2026
‘‘මව්පියන් විදෙස්ගතවීමෙන් දරුවන්ගේ බඩ පිරුනත් රැකවරණය අහිමි වුණා‘‘ මාපියන් විදෙස්ගත වීමෙන් දරුවන්ට ආර්ථික වාසි ලැබුණද, නිසි රැකවරණයක් නොමැතිවීම හෝ දිගු කාලයක් දෙමාපියන්ගෙන් වෙන්ව සිටීම හේතුවෙන් දරුවන්ට මානසික පීඩනය ඇතුළු ගැටලු ඇතිවිය හැකි බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රිගම් මහත්මියගෙන් මෙරට ජාතික ළමා දිනය නිමිත්තෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් පසුගියදා ප්‍රකාශ කළාය. 01 October 2026
එයාර් බස් ගනුදෙනුවේ එක් නඩුවකට නාමල්ට ඇප ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී මූල්‍ය අක්රමිකතාවයන් කර මුදල් විශුද්ධිකරණය කරන ලදැයි කියන සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියම කළේය. 30 September 2026
එයාර් බස් නඩුවට නාමල්ට ඇප එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 30 September 2026
අයිස් සිද්ධිය:DIG රන්මල්ගෙන් සීඅයිඩිය ප්‍රශ්න කරයි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් අද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. 30 September 2026
ගල්අඟුරු ගනුදෙනු: හිටපු ඇමති ජයකොඩි එක්ක 18කට ‘වැරැදි’ පෙන්නයි ගල්අඟුරු ගනුදෙනුවලට අදාල යම් යම් වැරදි ක්‍රියාමාර්ගවලට සම්බන්ධ බවට ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව බලශක්ති හිටපු අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඇතුළු ප්‍රධානීන් 18 දෙනෙකුට අද (29) දැනුම්දී ඇත. 29 September 2026
කතානායක බංගලාවේ බඩු පොත අතුරුදන් කතානායක බංගලාවේ බඩු වට්ටෝරු පොත අතුරුදන්ව ඇතැයි එහි කළමනාකාර පසන් අතුකෝරල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දුන්නේය. 29 September 2026
රුමේෂ් තරංග ආසියානු රන් පදක්කම දිනයි 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ දී හෙල්ල විසි කිරීම ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ මීට සුළු වේලාවකට පෙර සමත්විය. 28 September 2026
අම්බලන්ගොඩ කළු නෝනිට වෙඩි තැබීමට සම්බන්ධ තුනක් සැකපිට බද්දේගම, හල්පාතොට දී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි ‘අම්බලන්ගොඩ කළු නෝනි‘ නැමැති කාන්තාව සහ එම ත්‍රිරෝද රථයේ රියැදුරු වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි වෙඩික්කරුවන් මෝටර් රථයකින් ප්‍රවාහනය කළ බව කියන සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 28 September 2026
ගුවන් නියමුවරියගේ පැමිණිල්ලට උසාවි නොආ චාමිකට වරෙන්තු අධිකරණයේ හමුවේ පෙනී නොසිටි ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා අද නියෝග කළේය. 28 September 2026
යතුරු පැදියක් විදුලි කණුවක ගැටී දරු දෙදෙනෙක් මරුට:මව රෝහලට යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටිමෙන් දරුවන් දෙදෙනකු මියගොස් ඔවුන්ගේ මව බරපතල තුවාල ලබා ඇති බව මාදම්පේ පොලිසිය කියයි. 28 September 2026
ඉන්ධන සහනෙට කෝටි 4100ක්: අද කැබිනට්ටුවට ඉදිරි මාස තුන සඳහා රුපියල් කෝටි 4100 ක ඉන්ධන සහනාධාරයක් ලබාදීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට අද(28) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 27 September 2026
‘‘උතුරෙන් අල්ලා ගත් මත්වල වටිනාකම බිලියන 1.5ක්‘‘ නාවික හමුදාව උතුරේ මාදගල් කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී අද අලුයම අල්ලා ගත් මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම රුපියල් බිලියන 1.5ක් පමණ වනු ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. 27 September 2026
තවත් ජලාශ දහයකට පාවෙන සූර්ය බලාගාර මෙරට තවත් ජලාශ දහයක පාවෙන සූර්ය බලාගාර (Flooting Solar Power Plants) පිහිටුවීමට කටයුතු කරන බව වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය. 26 September 2026
පොලොන්නරුව වකුගඩු රෝහලේ මුළුතැන්ගේ පිපිරීමක් පොලොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුලුතැන්ගේ තිබූ ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් එහි සේවකයන් හත් දෙනකු තුවාල පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලොන්නරුව පොලිසිය කියයි. 26 September 2026
බිනර පොහෝය අදයි බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් රට පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ පිංකම් සංවිධානය කර ඇත. 26 September 2026
22 තුනෙන් දෙකකින් සම්මතයි ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංශෝධන ඇතුළත් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (25) රාත්‍රී සම්මතවිය. 25 September 2026
සජබ මන්ත්‍රීලා කළු ඇඳුමෙන් මැතිසබයට විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට අද පැමිණ සිටීම විශේෂත්වයකි 25 September 2026
වැස්ස නුවරඑළිය පාසල් කටයුතු වලටත් දැඩි බලපෑමක් නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහතා මහතා පැවසිය. 24 September 2026
‘‘සජබ රජයකින් 22 අහෝසි කරනවා‘‘ සමගි ජන බලවේග රජයක් යටතේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 24 September 2026
විසි දෙක විවාදය ඇරඹෙයි විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කෙරිණි 24 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026