IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


මේ නම් හෙණකඳයෙක්ම තමයි

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන් මාලාව ඉදිරිපත් කරන්නේ ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පී විල් ස්මිත්ය. ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ විකාශය වෙන්නේ, ඩිස්නි ප්ලස් නාළිකාව ඔස්සේය. මෙම වැඩසටහන් මාලාවේ නිෂ්පාදන කණ්ඩායම, පසුගිය දා කැමරා උපකරණ ද ඉහෙන් කණින් එල්ලාගෙන, ඇමසන් වැසි වනාන්තරයේ, ඇමසන් ගංගාව ගවේෂණයට පය තැබුවේ, විවිධ ක්ෂේත්‍රවලට අදාළ, රටවල් නවයක විද්‍යාඥයන් 14 දෙනකු ද පිරිවරා ගෙනය. 


ලොව විශාලතම වනාන්තරය මෙන්ම, ලොව විශාලතම වැසි වනාන්තරය ද ඇමසන්ය. ලොව දෙවැනි විශාලතම ගංගාව ලෙස සැලකෙන ඇමසන් ගංගාව, ඇමසන් වනාන්තරය මැදින් ගලයි. ඇමසන් වනාන්තරය, වර්ග කිලෝමීටර මිලියන 5.5 ක් තරම් විශාලය. ලතින් ඇමෙරිකාවේ රටවල් රැසක් පුරා ඇමසන් වනාන්තරය විසිරී ඇත. ඇමසන් වනාන්තරයෙන් වැඩි කොටසක් අයත් වෙන්නේ බ්‍රසීලයටය. බොලීවියාව, පේරු, ඉක්වදෝරය, කොලොම්බියාව, වෙනිසියුලාව, ප්‍රංශය, ගයානාව ආදී රටවලට ඇමසන් වනාන්තරය අයත් වෙයි. සත්ව විද්‍යාවට ආගන්තුක සත්ව විශේෂ බොහොමයක් වාසය කරන ඇමසන් වනාන්තරය අබිරහස් සඟවා ගත් ගුප්ත තැනකි. ‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’ නිෂ්පාදන කණ්ඩායම සහ ඊට සම්බන්ධ විද්‍යාඥයන්, ඇමසන් වනාන්තරයට පය තැබුවේ ඉක්වදෝරයෙනි. ඔවුන්ට හමුවුණේ බලාපොරොත්තු නොවූ සත්වයෙකි. මීට පෙර, හොලිවුඩ් චිත්‍රපටවලින් පමණක් දුටු දැවැන්තයෙකි.


නිෂ්පාදන කණ්ඩායම සහ විද්‍යාඥයන් පිවිසුණේ ඉක්වදෝරයට අයත් ඇමසන් වැසි වනාන්තරයේ, බාමියානෝ පළාතේ, බයිහුවරි වෙයෝරානී වන අඩවියටය. වෙයෝරානී ගෝත්‍රිකයන් පිටස්තරයන්, විශේෂයෙන් සුදු ජාතිකයන්ට කැමැති නැත. එසේ වුවත්, ඉක්වදෝර රජය සහ එරට වන අඩවි නිලධාරීන් මැදිහත් වීමෙන්, නිෂ්පාදන කණ්ඩායම වෙයෝරානී ගෝත්‍රිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ, ඔවුන්ගේ අඩවියේ ඇමසන් නදිය සහ ඇමසන් වනාන්තරය ආශ්‍රිත රහස් තිබේ නම්, ඒවා හෙළි කරන ලෙසටය.
ගෝත්‍රිකයන්ගේ අවසරය පරිදි, නිෂ්පාදන කණ්ඩායම සහ විද්‍යාඥ කණ්ඩායම, දින 10 ක් ඇමසන් වැසි වනාන්තරයේ ඇමසන් ගංගාව ආශ්‍රිතව ගත කළෝය. වෙයෝරානී ගෝත්‍රිකයෝ, ඔවුන්ගේ වන අඩවියේ සැඟවුණු විස්මිත සතුන් විද්‍යාඥ කණ්ඩායමට පෙන්වූහ. එම සතුන් අතර ඒ දැවැන්තයා ද විය. දැවැන්තයා හමුවූයේ, මීට පෙර සුදු ජාතිකයකු පය නොතැබූ ඇමසන් වනාන්තරයේ කොටසකිනි. හමුවුණු දැවැන්තයා ඇනකොන්ඩාවෙකි.


