IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


facebook මිත්‍රයාට 20 යි

 

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


එවකට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ මාර්ක් සකර්බර්ග් ඔහුගේ මිතුරන් කිහිපදෙනකු සමඟ එක්ව 2004 වසරේ පෙබරවාරි මස 4 වැනිදා ‘ද ෆෙස්බුක්’ නමින් සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වූ මුහුණු පොත දියත් කළේය. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සිසුන් එකිනෙකා සම්බන්ධ කිරීමේ අරමුණින් සකර්බර්ග් සහ මිතුරන් මුහුණු පොත එළි දැක්වූ අතර කල්යත්ම ‘ද ෆෙස්බුක්‘ ‘ෆෙස්බුක්’ ලෙස වෙනස් විය.


එතැන් සිට මසකට බිලියන දෙකකට වඩා වැඩි ක්‍රියාශීලී පරිශීලකයන් පිරිසක් සිටින ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වීම දක්වා පැමිණි ගමනේදී අවස්ථා ගණනාවකදී මුහුණු පොතේ මුහුණුවර අලු‍ත් විය. මුහුණු පොතේ මුහුණුවර අවස්ථා ගණනාවකදී වෙනස් වුවත් මුහුණු පොත දියත් කිරීමේදී මාර්ක් සකර්බර්ග්ට තිබූ අරමුණ කිසිම දිනෙක වෙනස් වූයේ නැත. සැමවිටම මිනිසුන් මාර්ගගතව සම්බන්ධ කිරීමත් දැන්වීම්කරණය තුළින් මහා ධනස්කන්ධයක් ඉපැයීමත් මුහුණු පොත ආරම්භයේ සිටම සකර්බර්ග්ගේ ඉලක්කය විය.

සමාජ මාධ්‍ය යන වචනයට නව අර්ථයක් ලබා දුන් මුහුණු පොත

මයි ස්පේස් වැනි සමාජ මාධ්‍ය ජාල මුහුණු පොත ආරම්භ වීමට පෙර සිටම පැවතියත් 2004 වසරේදී මුහුණු පොත ආරම්භ වීමත් සමඟ විශාල ජනප්‍රියත්වයක් ලබා ගැනීමට මුහුණු පොතට හැකියාව ලැබුණේය. වසරක් යන්නටත් මත්තෙන් පරිශීලකයන් මිලියනයක් මුහුණු පොත සතු වූ අතර සිව් වසරක් ඇතුළත මයි ස්පේස් පසුකර යාමට මුහුණු පොතට හැකි විය. ඡායාරූප මුහුණු පොත තුළ පළකිරීමේදී පුද්ගලයන් “ටැග්”‍ කිරීමේ හැකියාව වැනි නවෝත්පාදනයන්ගෙන් මුහුණු පොත පෝෂණය වී තිබීම මෙලෙස විශාල ජනප්‍රියත්වයක් කෙටි කලකින් ළඟා කර ගැනීමට මුහුණු පොතට හැකිවීමට එක් හේතුවක් විය.


2012 වසර වනවිට මසකට ක්‍රියාශීලී පරිශීලකයන් බිලියනයක් මුහුණු පොත පරිශීලනය කළ අතර 2021 වසර අවසානයේදී  ප්‍රථම වතාවට දිනපතා මුහුණු පොත වෙත පැමිණෙන පරිශීලකයන්ගේ අඩුවක් දක්නට ලැබිණ. 2021 වසර හැරෙන්නට අනිකුත් සෑම වසරකදීම මුහුණු පොතේ පරිශීලකයන්ගේ වර්ධනයක් දක්නට ලැබුණේය.

වසර 20 ක කාලය තුළදී නොමිලේ අන්තර්ජාල සබඳතා ලබා දෙමින් තාක්ෂණය අඩු රටවල්වලට ව්‍යාප්ත වෙමින් පරිශීලකයන් සංඛ්‍යාව වැඩිකර ගැනීමට මුහුණු පොත සමත් විය. පසුගිය වසර අවසාන වනවිට දිනපතා මුහුණු පොත පරිශීලනය කරන පරිශීලකයන් සංඛ්‍යාව දිනකට බිලියන 2.11 දක්වා වැඩිකර ගැනීමට මුහුණු පොතට හැකියාව ලැබිණ.
මේ වනවිට තරුණ ප්‍රජාව අතර මුහුණු පොතේ ජනප්‍රියත්වය අඩු වී ඇති නමුත් තවමත් ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය මුහුණු පොත වේ. මේ අයුරින් සමාජ මාධ්‍ය තුළ නව යුගයක් බිහිකිරීමට මුහුණු පොතට හැකියාව ලැබිණ.


