IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි

(අංජුල මහික වීරරත්න)

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා  තෙවරප්පෙරුම  මහතාගේ මතුගම නිවසට අද (17) ගියේය.

තෙවරප්පෙරුම  මහතාගේ බිරිය සහ පුතණුවන් සමග අවමංගල්‍ය උත්සවයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ එජාප සභාපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ශෝකය තෙවරප්පෙරුම පවුලට පිරිනමා තිබේ.

තෙවරප්පෙරුම මහතාගේ වියෝව ඇසූ සැණින් ජනාධිපතිවරයාද දැඩි ලෙස ශෝකාකූල වූ බව එහිදී සඳහන් කළ වජිර අබේවර්ධන මහතා එජාපය අන්ත අසීරු තත්ත්වයට පත් වූ මොහොතේ පවා පක්ෂය හැර නොගිය තෙවරප්පෙරුම මහතාගේ වියෝගය දරා ගත නොහැකි පාඩුවක් බව ද සඳහන් කර ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර , සිරිකොත ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් මහත්වරුද තෙවරප්පෙරුම මහතාගේ මතුගම නිවසට ගොස් අවසන් කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීය.



අදහස් (10)

සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි

Buddika Wednesday, 17 April 2024 08:40 PM

වජිරට බෑ පාලිතගෙ හැකියාවට ලගින්වත් යන්න.පාලිත ජනතව ආදරය කරන පුද්ගලයෙක්. වජිර ජනතා කෝපයට පත් උන ඩීල්බ්කාරයෙක්

:       3       23

විජිත් Wednesday, 17 April 2024 09:51 PM

මට පෙනෙන්නේ මුන් කට්ටිය එකතුවෙලා ,චන්දෙට මිනිය විකුනන්න වගෙයි...එක්සත් ජාතික පක්ෂය කියන මිනීමරු හොර ගුහාවේ හිටිය එකම " මිනිස් ගති ගුණ තිබුන සැබෑ මිනිසා" තෙවරප්පෙරුම මහතා පමණයි.

:       8       28

chandima Wednesday, 17 April 2024 10:51 PM

පෙට්ටියට අත ගහලා චන්ද ටිකක් කඩාගන්න බැලුවේ නැතිද ?

:       6       18

එල්.දයානන්ද . Thursday, 18 April 2024 06:24 AM

පාර්ලිමේන්තුව නියෝජනයක් කලාවූ මිනිසුන් අතර අපට අහිමිවූයේ රන්කදක් බවත් මොහුට සමකල හැකි මිනිසෙක් මේ මිහිපිට නොමැති බවත් අන් හැමෙකාම නොදන්නා ඔහු මැරෙන බව දැන ක්‍රියාකල උතුම් මිනිසෙකි.

:       3       24

Chandima Thursday, 18 April 2024 07:09 AM

රොනී වගේ මෙයා රනිල්ට රහසින් මුකුත් කියලා තිබිලා නැතිද ?

:       4       7

ලුම්බිණි Thursday, 18 April 2024 09:21 AM

තෙවරප්පෙරුම මහතාගේ වියෝව ඇසූ සැණින් ජනාධිපතිවරයා දැඩි ලෙස ශෝකාකූල උනාද? අනේ පව්.

:       7       11

පද්මසිරි හෙට්ටිආරච්චිගේ Thursday, 18 April 2024 10:03 AM

කොහොමද ?රටේ ජනතාවගේ ප්‍රතිචාරයේ වෙනස,පාලිත ට සහ සනත් නිශාන්තට ,දැනට ජීවත් වෙලා ඉක්න දූෂිත කම් කරන හැම එකෙක්ම තේරැම් ගනිල්ලා,"life is very short"කියලා,

:       2       16

Lalfernando Thursday, 18 April 2024 02:36 PM

ඩීල් වජිරයගෙ සූදානම පාලිත තෙවරප්පෙරුමගේ මෘත දේහය විකුණාගෙන කෑමයි. ඌ අශූචි ගොඩක් හරි අහුවුනොත් කන ජාතියේ එකා.

:       2       5

Lal Fernando Thursday, 18 April 2024 02:39 PM

ඩීල් වජිර, පාලිත තෙවරප්පෙරුමගේ මෘත දේහය විකුණාගෙන කෑමට සූදානම් වගෙයි.

:       2       7

ගැස්සින්කෝ පීටර් Thursday, 18 April 2024 03:10 PM

මැරෙන බව අමතක නොකළ එකම දේශපාලකයා තෙවරක්පෙරුම මැතිතුමාට නිවන්සුව පතමු.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

උමා ඔය ඉරි තැලීම් තිබේදැයි බලන්න භූ විද්‍යාඥ කණ්ඩායමක්
2024 අප්‍රේල් මස 30 67 0

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්‍රිත නායයාමක් හෝ වෙනත් ගැටළුකාරී තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් වර


තාක්ෂණ ශිල්පියාගෙන් සරසවි සිසුන්ට අමුතු ශිල්පයක
2024 අප්‍රේල් මස 30 1 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවියන් සරසවියට ගමන් ගන්නා අතුරු මාර්ගයක නිරුවතින් සැඟව සිට ලිංගික අවයව ප්‍රදර්ශනය කරමින් විවිධ ක්‍රියාවල යෙදු


වජිරත් කෝච්චියෙන් කොළඹට
2024 අප්‍රේල් මස 30 276 0

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගී වීම සඳහා පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා හෙට (1)උදෑසන අහංගම දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා දුම


මැණික්හින්නේ සිද්ධියට හයක් සැකපිට
2024 අප්‍රේල් මස 30 20 0

මැණික්හින්න රෝහලට රෝගියකු, ඔහුගේ ඥාතීන් හා රෝහල් කාර්ය මණ්ඩලය අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සැකපිට දෙපාර්ශවයේම හය දෙනකු අත්අඩංගුවට ගත්බව මැණික්හින්න


පෝෂණයේ කඩා වැටීම මහ බැංකුව පිළිගනී
2024 අප්‍රේල් මස 30 381 0

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ පෝෂණ තත්ත්වය අසතුටුදායක මෙන්ම දුර්වල වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වාර්ෂික ආර්ථික විවරණ ව


රුවන්ඩාව - ලංකාව නිදහස් වීසා ගිවිසුමක
2024 අප්‍රේල් මස 30 499 0

රාජතාන්ත්‍රික-රාජකාරි හෝ විදේශ සේවා ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසරපත් බාර ගැනීමෙන් නිදහස් කිරීම සඳහා රුවන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 404 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1807 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1627 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site