IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


හැමදාමත් මුලින්ම කිරිබත් කන ’කිරිබති’

 

තවත් වසරක් අවසන් විය. නව වසරක් උදා විය. සෑම විටම, නව වසර පළමුවෙන් ම උදාවෙන්නේ, එසේත් නැතිනම් ලොව පළමුවෙන්ම ‘කිරිබත් කන්නේ’, ‘කිරිබති’ නමැති පුංචි දූපත් සමූහයේ වැසියන්ය. ශ්‍රී ලංකාවේ වේලාවෙන් දෙසැම්බර් 31 වැනිදා 3.30 වෙද්දී, ‘කිරිබති’ දූපත් රාජ්‍යයට නව වසර උදා වෙයි. එසේ වෙන්නේ මුලින්ම හිරු උදාව සිදුවෙන්නේ ‘කිරිබති’ දූපත් රාජ්‍යයට වීම නිසාය. 


‘කිරිබති’ යනු, පැසිෆික් සාගරයේ පිහිටි මධ්‍යම ඝර්ම කලාපීය කුඩා දූපත් සමූහයකි. සමකය හෙවත් නිරක්ෂ රේඛාව වැටී ඇත්තේ මේ දූපත් සමූහය මැදිනි. ඒ නිසා ඒ රාජ්‍යය පෘථිවියේ ප්‍රධාන අර්ධගෝල දෙකටම අයත් රාජ්‍යයක් ද වෙයි. එපමණක් නොවෙයි, පෘථිවිය බෙදන අනෙක් රේඛාව වූ අක්ෂාංශ බින්දුවේ රේඛාවෙනුත් දෙකට බෙදෙයි. ඒ නිසා ‘කිරිබති’යනු මුළු පෘථිවි ගෝලයට ම නෑකම් කිව හැකි රාජ්‍යයකි. මෙවන් රාජ්‍යයක් ලෝකයේ තවත් කොහේවත් නැත.


‘කිරිබති’ ජනරජයට අයත් කුඩා දූපත් රැසක් පැසිෆික් සාගරයේ වර්ග කිලෝමීටර් මිලියන 3.5ක් පුරා විසිරී පවතී. කලින් ගිල්බට් දූපත් ලෙස හඳුන්වනු ලැබූ මෙය, කොරල්පරවලින් සමන්විත කුඩා දූපත් 32 ක් සහ බනාබා නමින් හැඳින්වෙන, පසුව මතු වූ එක් කොරල් දූපතක් ද ඊට ඇතුළත් වෙයි. අතීතයේදී ‘කිරිබති’ බ්‍රිතාන්‍යයට අයත් ජනපදයක් වූ නිසා එරට වැසියන්ගේ නිල භාෂාව ඉංග්‍රීසිය. දේශීය භාෂාව ගිල්බටීස්ය. පසුව එහි ඇතැම් දූපත් ඇමෙරිකා එක්සත් ජනපදය සතුවිය. 1979 දී ‘කිරිබති’ දූපත් එක්සත් ජනපදයෙන් හා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවේය. අද පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකි. ‘කිරිබති’ අද පොදු රාජ්‍ය මණ්ඩලයේ පමණක් නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ද සාමාජික රාජ්‍යයකි. ‘කිරිබති’ ජනරජය 1999 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය හිමිකරගත්තේය. ලෝකයේ ළාබාලතම ස්වෛරී රාජ්‍යයන්ගෙන් එකක් ලෙස ද ‘කිරිබති’ ජනරජය හැඳින්විය හැක.


අඩුම සංවර්ධනයක් පෙන්නුම් කරන රටවල් අතරින්, සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ද ‘කිරිබති’ හැඳින්විය හැකිය. මානව සංවර්ධන දර්ශකයේ ‘කිරිබති’ රාජ්‍යයට හිමි වී ඇත්තේ 0.624 ක අගයකි. 2020 සංගණනයට අනුව, ‘කිරිබති’ ජනගනය 119,000 කි. ලෝක බැංකුවේ වාර්තා අනුව 2021 ජනගහනය 128,874කි. එයින් අඩකට වඩා ජීවත් වෙන්නේ එහි අගනුවර වූ තරාවා හිය. විසිර ඇති දූපත්වල මුළු භූමි ප්‍රදේශය වර්ග කිලෝමීටර 811.2කි. එයට අයත් සාගර ප්‍රදේශය වර්ග කිලෝමීටර් මිලියන 3.4කි. මේ කොදෙව් සමූහය වර්තමානයේ ඕෂේනියා මහාද්විපයට අයත්ය. 