ඇතැමෙක් මුහුණු පොත, සබඳතා සවිබල ගැන්වීමේ මෙවලමක් ලෙස දකින අතර තවත් ඇතැමෙක් මුහුණු පොත, ඇබ්බැහි වීම තුළින් විනාශය කරා රැගෙන යන්නක් ලෙස දකී.

අපගේ පෞද්ගලික ජීවිතයට වටිනාකමක් ලබා දුන් මුහුණු පොත පෞද්ගලිකත්වය යන වචනය ජීවිතයෙන් මකා දැම්මේය.

අප කැමති අකැමැති දේ පිළිබඳ තොරතුරු එකතු කිරීම අතිශයින්ම ලාභදායී බව මුහුණු පොත ඔප්පු කළේය. වෙළෙඳ ප්‍රචාරක ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වන ‘මෙටා’ සමාගම ගූගල් වැනි සමාගම් සමග එක්ව ගෝලීය වෙළෙඳ ප්‍රචාරණ මුදලින් සැලකිය යුතු කොටසක් වෙන් කර ගනී. 2021 වසරේදී මුහුණු පොත සිය සමාගම් නාමය මෙටා ලෙස වෙනස් කර ගත්තේය.


පසුගිය වසරේ අවසාන කාර්තුව සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 40 කට වඩා වැඩි ආදායමක් වාර්තා කළ බව මුහුණු පොතේ මව් සමාගම වන මෙටා පසුගියදා ප්‍රකාශ කළේය. අපගේ කැමැත්ත අකැමැත්ත පිළිබඳ දත්ත එකතු කිරීම තුළින් ආදායම් ලබා ගන්නා ආකාරය සේම එකතු කරනු ලබන දත්ත අවභාවිත කරන ආකාරයද මුහුණු පොත මේ වන විට පෙන්වා දී ඇත.


එකතු කරන පුද්ගලික දත්ත වැරදි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙටා සමාගමට කිහිප වතාවක්ම දඩ ගෙවීමට සිදුවූවේය.


යුරෝපීය පරිශීලකයන්ගේ දත්ත එම කලාපයෙන් පිටතට හුවමාරු කිරීම හේතුවෙන් පසුගිය වසරේදී අයර්ලන්ත දත්ත ආරක්ෂණ කොමිසම විසින් මෙටා සමාගමට යූරෝ බිලියන 1.2 ක දඩයක් නියම කළේය. මේ වනවිට එම දඩය සම්බන්ධයෙන් මෙටා සමාගම ගොනුකර ඇති අභියාචනය විභාග වෙමින් පවතී.

මුහුණු පොත අන්තර්ජාලය දේශපාලනීකරණයට ලක් කළේය. 

මුහුණු පොත ඉලක්කගත දැන්වීම්කරණය සඳහා අවස්ථාව ලබා දෙන බැවින් ලොව පුරා පවත්වන මැතිවරණවලදී මුහුණු පොත ප්‍රධාන මැතිවරණ වේදිකාවක් වී ඇත. 
2020 ඇමෙරිකානු ජනාධිපතිවරණයට මාස 5 කට පෙර, හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක කණ්ඩායම ඇමෙරිකානු ඩොලර් මිලියන 40කට වඩා වැඩි මුදලක් මුහුණු පොතේ දැන්වීම් සඳහා ගෙවා තිබිණ.


ගෝලීය මට්ටමින් විවිධ කණ්ඩායම්වලට එකතුවීමටත් ප්‍රචාරණය කිරීමටත් සැලැසුම් කිරීමටත් හැකියාව ලබා දෙමින්  බිම්මට්ටමේ දේශපාලනය වෙනස් කිරීමටද මුහුණු පොත අත තබා ඇත. 


