සුජිත් හේවාජුලිගේ
කතානායක බංගලාවේ බඩු වට්ටෝරු පොත අතුරුදන්ව ඇතැයි එහි කළමනාකාර පසන් අතුකෝරල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.
බඩු වට්ටෝරු පොත බාරව සිටි කතානායක පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීයා ළග එම පොත නැතැයි තමාට දැනුම් දුන් බව අතුකෝරල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේයැයි කොමිෂන් ආරංචි මාර්ග සඳහන් කළේය.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට නිල නිවෙස නිකුත් කිරීමේ දී සිදුවී ඇතැයි කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කතානායක නිල නිවෙසේ කළමනාකාරවරයාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
කොමිසමෙන් කෙරුණු දැනුම්දීමක් අනුව කළමනාකාරවරයා උදේ එහි පෙනී සිටියේය. කතානායක බංගලා කළමනාකරු අදාළ ලියැකියවිලි ද සමග කොමිසමේ විශේෂ විමර්ශන අංශයට යොමු කරන ලෙස කොමිසම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන) චින්තා බුලත්සිංහල මහත්මියට පසුගියදා දැනුම් දුන්නේය.
කතානායක නිල නිවෙස සම්බන්ධයෙන් පවත්වාගෙන යන සේවකයන් සම්බන්ධ ලේඛන ඇතුළු සියලුම ලේඛන විදුලිය සහ ජලය හා අනෙකුත් ගෙවීම්වලට අදාළ ලේඛන කොමිසමට ඉදිරිපත් කරන ලෙසට ද එමගින් වැඩිදුරටත් දන්වා තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd