IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


මරණය පෙනි පෙනී මාදු ගඟ තරණය කරන මිනිස්සු

පාලම් තට්ටුවේ කොන්ක්‍රීට් ලෑලි ගඟට කඩා වැටී ඇති අයුරු

 

අබලන් වූ පාලම මතින් මරුවා හිස මත තබාගෙන යාමට සිදුව ඇති නිසා සිය ගම්මානයේ ඇතැම් වැසියන් දැන් දැන් ගම හැර යාමට පටන්ගෙන ඇති බව, බලපිටිය මාදූව ගම්වාසීහු කියති. මරුවාට අත වනන මාදූව පාලමෙන්, මේ වනවිට මාරක අනතුරු රැසක්ම සිදුව ඇති බව ද ඔවුහු කියති.


අම්බලන්වූ මේ පාලම මතින් ගමන්ගත් යතුරු පැදිකරුවකු යතුරු පැදියත් සමගම පාලම මතින් මාදු ගඟට වැටී ජීවිතය බේරා ගැනීම, මීට ආසන්න සිදුවීම බව ද මාදූව ගම්මාසීහු කියති. බලපිටිය ගොඩගෙදරත් මාදූවත් අතර මාදු ගඟ හරස් කොට, රේල් පීලි භාවිත කරමින් දමා ඇති ලංකාවේ දිගම පාලම ලෙස සැලකෙන මේ පාලම දමා ඇත්තේ, මාදු ගඟේ විශාලතම දූපත ලෙස සැලකෙන මාදූව දූපතට බව ප්‍රදේශවාසීහු කියති.
එදා මේ පාලම මතින් පාපැදියකට, යතුරු පැදියකට හා ත්‍රීරෝද රථයකට යාමට හැකිවෙන අයුරින් සාදා තිබූ බවත්, නිසි නඩත්තුවක් නොකිරීම නිසා අද පාපැදියක් තියා පා ගමනින්වත් යාමට නොහැකි වෙන ආකාරයට මේ පාලම අබලන් වී ඇති බවද මාදූව ගම්වාසීහු කියති. පාලමේ අත් ඇඳි සමහර තැන්වලින් ගඟට කඩා වැටී ඇත්තේ පාලමේ මරු කපොලු‍ ඇති කරමින්ය. අත් ඇඳි කඩා වැටී ඇති ඇතැම් තැන්වලට ගම්වාසීන් ලී දඬු ගැටගසා ඇත. තවද, පලම් තට්ටුවට දමා ඇති කොන්ක්‍රීට් ලෑලි ගඟට කඩා වැටී ඇත්තේ ද තවත් මරු කපොලු‍ විවර කරමිනි. මේ ස්ථාන සඳහා ගම්මු ලෑලි කෑලි දමා තාවකාලික පැලැස්තර දමා තිබේ.


මේ පාලමේ අබලන්වීම කෙසේදැයි කිවහොත්, පාලම මතින් එක් අයෙක් හෝ ගමන් ගන්නා විට මුළු පාලම ම සෙලවෙන බවද මාදූව ගම්මු කියති. අබලන් වී ඇති මේ පාලම ප්‍රතිසංස්කරණයට යයි කියමින්, අවස්ථා කිහිපයකදීම මුල්ගල් තැබුවත්, අද එම මුල්ගල් මුල්ලක මුල්අදිමින් තිබෙන බවද ඔවුහු කියති.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහා මාර්ග ඇමැතිව සිටි කාලයේ මේ පාලම ප්‍රතිසංස්කරණයට යයි කියමින් මුල්ගල් තැබූවේ මීට තෙවසරකට පමණ උඩදීය.එම අවස්ථාවේදී, මුල්ගල තැබුවා පමණක් නොව පාලම සෑදීමට යයි කියමින් යන්ත්‍ර සූත්‍ර හා උපකරණ රැසක්ම මාදූව පාලම අසලට තොග පිටින්ම ගෙන ආවේය. පාලම අලු‍ත්වැඩියා කිරීමට අවැසි යකඩ තහඩුද ඒ අතර විය. ගඟේ පාවී, පාලම සෑදීම සඳහා බත්තලක් ද ගෙනවිත් තිබුණි. එය කැලෑවට යටවෙමින් තිබෙනුයේ වසර ගණනාවක සිටමය.

 

දොඹකර යන්ත්‍රයක් විනාශ වී යමින්


මාදූව පාලම සෑදීමට යැයි කියමින් එදා රැගෙන ආ යන්ත්‍ර සූත්‍ර හා උපකරණවලින් බොහෝමයක්, මේ වනවිට ආපසු ගෙනගොස් තිබේ. තවත් උපකරණ කිහිපයක් හා යකඩ තොගයක් පමණක් පාලම ආසන්නයේ අව්වැසිවලට නිරාවරණය වෙමින් විනාශ වී යන්නේ ජාතික අපරාධයකට අනුබල දෙන්නාක් මෙනි.
පාසලක්, පන්සල් දෙකක් ඇතුළු‍ව පවුල් හාර පන්සියයක් වෙසෙන මාදු ගඟ විශාලතම දූපත වෙත යාමට ඇති මාදූව පාලම, මේ තිබෙන තත්ත්වය මත යම් හෙයකින් ගඟට කඩා වැටුණහොත් එම දූපත්වාසීන්ට  සිදුවෙන්නේ මාදු ගඟට පැන දිවි තොර කර ගැනීමටය. නැතහොත් පවුල් පිටින්ම ගම හැර යාමටය. තමන්ට යමක් කමක් ඇති බොහෝ ඇත්තෝ මේ නිසාම අවදානමට සූදානම යැයි කියන්නාක් මෙන්, මේ වෙනවිට ගම හැර ගොස් හමාරය. ගම හැර ගොස් ඇති පවුල් ගණන එන්න එන්නම වැඩි වෙමින් තිබෙන බව, මාදූවේ ඇත්තෝ කීවේ සිය දෙනෙත් කඳුළුවලින් පුරවගෙනය. දුක සංකාව සිත්හි තදකර ගනිමින්ය.

 

පාලම ප්‍රතිසංස්කරණය කිරීමට නිරාවරණය කළ පුවරුව

පාලම ඉදිකිරීමට ගෙනා යකඩ මලකඩ කමින් පවතින අයුරු

 

මේ පාලම සෑදීම, දැන් නම් සිහිනයක් පමණක් බව, මාදූව ගම්මු කියති. ඒ, මේ වනවිට පාලම සාදා දෙනවා යැයි කියමින් තමන් රැවටූ වාර ගණන සිහිවෙන විට බව ද ඔවුහු කියති. මේ සම්බන්ධයෙන් ගාලු‍ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාගෙන් කරන ලද විමසීමක දී ඔහු කීවේ, මේ ගැන සොයා බලා පාලම සෑදීමට අවශ්‍ය කටයුතු කඩිනමින්ම කර දීමට අවශ්‍ය පියවර ගන්නා බවය.  

 

 

■ කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



අදහස් (0)

මරණය පෙනි පෙනී මාදු ගඟ තරණය කරන මිනිස්සු

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 4004 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 58 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1514 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 481 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 173 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 284 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 499 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1951 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1714 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site