එසේම 2010 වසරේදී අරාබිවසන්තය නමින් සංවිධානය කළ රාජ්‍ය විරෝධී ජනතා නැගිටීම්වලදී තොරතුරු පැතිරවීමේදීත් විරෝධතා සම්බන්ධීකරණය කිරීමේදීත් මුහුණු පොත සහ ට්විටර් වැදගත් කාර්යභාරයක් සිදු කළේය.


නමුත් මුහුණු පොත දේශපාලනය සඳහා යොදා ගැනීම හේතුවෙන් මානව අයිතිවාසිකම්වලට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් මේ වනවිට විවේචන එල්ල වී ඇත. 
2018 වසරේදී රොහින්ග්‍යා ජනවාර්ගික කණ්ඩායමට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට මිනිසුන් මුහුණු පොත භාවිත කිරීම වැළැක්වීමට ෆේස්බුක් සමාගම අපොහොසත් වූ බවට ඉදිරිපත් වූ එක්සත් ජාතීන්ගේ වාර්තාවක් සත්‍ය බවට මෙටා සමාගම ප්‍රසිද්ධියේ පිළිගත්තේය.

ෆේස්බුක් මෙටා ආධිපත්‍යය ආරම්භ කළේය.

මුහුණු පොත ලැබූ විශාල සාර්ථකත්වයත් සමඟ මාර්ක් සකර්බර්ග් සමාජ ජාල සහ තාක්‍ෂණ අධිරාජ්‍යයක් ගොඩනගාගත්තේය. එවකට අලු‍තින් බිහිවූ වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ ඔකුලස් ඇතුළු නැගී එන සමාගම් සියල්ලම පාහේ මිලදී ගෙන ඒවාට විශාල තල්ලු‍වක් ලබා දීමට එම අධිරාජ්‍යයට හැකියාව ලැබිණ. මෙටා සමාගමට අයත් යෙදුම් සහ වෙබ් අඩවිවලින් අවම වශයෙන් එක් වැඩසටහනක් දිනකට බිලියන තුනකට වැඩි ජනතාවක් පරිශීලනය කරන බව එම සමාගමේ දත්ත පෙන්වා දී ඇත. 


තම ප්‍රතිවාදියා මිලදී ගැනීමට නොහැකි අවස්ථාවන්හි තම ආධිපත්‍ය පවත්වාගැනීමට එම ප්‍රතිවාදීන්ගේ නිෂ්පාදන පිටපත් කිරීමට මෙටා සමාගම පුරුදු වී ඇතැයි එම සමාගමට එල්ල වී ඇති එක් චෝදනාවක් වේ.

මීළඟ වසර 20 ක කාලය ඇතුළතදී මුහුණු පොතේ අනාගතය කෙබඳු වේ ද?

මුහුණු පොත අත්කර ගත් ජනප්‍රියත්වය එහි අඛණ්ඩ ආධිපත්‍ය, මුහුණු පොත කාලයට ගැළපෙන පරිද්දෙන් තබාගැනීමට මාර්ක් සකර්බර්ග්ට ඇති හැකියාව පිළිබඳ සාක්ෂි සපයයි. මුහුණු පොතේ 10 වැනි සංවත්සරයේදී බී.බී.සී. ඇතුළු නාළිකා බොහොමයක් මුහුණු පොතට 20 වැනි සංවත්සරය සැමරීමට හැකියාව ලැබේදැයි ප්‍රශ්න කළේය. මුහුණු පොත විවේචනය කරන්නන් මේ වනවිට මුහුණු පොතේ අවසානය පිළිබඳ කතා කිරීමට පෙර දෙවරක් සිතා බලනු ඇති බව නොඅනුමානය.


නමුත් මීළඟ වසර 20 ක කාලයේදී ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය යන කිරුළ රැකගැනීමේදී මුහුණු පොතට විශාල අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදුවනු ඇත. එයට හේතු වී ඇත්තේ මෙටා සමාගම කෙමෙන් කෙමෙන් මුහුණු පොතින් දුරස් වී සිය අවධානය මෙටාවර්ස් සහ කෘත්‍රිම බුද්ධිය වෙත යොමු කර තිබීමයි.

 

■ විමුක්ති එස්. රුද්‍රිගු



අදහස් (0)

facebook මිත්‍රයාට 20 යි

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3767 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 43 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1475 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 458 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 275 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 353 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1740 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1575 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site