ඇනකොන්ඩා යනු පිඹුරු විශේෂයකි. ලොව විශාලතම සර්පයන් ලෙස සැලකෙන්නේ ඇනකොන්ඩාවන්ය. මොවුන් ඇමසන් වැසි වනාන්තරයට සහ ඇමසන් ගංගාවට ආවේණිකය. ඇනකොන්ඩා විශේෂ කීපයකි. කොළ ඇනකොන්ඩා, නැතිනම් හරිත ඇනකොන්ඩා ඇමසන් ගංගා නිම්නයේ ද, ඊට අමතරව ඔරිනොකෝ ගංගා නිම්නයේ ද දකින්න ලැබේ. කොලොම්බියාව, වෙනසියුලාව, ඉක්වදෝරය, පේරු, බොලිවියා, ට්‍රිනිඩෑඩ් සහ ගයනාව යන රටවල ද ඇනකොන්ඩා දකින්න ලැබේ. කහ ඇනකොන්ඩා එසේත් නැතිනම් පැරගුවේ ඇනකොන්ඩා පැරගුවේ, දකුණු බ්‍රසීලයේ සහ ඊසාන දිග ආජන්ටිනාවේ දකින්න ලැබේ. බොලිවියානු ඇනකොන්ඩා, බොලිවියාවට පමණක් සීමා වෙයි. අඳුරු තිත් ඇති ඇනකොන්ඩා බ්‍රසීලය සහ ප්‍රංශ ගයානාව යන රටවල දකින්න ලැබේ. ජලජ පිඹුරු විශේෂයක් වන ඇනකොන්ඩාවන් අතර, විශාලතම ඇනකොන්ඩා විශේෂය ලෙස සැලකෙන්නේ හරිත ඇනකොන්ඩාවන් ය. යෝධ ඇනකොන්ඩා යන නමින් හැඳින්වෙන්නේ ද මොවුන්ය.


වෙයෝරානී ගෝත්‍රිකයන්ගේ මඟ පෙන්වීම යටතේ, ඇමසන් ගංගාවේ ගවේෂණය කළ විද්‍යාඥ කණ්ඩායමට මුණගැසුණේ මීටර් 6.3 ක් දිග ඇනකොන්ඩා ගැහැනු සතෙකි. බර කිලෝ 227 කි. මෙතෙක් හමුවී ඇති විශාලතම ඇනකොන්ඩා මේ සත්වයාය. ඒ අනුව, ලොව විශාලතම සර්පයා යන කිරුළ ද මෙම ඇනකොන්ඩාට හිමිවිය. මේ සත්වයා උතුරුදිග හරිත ඇනකොන්ඩා නමැති විශේෂයට අයත් එකකු බවත්, උතුරුදිග හරිත ඇනකොන්ඩා යනු නව ඇනකොන්ඩා විශේෂයක් බවත් විද්‍යාඥ කණ්ඩායම ලොවට අනාවරණය කළේය. එසේ වුවත්, මීටර් 7 ක් දිග, කිලෝ 500 ක් බර ඇනකොන්ඩාවන් ද සිටින බව වෙයෝරානී ගෝත්‍රිකයන් ගවේෂණ කණ්ඩායම හමුවේ පවසා ඇත.


විද්‍යාඥ කණ්ඩායමට නායකත්ව දුන්නේ ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යාඥයන් පිරිසකි. ඊට අමතරව, 40 හැවිරිදි, නෙදර්ලන්ත ජාතික මහාචාර්ය ෆ්‍රීක් වොන්ක් ද කණ්ඩායමට එක් වී සිටියේය. ෆ්‍රීක් වොන්ක්, සතුන් පිළිබඳ වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ප්‍රකටය. නව යෝධ ඇනකොන්ඩා ලොවට හඳුන්වා දීම කළේ ෆ්‍රීක් වොන්ක් ය.