 


පළමුවෙන්ම නව වසර උදාවෙන රට ලෙස ‘කිරිබති’ දූපත් වැසියෝ මහ ඉහළින් මල් වෙඩි සංදර්ශන පවත්වමින් හෝ ගිනිකෙළි සංදර්ශන පවත්වමින් අවුරුදු උදාව සමරන්නේ නැත. ඔවුන්ගේ අවුරුදු සැමරුම් චාම්ය. ඝෝෂාකාරී නැත. සාමාන්‍යයෙන් අවුරුදු උදාවෙද්දී, ‘කිරිබති’ දූපත් රාජ්‍යයේ උෂ්ණත්වය යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ සමහර ප්‍රදේශවලට වඩා උණුසුම්ය. එය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 25-30 (ෆැරන්හයිට් අංශක 77-86) අතරය. සෑම දෙසැම්බර් 31 වැනිදාවකම, උදේ සහ සවස් කාලයේ විනෝද වෙමින් මුහුදේ පිහිනීමට, කිමිදීමට, මසුන් ඇල්ලීමට, දූපත්වල ගොල්ෆ් ක්‍රීඩා කිරීමට ‘කිරිබති’ වැසියෝ යුහුසුලු වෙති. රාත්‍රිය ළංවෙද් දී, ‘කිරිබති’හි ඔවුහු, එක් රොක් වෙති. කා බී විනෝද වෙමින්, ගී ගයමින් සහ නටමින් නව වසර පිළිගනිති.


අප ‘කිරිබති’ යනුවෙන් හැඳින්වුවත්, ‘කිරිබති’ වැසියන් ඔවුන්ගේ රටේ නම උච්චාරණය කරන්නේ ‘කිරිබාස්’ (Kiribass)  යනුවෙනි. හේතුව, ‘කිරිබති’ වැසියන් භාවිත කරන ගිල්බර්ටීස් භාෂාවට අනුව, ‘ති’ යන්න ශබ්ද වෙන්නේ නැත. එය ශබ්ද වෙන්නේ ‘ස්’ යනුවෙනි. එහෙයින්, කිරිබති යන වදන නිවැරදිව උච්චාරණය කරන්නේ නම්, එය ‘කිරිබති’ නොව, ‘කිරිබාස්’ ය. ගිල්බර්ටීස් බසින්, නත්තල හැඳින්වෙන්නේ ‘කිරිතිමතී’ (Kiritimati) ලෙසය. බ්‍රිතාන්‍ය දේශ ගවේෂක ජේම්ස් කුක්, 1777 වසරේ, නත්තල් සැන්දෑවේ ‘කිරිබති’ දූපත් සමූහයට පැමිණි බැවින්, ‘කිරිබති’ නිල නොවන ලෙස තවත් නමකින් හැඳින්වෙයි. ඒ, ‘ක්‍රිස්මස් අයිලන්ඩ්’ Christmas Island යනුවෙනි. ඒත් අද ‘ක්‍රිස්මස් අයිලන්ඩ්’ (Christmas Island) යන නිල නාමයෙන් හැඳින්වෙන දූපත් සමූහයක් ඉන්දීය සාගරයේ පිහිටා ඇත. මෙම දූපත් ඔස්ට්‍රේලියාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙයි.


ක්‍රි.ව. 1250 තරම් ඈත කාලයේ, පොලිනීසියානු ජනයා, ‘කිරිබති’ පැමිණ එහි පදිංචි වූ බව, පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් තහවුරු වී ඇත. කෙසේ නමුත් දූපත්වල ස්ථිර ජනාවාස 1882 දක්වා ආරම්භ වූයේ නැත. එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ හමුදා විසින් ‘කිරිබති’ න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදුකිරීමට සුදුසු ස්ථානයක් ලෙස භාවිත කරන ලදී. ඒ, 1950 සහ 1960 ගණන්වලය. න්‍යෂ්ටික විකිරණවලට දූපත් වැසියන් ලක් කරමින්, ඔවුන් යොදාගෙන පර් යේෂණ සිදු කරන්න විය. ඇමෙරිකන් සැමෝවා සහ බේකර් අයිලන්ඩ් යන දූපත් ගණනාවක් ‘කිරිබති’ දූපත් රාජ්‍යයට බටහිර දෙසින් පිහිටා ඇත. එහෙත්, ජාත්‍යන්තර දින රේඛාවේ පිහිටීම අනුව, මෙම දූපත්වලට අවුරුදු උදාව සිදුවෙන්නේ,‘කිරිබති’ දූපත් රාජ්‍යයට අවුරුදු උදා වී පැය 24-26 කට පසුවය.

 

■ ලු‍සිත ජයමාන්න



අදහස් (0)

හැමදාමත් මුලින්ම කිරිබත් කන ’කිරිබති’

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 4004 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 58 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1514 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 481 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 173 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 284 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 499 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1951 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1714 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site