IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්‍රතීතන කවුන්සිලය (HAC) සම්මානයට පාත්‍ර විය.

වමේ සිට දකුණ දක්වා - SLS පද්ධති සහතික කිරීමේ අධ්‍යක්ෂ එස්.යූ. නාරංගොඩ මහත්මිය , HAC හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී  ආකිෆ් ඒ. වහබ් මහතා , SLSI හි සභාපති ආචාර්ය අසංග රණසිංහ මහතා, HAC හි ආරම්භක සාමාජික ෆසාල් ඉසදීන් මහතා, HAC හි කළමනාකාර අධ්‍යක්ෂ රිස්වි සහීඩ් මහතා, රාජ්‍ය අමාත්‍ය තොරතුරු හා තාක්ෂණය ගරු කනක හේරත් මහතා, SLSI හි අධ්‍යක්ෂ , ජෙනරාල් ආචාර්ය සිද්ධිකා ජී සේනාරත්න මහත්මිය,  අධ්‍යක්ෂ තත්ත්ව සහතික ජී.එම්.බී.ඩී. නීලකාන්ති මහත්මිය.

ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන (SLNQA) වැඩසටහන, ඇමරිකා එක්සත් ජනපදයේ Malcolm Baldrige ජාතික තත්ත්ව සම්මාන වැඩසටහනෙහි නිර්ණායක මැනවින් අනුගමනය කරන අතර ජාත්‍යන්තර මට්ටමේ තත්ත්ව කළමනාකරණ විශිෂ්ටත්වයකට හිමිකම් කියයි. HAC විසින් ලද මෙම ඇගයීම තුළින්, මෙහෙයුම් වලදී තත්ත්ව ප්‍රමිතීන් දැඩි ලෙස ආරක්ෂා කරගැනීමට ඔවුන් තුළ වූ කැපවීම මනාව විදහා දැක්වේ.

තවද ශ්‍රී ලාංකේය ආහාර පාන නිෂ්පාදකයින් 240කට අධික සංඛ්‍යාවක් හලාල් සහතිකයට හිමිකම් කියන අතර ඔවුන් 2022 වසරේදී, ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක අපනයන ආදායමකට හිමිකම් කියනු ඇතැයි විශ්වාස කෙරේ. නිෂ්පාදනවල ගුණත්වය හලාල් ප්‍රමිතීන්ට අනුකූල බව විධිමත් ලෙස සහතික කෙරෙන බැවින් පාරිභෝගිකයින් තුල වූ විශ්වාසය රැකගැනීමට HAC සමත්වී තිබේ.

වර්තමානයේදී ආහාර නිෂ්පාදනවල විනිවිදභාවය සඳහා වූ පාරිභෝගික ඉල්ලුම දිනෙන් දින වැඩි වන බවක් දක්නට ලැබේ. මේ හේතුවෙන් හලාල් සහතිකය ලත් ආහාර පාන, මිය ගිය සතුන්ගෙන් ලබාගත් අමුද්‍රව්‍ය, මිනිස් සිරුරු කොටස්, කෘමීන්, අන්තරායකර විෂ සහ විෂ සහිත ද්‍රව්‍ය, රුධිරය, ඌරන් සහ මධ්‍යසාර වලින් ලබාගත් අමුද්‍රව්‍ය සහ සැකසුම් වලින් තොර බව පාරිභෝගිකයින්ට සහතික කරයි.

ISO 9001 තත්ත්ව සහතිකය හිමිකරගැනීම සඳහා HAC විසින් ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) ප්‍රතීතන මධ්‍යස්ථානයෙන් ISO 17065 සහ GSO 2055 ප්‍රමිතීන්ට අනුකූල බවට වූ සහතිකය ලබාගැනීමට කටයුතු කරඇත. එමනිසා HAC හට ඉතා කාර්යක්ෂම සේවාවක් සැපයීමට හැකිවන අතර හලාල් ප්‍රමිතියට අනුකූල වන සේවාදායකයින්ට හලාල් සහතිකය කඩිනමින් ලබා ගැනීමට ඉඩ සලසයි.

"ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී HAC ඇගයීමට ලක්වීම තුළින් විශිෂ්ටත්වය සහ තත්ත්ව කළමනාකරණයේ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට අපගේ කැපවීම යළිත් තහවුරු වෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා උත්ප්‍රේරකයක් ලෙස සේවය කරමින්, දේශීය හා විදේශීය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා දේශීය ආහාර පාන කර්මාන්තයට සහාය වීමට HAC නිරන්තරයෙන් කැපවී සිටිනවා” යැයි හලාල් ප්‍රතීතන කවුන්සිලයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී Aakif A Wahab මහතා පවසන ලදී.

HAC හි නියෝජිත කණ්ඩායම වමේ සිට දකුණ දක්වා HAC හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආකිෆ් ඒ. වහබ් මහතා, HAC හි ආරම්භක සමාජික ජනාධිපති නීතිඥ එම්. මොහොමඩ් සුහයිර් මහතා, HAC හි ආරම්භක සමාජික ෆසාල් ඉසදීන් මහතා, අධ්‍යක්ෂ අනස් ජුනයිඩ් මහතා, අධ්‍යක්ෂ එම්. යූ. එම් හුසේන් මහතා, කළමනාකාර අධ්‍යක්ෂ රිස්වි සහීඩ් මහතා, ගුණත්ව පාලක ප්‍රධානී මොහමඩ් නෆාස් මහතා, අධ්‍යක්ෂ සහරා අන්සාරි මහත්මිය , සභා සමාජික ෆර්මන් නිසාර් මහතා, ජ්‍යෙෂ්ඨ විධායක පාරිභෝගික සේවා සකීර් රිස්වි මහතා.

 



අදහස් (4)

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

fairoos Saturday, 02 March 2024 01:50 PM

ඉතාම හොඳයි .මෙය තුලින් අපනයනය වැඩි වෙනවා .ජාතිවාදීන්ට තමයි ඉතින් පොඩ්ඩක් අවුල්

:       12       12

Halaal Wednesday, 13 March 2024 09:21 AM

හලාල් එපා කියපු අය මේක හොඳින් කියවන්න: " "තවද ශ්‍රී ලාංකේය ආහාර පාන නිෂ්පාදකයින් 240කට අධික සංඛ්‍යාවක් හලාල් සහතිකයට හිමිකම් කියන අතර ඔවුන් 2022 වසරේදී, ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක අපනයන ආදායමකට හිමිකම් කියනු ඇතැයි විශ්වාස කෙරේ. නිෂ්පාදනවල ගුණත්වය හලාල් ප්‍රමිතීන්ට අනුකූල බව විධිමත් ලෙස සහතික කෙරෙන බැවින් පාරිභෝගිකයින් තුල වූ විශ්වාසය රැකගැනීමට HAC සමත්වී තිබේ." "

:       13       14

Asiri Friday, 19 April 2024 10:19 PM

අයියෝ ඕක මොකක්ද? දැන් පේන හැටියට පාස්කු බෝම්බෙ ගහගෙන තියෙන්නෙත් සිංහල අපි වගේනේ කථාව. හලාල් සිංහල ඔක්කොම සුන්නත් කලානම් හරි.

:       1       0

බද්රානි Friday, 26 April 2024 03:05 PM

ඔව් ආසිරි, ඔය මිලේච්ජ බෝම්බ ප්‍රහාරය සැලසුම් කරලා තියෙන්නෙත්, පර සිංහලයෝම තමයි... ඔහෙලව මේ රටේ තක්කඩි පාලකයෝ කප්පාදු කරලයි තියෙන්නේ,, ආයේ අමුතුවෙන් සුන්නත් කරන්න දෙයක් නැහැ...ඒ කාලේ හලාල් වලට එරෙහිව බුරාපු දඩෝරියත් දැන් කූඩුව ඇතුලේ නේද...?මෙවුන්ගේ මොලය වර්ධනය වෙන්න හලාල්ම තමයි කවන්න ඕනා...

:       0       0

ඔබේ අදහස් එවන්න

You may also like

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ
2024 අප්‍රේල් මස 09 353 0

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness


ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers
2024 මාර්තු මස 14 1743 0

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම


හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ
2024 පෙබරවාරි මස 19 1575 4

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්


නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි
2024 පෙබරවාරි මස 13 919 0

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල


හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි
2024 පෙබරවාරි මස 12 509 1

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්


“වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමින් යුන්නන් අන්තර්ජාතික වසන්ත උත්සව ප්‍රසංගය බංග්ලාදේශයේ
2024 ජනවාරි මස 21 584 0

2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 353 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1743 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1575 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site