IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


පෝෂණයේ කඩා වැටීම මහ බැංකුව පිළිගනී

 

(සුජිත් හේවාජුලිගේ )

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ පෝෂණ තත්ත්වය අසතුටුදායක මෙන්ම දුර්වල වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන්වේ.

මෙම නිගමනයට පැමිණ ඇත්තේ මෑත කාලීන පෝෂණය දර්ශක පදනම් කරගෙනය.

මන්ද පෝෂණයේ ප්‍රතිවිපාක දිගු කාලීනවන අතර එමඟින් පරම්පරා ගණනාවක පිරිසක් දුර්වල ඵලදායීතාවයේ විෂම චක්‍රය තුළට කොටු කරමින් දරිද්‍රතාවයට පැමිණවිය හැකි බැවින් මේ සඳහා පුළුල් හා වඩාත් ඉලක්කගත උපායාමාර්ගයක් අත්‍යවශ්‍ය බව එම වාර්තාව යෝජනා කරයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  පවතින දුර්වලතා වඩාත් අර්බුදකාරී වෙමින් පවතින බවත් එමගින් එම ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව පිළිබඳ බරපතළ අවිනිශ්චිතතා ඉස්මතු කරන බවත් වාර්තාව සඳහන් කරයි.

ආර්ථික අර්බුදය හේතුවෙන් මහජන සෞඛ්‍ය අංශයේ සේවා සැපයීම දැඩි බලපෑමට ලක්ව ඇතැයි සඳහන් කරන වාර්තාව  නියාමන යාන්ත්‍රණයක් නොමැති වීම හේතුවෙන් ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව ගැටලු මෑත කාලයේ නිරන්තරව මතුවූ බවද  සඳහන් කරයි.

තවද සෞඛ්‍ය සේවා සැපයීමේදී දක්වන සැලකිලිමත් බව අඩුවීම වඩාත් ගැටලුකාරී තත්වයක් බවට පත්වෙමින් පවතින බව වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.



අදහස් (1)

පෝෂණයේ කඩා වැටීම මහ බැංකුව පිළිගනී

අබිලින් Wednesday, 01 May 2024 05:32 AM

ඒක එහෙම නම් ඔවුන් ඔවුනොවුන්ගේ වැටුප් වැඩිකර ගත්තාම ජනතාව ඒකට විරුද්ධව උද්ඝෝෂණ කරන්න ගත්තෙ ඇයි කියලා මටනම් තේරුම් ගන්න බැහැ

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ග්‍රෑම් 500 කජු පැකට්ටුවට 1,75,000 ලන්සුවක්
2024 මැයි මස 17 70 0

සීදූව ලියනගේමුල්ල, මූකලන්ගමුව සුවිසුද්ධාරාම පුරාණ විහාරයේ වෙසක් උත්සවය වෙනුවෙන් ඉදි කෙරෙන තොරණට ආධාර පිණිස පැවැති සල්පිලකදී ග්‍රෑම් 500 කජු පැකට්ටුව


හොරෙන් මැණික් ගැරූ චීනා රිමාන්ඩ්
2024 මැයි මස 16 33 0

බලපත්‍රයක් නොමැතිව මැණික් ව්‍යාපාරයක් කර මාස හයකදී රුපියල් තිස් හය කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් උපයා ගැනීමේ චෝදනාවකට වරදකරු වූ චීන ජාතිකයකු සතු එම ම


අලි වැටක් නිසා ජීවිත රැසක් අනතුරේ
2024 මැයි මස 16 286 0

මහවැලි සී කලාපයට අයත් දමනේවැව, නවගහඇල, මීවත්පුර, පහළ යක්කුරේ, යන ගම්මාන හා කුඹුරු බිම් ආවරණය වන පරිදි මීට වසර තුනකට ඉහතදී වනජීවී දෙපාර්තමේන්තුව මගින් ඉ


ගුවන්තෝටේ සිද්ධියට ඇමැති ප්‍රසන්න මෙසේ කියයි
2024 මැයි මස 16 2891 0

කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන පෝටර් වරයාට තමා කනේ පහරක් ගැසු බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍


සෙබළ ජාවාරමේ මේජර් ජනරාල් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
2024 මැයි මස 16 1012 0

විශ්‍රාමික හමුදා සාමාජිකයන් ඇතුළු ශ්‍රී ලංකිකයන් රුසියාවේ හමුදා සේවයට යැවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත


ගමන නිමා කරන්න ග්‍රාම සේවා වර්ජනය හරහට
2024 මැයි මස 16 536 0

පානදුර අසරණ දුප්පත් නිවසක මියගිය පුද්ගලයකු ගේ මෘතදේහයක් මල්ශාලාව විතර රැගෙන යාමට ග්‍රාම නිලධාරී වර්ජනය හේතුවෙන් නොහැකිව නිවැසියෝ දැඩි අපහසුතාවයකට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 739 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2274 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1953 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site