ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

කිලිනොච්චිය ජයපුරම් කිරාන්චි පොදු ක්‍රීඩාංගණයේදී පෙරේදා (27) සවස පැවති පා පන්දු තරගාවලියක් අතරවාරයේ පා පන්දු කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් සහ ක්‍රීඩා ලෝලීන් අතර ඇති වූ ගැටුම අහසට වෙඩි තබා සම්පූර්ණයෙන්ම මැඩ පැවැත් වූ බව පොලිසිය කියයි.

මෙම ගැටුමේදී පස් දෙනකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලිසිය පවසයි.

ජයපුරම් ක්‍රීඩාංගණයේදී පෙරේදා (27) සවස පා පන්දු ක්‍රීඩා කණ්ඩායම් දෙකක් අතර තරගාවලියක් පවත්වා ඇත.

මෙම තරගාවලියේදී විනිසුරුවරයා ලබා දුන් තීන්දුවකට එරෙහිව ක්‍රීඩා කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් දෙදෙනකු අතර මත ගැටුමක් ඇතිවී එය එකිනෙකාට පහරදීමක් දක්වා දුරදිග ගොස් ඇතැයි ජයපුරම් පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.