හමුවුණු මෙම ඇනකොන්ඩාගේ හිස මනුෂ්‍ය හිසක් තරම්ය. සිරුර ටයරයක් තරම් මහතය. මහාචාර්ය වොන්ක්, ඇනකොන්ඩා ලොවට හඳුන්වා දුන්නේ, ඌ සමඟ පිහිනමිනි. යෝධ ඇනකොන්ඩා අසලට ගොස් ඌ සමඟ පිහිනීමට මහාචාර්යවරයා බියක් දැක්වූයේ නැත. 


‘‘මේ විදිහේ යෝධ ඇනකොන්ඩාවන් මීට පෙර දකින්න ලැබී තියෙන්නේ හොලිවුඩ් චිත්‍රපටවලින් පමණයි. හැබෑවට දකින්න ලැබීම ඇත්තෙන්ම ඇඟ කිලිපොළා යන අත්දැකීමක්. හමුවුණු මේ යෝධයාගෙන් මට හෝ අප කැමරා කණ්ඩායමට හෝ අනතුරක් වුණේ නැහැ. අප ඌ සමඟ පිහිනුවා. රූගත කිරීම් කළා. ඇත්තෙන්ම ඒක හරි අපූරු ඇත්දැකීමක්.’’ යැයි මහාචාර්යවරයා පසුව පැහැදිලි කළේය.


උතුරු හරිත ඇනකොන්ඩා, යෝධ ඇනකොන්ඩා විශේෂයට වඩා විශාල බව තහවුරු විය. ‘‘උන් දිගින් ද වැඩිය. බැලූ බැල්මට මෙම විශේෂ දෙක අතරේ කැපී පෙනෙන වෙනස්කම් නැත. ඇත්තේ, සියයට 5.5 ක පමණ සුළු වෙනස්කමක් පමණයි’’ යැයි මහාචාර්ය වොන්ක් පවසයි. උතුරු හරිත ඇනකොන්ඩා ට ලබා දී ඇති සත්ව විද්‍යාත්මක නාමය ‘‘යුනෙක්ටස් අකායිමා’’ ය. ඇමසන් වනාන්තරයෙන් පහෙන් එකක් දැනටමත් අතුරුදන් වී අවසන්ය. එහෙයින්, අලුතින් සොයා ගත් මෙම ඇනකොන්ඩා විශේෂය ද මේ වනවිටත් වඳ වීමේ තර්ජනයකට මුහුණ පා සිටින බව ද මහාචාර්යවරයා වැඩි දුරටක් කියා සිටින්නේ කනස්සල්ලෙනි.


ඇනකොන්ඩාවන් මිනිසුන් ආහාරයට ගෙන ඇති බව පුරාවෘත්තවල මෙන්ම ලතින් ඇමෙරිකානු ජනවහරේ ද සඳහන් වෙයි. එහෙත් එවැන්නක් කිසිදු අවස්ථාවක තහවුරු වී නැත. ඇනකොන්ඩා ද පිඹුරු විශේෂයක් බැවින් උන් නිර්විෂය. ඇනකොන්ඩාගේ ප්‍රධාන ආහාරය, ඇමසන් වනාන්තරයට ආවේණික කැපිබාරා, කේමන් කිඹුලන් සහ ජගුවරයන්ය. ජලාශ්‍රිත ප්‍රදේශවල සැඟවී සිට ගොදුරට එක්වරම පැන අල්ලාගන්නා ඇනකොන්ඩාවන්, ගොදුර අඩපණ කරන්නේ එය වෙළාගනිමින් අස්ථි පොඩි පට්ටම් කරමිනි. එවිට, ගොදුරේ මොළයට රුධිර සැපයුම අඩාළ වෙයි. ඉන්පසු ගොදුර ගිල දමයි. එසේ කරද්දී ගොදුර සිටින්නේ පණ පිටින්, සිහිසුන්වය. ගොදුරු ගිලදැමීමට හොඳින් විවර වෙන හකු පාඩා මෙන්ම ඇදෙනසුළු සමක් ද ඇනකොන්ඩා සතුය. විශාල ගොදුරක් ආහාරයට ගත් විට සමහර ඇනකොන්ඩාවන් ඉන්පසු මාස ගණන් නිරාහාරව සිටින බව ද සත්ව විද්‍යාඥයන්ගේ අදහසය.


මලලසේකර ශබ්දකෝෂයේ ඇනකොන්ඩා යන වදනට ඇත්තේ හෙණකඳයා යන අර්ථයයි. අතීතයේ, එනම් 1786 දී, ඇමසන් ඇනකොන්ඩා වැනි දැවැන්ත පිඹුරු විශේෂයක් අප රටේ ජීවත් වෙන්නට ඇතැයි අනුමාන කෙරේ. එහෙත්, එය තහවුරු කළ හැකි සාක්ෂි හමුවී නැත. 1796 වසරේ දී මුද්‍රණය කළ එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා කෘතියේ, ලංකාවේ ජීවත් වූ බව පැවැසෙන හෙණකඳයා ගැන සටහනක් ඇත. රොබට් පර්සිවෙල්, එමර්සන් ටෙනන්ට්, හෙන්රි චාල්ස් වැනි ලේඛකයන්ගේ වාර්තා අනුව, ලංකාවේ සිටි ඇනකොන්ඩා, අලින්, ඇතුන් පවා ගොදුරු කර ගත් බව පැවැසෙයි. දෙමළෙන් ආනෙයි කොන්ඩෙයි ය. ආනෙයි කොන්ඩෙයි අරුත අලි මරන්නා යන්නය. 


සී.එන්.එන්. ඇසුරිනි.

 

 

■ ලුසිත ජයමාන්න



අදහස් (0)

මේ නම් හෙණකඳයෙක්ම තමයි

ඔබේ අදහස් එවන්න

තක්සලාව

තුන්කල් සැරි සැරූ ලේඛකයා
2024 ජුලි මස 26 10 0

මෙරට කෘතහස්ත ලේඛකයන් පවා කෙළින්ම අත නොගැසූ ඉසව් කරා තම නිර්මාණාත්මක පරිකල්පන රටාව මෙහෙයවමින් සහෘදයන් කුල්මත් කළ ලේඛක පරපුරක මුදුන් මුල ලෙස කේ. ජයතිලක


ඔලිම්පික් උළෙල ඇරඹේ පැරිස් නුවර සීරුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට
2024 ජුලි මස 26 15 0

ප්‍රංශයේ පැරිස් නුවරදී 33 වැනි නූතන ගිම්හාන ඔලිම්පික් උළෙල ඊයේ (26) එරට ජනාධිපති එමානුවෙල් මැකරොන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.


ඉන්දියාව පරදන දිනයක් මේ සතියේ එයි ද?
2024 ජුලි මස 26 11 0

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය ඇරඹෙන්නේ බොහෝ විට ඔබ මේ සටහන කියවන සෙනසුරාදා දිනයේ දීය. පල්ලෙකැලේ දී සෙනසුරාදා ඇරඹෙන විස්සයි20 තරගයෙන් පසු


මොහොතකට ලොව නතර කළ පරිගණක තාක්ෂණ දෝෂය ’ක්‍රවුඩ්ස්ට්‍රයික් ’ අවලංගුයි
2024 ජුලි මස 26 11 0

තාක්ෂණයේ දියුණුවත් සමග අන්තර්ජාලයේ පිහිටෙන්, මුළු ලොවම විශ්ව ගම්මානයක් වී අවසන්ය. දෛනික කටයුතු සිදුවන්නේ ඔන්ලයින් ක්‍රමයටය. තොරතුරු තාක්ෂණයේ උදව්වෙ


පැරිස් ඔලිම්පික් යන අපේ අයගේ වත ගොත
2024 ජුලි මස 23 24 0

සිකුරාදා (26) නිල වශයෙන් ආරම්භ වන 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ප්‍රංශයේ පැරිස් නුවර මේ වන විට සූදානම්ය. එහිදී රටවල් 206 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10714 දෙනෙ


ආගම් බේදයක් නැතිව සහනය පතා එන කොච්චිකඩේ පල්ලිය
2024 ජුලි මස 23 26 0

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නත්තල් දේව මෙහෙයන් සිදු කරන පල්ලියක් ලෙසත්, කතෝලික, බෞද්ධ, හින්දු, මුස්ලිම් සියලු ආගම්වල බැතිමතුන් තම ගැටලු දෙවියන්ට පවසා සහනයක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site