(සුජිත් හේවාජුලිගේ)
ගල්අඟුරු ගනුදෙනු ිළිබදව බලශක්ති හිටපු ඇමැතිවරුන් සහ හිටපු අමත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ප්‍රධානීන් දස දෙනකුට චෝදනා කියවාදීම ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිෂන් සභාවේ දී අද (29) කෙරෙන බව එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මේ අතර ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නොරොච්චෝල ලක්විජය බලාගාරයේ ගණකාධිකාරීවරයා ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව හමුවට අද (29) කැඳවා ඇත.
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ බොහෝ විමර්ශන අවසන්ව ඇති අතර හිටපු අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කිරීම ද අවසන්ව ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විවිධ තරාතිරම්වල 204 කගෙන් ප්‍රකාශ 370ක් සටහන් කරගෙන ඇති බව කොමිෂන් සභාව පවසයි.
ප්‍රකාශ සටහන් කර ගැනුණු පිරිසට හිටපු බලශක්ති අමාත්‍යවරුන් අමාත්‍යාංශ ලේකම්වරුන්, ලක්විජය ගල්අඟුරු සමාගමේ ප්‍රධානීන්, ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ නැව් සංස්ථාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඇතුළත් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd