සෙව්වන්දිගේ මුහුණු පරීක්ෂණයට අවසර ඉල්ලයි පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර මුහුණු පරීක්ෂණයක් සිදු කිරීමට අවසර දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය අද (7) ඉල්ලා සිටියේය. 8 hours ago
ග්‍රෙගරිවැවට සී ගුවන් යානයක් කඩා වැටේ නුවරඑලිය ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට ගිය සී ගුවන් යානයක් අද දහවල් 12:30ට පමණ ග්‍රෙගරිවැවේ කඩා වැටීමෙන් එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කල බව නුවරඑලිය පොලිසිය පැවසීය. 15 hours ago
අගමැතිනියට විපක්ෂයෙන් විශ්වාසභංගයක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව නිකුත් කෙරුණු 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය පිළිබඳ ගැටලුව මුල් කර ගනිමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැතිනී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. 19 hours ago
උඩුදුම්බරට යළි තද වැසි මහනුවර උඩදුම්බර ප්‍රදේශයට යළිත් තද වර්ෂාව අද හැළීමට පටන් ගැනීමත් සමග නාය ගිය ස්ථාන ආසන්නයේ සිටින පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරලීමට පොලිසිය පියවර ගෙන ඇත. 06 January 2026
පවුල් ආරවුලක් නිසා තිදෙනෙක් දිවියෙන් වන්දි ගෙවති අනුරාධපුර, ගලෙන්බිදුණුවැව නුවරගම් කොළනිය, පඩිකාරමඩුව දී අද අලුයම 2.00 ට පමණ නිවෙසකට ගිනි තැබීමට හේතුව පවුල් ආරවුලක් බවට හෙළිවැණැයි පොලිසිය කියයි. 06 January 2026
ජොන්ස්ටන් හා බාල පුතා රිමන්ඩ් සමූපකාර තොග වෙළෙ ඳ සංස්ථාවේ ලොරි රථයක් හා රියදුරෙකු පුතුන් දෙදෙනා අධ්යක්ෂ ධූරය හෙබ වූ පුද්ගලික සමාගමක එතනෝල් ප්‍රවාහනයට, රජයේ දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය හා රජයේ මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ඔහුගේ බාල පුත්‍රයා ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය අද (05) නියෝග කළාය. 05 January 2026
ජොන්ස්ටන් සහ බාල පුතා අත්අඩංගුවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාලපුතා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 05 January 2026
‘‘හයේ ඉංග්‍රීසි මොඩියුලය බරපතල වැරැද්දක්‘‘ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාලව නිකුත් කළ 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය බරපතල වරදකැයි ආණ්ඩුව පිළිගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඇමැති විජිත හේරත් මහතා පැවැසූහ. 05 January 2026
සතොස හිටපු ප්‍රවාහන ලොක්කෙක් රිමාන්ඩ් කරයි සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් ලොරි රථ හා රියදුරන් හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා අධ්‍යක්ෂක ධූරය දැරූ පුද්ගලික සමාගමක එතනෝල් ප්‍රවාහනයට ලබා දී රියදුරුට වැටුප්ද ගෙවා රජයේ දේපළ අවභාවිතා කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු ප්‍රවාහන කළමණාකරුවකු වන ඉන්දික රත්නමලල සැකකරු ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල අතිරේක මහේස්ත්‍රාත් වරිය නියෝග කළාය . 04 January 2026
වෙනිසියුලානු තෙල් නිධිවල පාලනය ඇමෙරිකාවට වෙනිසියුලානු තෙල් නිධිවල පාලනය ඇමෙරිකාව අත්පත් කරගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරීඩාහි පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 04 January 2026
මදුරෝට-බිරිදට අධිචෝදනා ඇමෙරිකානු හමුදා භාරයට ගැණුනු වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ට එරෙහිව නිව්යෝර්ක් දකුණු දිස්ත්‍රික් අධිකරණයේ අපරාධ නඩු පවරා ඇති බව ඇමෙරිකන් නීතිපති පැම් බොන්ඩි නිල වශයෙන් නිවේදනය කර ඇත. 03 January 2026
මදුරෝ අල්ලා ගත්තා - ට්‍රම්ප් වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගත් බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 03 January 2026
වෙනිසියුලාවේ කැරකස් අගනුවර පිපිරීම් මාලාවක් වෙනිසියුලාවේ කැරකස් අගනුවර පිපිරීම් මාලාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 03 January 2026
දුරුතු පොහෝය අදයි දුරුතු පොහෝය අදයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් අදවන් වූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇතැයි ශාසන ඉතිහාසය සඳහන් කරයි. 03 January 2026
කතරගම දේවාලයේ රන් භාණ්ඩ රට වෙනුවෙන් වෙන්දේසි කරයි රුහුණු මහා කතරගම දේවාලයේ සේප්පුවල දැනට ගබඩා කර ඇති රන් භාණ්ඩවලින් සියයට 70 ක් පමණ වෙන්දේසි කර එයින් ලැබෙන ආදායම ‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ’ අරමුදලට පරිත්‍යාග කිරීමට බස්නායක නිලමේවරයා තීරණය කර තිබේ. 02 January 2026
කෝටි 300ක කුඩු විනාශ කරයි රුපියල් කෝටි 300 කට ආසන්න හෙරෝයින් හා අබිං මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත පිහිටි අධි දහන උදුනේ දමා විනාශ කිරීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝධරගම මහතා ඉදිරියේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන්ගේ රිඝු මැදිහත් විමේන් අද සිදුවිය. 02 January 2026
මධ්‍යම අධිවේගයේ කඩවත - මීරිගම කොටසේ වැඩ සියයට 40ක් අවසන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටසේ ඉදිකිරීම් මේ වන විට සියයට 40 කට ආසන්න ප්‍රමාණයක් අවසන් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පැවසීය. 01 January 2026
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි. 01 January 2026
2026 නව වසර සැමට සුබ වේවා ලැබුවාවූ 2026 නව වසර ලංකාදීප පාඨක සැමත්, රටවාසී ලෝක වාසී සියලු දෙනාටත් සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා. 31 December 2025
නාගොඩ රෝහලේ වෙඩි තැබීමක් කළුතර නාගොඩ මහ රෝහලට කඩා වැදුණු නාදුනන තුවක්කුකරුවෙකු විසින් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. 31 December 2025
අපේ තීරු බදු අඩු කරන්න; හිටපු ඇමති ඩලස්ගෙන් ට්‍රම්ප්ට ලිපියක් මෙරටින් ඇමරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා දැනට පවතින තීරුබදු මට්ටම සියයට 20ක ප්‍රතිශතය 2026 ට පමණක් අදාළ වන ලෙස සියයට 12ක් දක්වා තාවකාලිකව අඩු කරන ලෙස ඉල්ලීමක් කරමින් නිදහස ජනතා සභාවේ නියෝජිත හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යොමු කර ඇත. 30 December 2025
හිටපු ඇමැති ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා අද (30) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවපවසයි. 30 December 2025
පුටින්ගේ නිල නිවසට ගහන්න හදලා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නොව්ගොරොඩ් ප්‍රදේශයේ පිහිටි නිල නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට යුක්රේනය උත්සාහ කළ බවට චෝදනා එල්ල වෙයි. 30 December 2025
තරුණියක් ගිං ඔයේ සැඟවෙයි වෙන්නප්පුව නයිනමඩම පාලම මතින් ගිංඔයට වැටුණු 17 හැවිරිදි තරුණිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ගඟට පැන්නතරුණයකු බේරාගෙන ඇතැයි වෙන්නප්පුව මුලසථාන පොලිසිය කියයි. 29 December 2025
හොරණ ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක් හොරණ, වවුලගල, ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක අද(29) උදෑසන ඇතිවූ ගින්නකින් එම කර්මාන්තශාලාව ගිනිගෙන දැවෙමින් පවතින බව හොරණ පොලිසිය කියයි. 29 December 2025
කටුනායක යානයකත් බෝම්බ බියක් දෝහා කටාර් සිට පැමිණෙන ගුවන් යානයක ගුවන් මගි වෙස් ගත් පුද්ගලයන් සිව් දෙනකු බෝම්බ පුපුරවාගෙන සිය දිවි හානි කර ගැනිමේ සූදානමක් පවතින බවට ලද ඊ මේල් පණිවිඩයක් අනුව සිදු කළ පරික්ෂාවේදී එවැනි සැක සහිත කිසිවක් හමු නොවු බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසිය. 28 December 2025
මත්තල ගුවන්තොට සමාගම් තුනකට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්වය වැඩ පිළිවෙල (PPP) යටතේ පෞද්ගලික සමාගම්වලට පැවරීමට යෝජනාවලියක් සකස් කර ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා ලංකාදීපයට පැවසීය. 27 December 2025
හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (26) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 26 December 2025
මහනුවර කච්චේරියට බෝම්බ බියක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ බෝම්බයක් ඇතැයි කිසියම් අයකු ලබා දුන් තොරතුරක් මත දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්පූර්ණ අද විශේෂ සෝදිසියකට ලක් කළේය. 26 December 2025
බෙලිඅත්තේ බස් - ටිපර් අනතුරකින් 30ක් රෝහලට දික්වැල්ල - බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ හදපාන්ගොඩැල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් 30 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි බෙලිඅත්ත පොලීසිය පවසයි. 25 December 2025
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025