IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


ඊශ්‍රායල් හමුදාවේ අලුත්ම AI ඝාතන යන්ත්‍රය

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හමුවේ මියගිය පලස්තීන වැසියන් සංඛ්‍යාව 20,000 පසු කරද්දී මනුෂ්‍ය ඝාතන සඳහා උපන් හපනෙකු වූ කෘත්‍රිම බුද්ධියක් පිළිබඳ තොරතුරු පසුගියදා අනාවරණය විය.


එසේම, එම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟ ඊශ්‍රායල - හමාස් යුද්ධයේ දී වැදගත් කාර්යභාර්යයක් ඉටුකරන කෘත්‍රිම බුද්ධියෙන් බල ගැන්වුණු ඊශ්‍රායල හමුදාවේ බුද්ධි ඒකකය පිළිබඳ තොරතුරු රැසක් ද හෙළි විය.


ගාසා තීරයට පහරදීම සඳහා ‘ගොස්පල්’ නමැති කෘතිම බුද්ධියෙන් බලගැන්වුණු පද්ධතියක් භාවිත කරන බවට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පසුගිය දා පිළිගැනීමත් සමඟ එම ප්‍රකාශය නූතන යුද තාක්ෂණය නව මානයකට යොමුකිරීමට සමත් වූයේය. නමුත් ගොස්පල් නැමැති කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වුණු පද්ධතියක් සිය බුද්ධි අංශය භාවිත කරන බවට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රසිද්ධියේ පිළිගත්තත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලොවට හෙළිකිරීමෙන් ඊශ්‍රායලය වැළකී සිටියේය.


ගොස්පල් පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි කිරීමෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදා වැළකී සිටීම නිසා, ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය ගොස්පල් පිළිබඳ තොරතුරු හඹා ගියේය. එහිදී එම මාධ්‍ය ආයතන, හිටපු ඊශ්‍රායල හමුදා සහ බුද්ධි ප්‍රධානීන් රැසකගෙන් තොරතුරු ලබා ගැනීමට පෙලඹුණු අතර එහිදී ගොස්පල් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය විය.


හමාස් සටන්කාමීන් හඳුනාගැනීමට මෙන්ම ඔවුන්ගේ ආයුද තොග හඳුනාගැනීමට ද ගොස්පල්ට හැකියාව තිබෙන බව, ලබාගත් තොරතුරුවලින් අනාවරණය වූ බව ගොස්පල් පිළිබඳ තොරතුරු හඹා ගිය ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේය. ගොස්පල් නිසා සිවිල් වැසියන්ට වෙන හානි අවම වෙන බව ද ඊශ්‍රායල හමුදාවේ විශ්වාසය යැයි එම මාධ්‍ය ආයතන පෙන්වා දුන්නේය. පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා ගොස්පල් හඳුනාගත් ගාසා තීරයේ ඉලක්ක 22500 කට වඩා වැඩි ප්‍රමාණයකට ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කර ඇති බවත්, පසුගිය 1 වැනිදා හමාස් සංවිධානය සහ ඊශ්‍රායල හමුදා අතර තාවකාලික සටන් විරාමය බිඳ වැටීමෙන් පසුව, ගාසා තීරයේ ඉලක්ක 4000 කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රහාර එල්ල කිරීම සඳහා ගොස්පල් හඳුනාගෙන ඇති බවත් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේය.


එසේම, හමාස් සහ ජිහාඩ් සටන්කාමීන් යැයි සැක කෙරෙන පුද්ගලයන්ගේ නිවාස ඇතුළුව ප්‍රහාර එල්ල කළ යුතු ඉලක්ක සම්බන්ධව ස්වයංක්‍රීය නිර්දේශ ලබා ගැනීමටද ඊශ්‍රායල හමුදාව ගොස්පල් යොදා ගන්නා බව තොරතුරු දත් ආරංචි මාර්ග පැවැසුවේය. සටන්කාමීන් යැයි සැක කෙරෙන පුද්ගලයන් 30,000 – 40,000 ත් අතර ප්‍රමාණයකින් යුත් දත්ත පද්ධතියක් ගොඩඟා දීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ඉලක්ක තෝරා දීමේ බළඇණිය සහාය වී ඇති බවත් එම ඝාතන ලැයිස්තුව සකස් කිරීමට ගොස්පල් විශාල දායකත්වයක් ලබා දී ඇති බවත් එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.


මීට පෙර ඊශ්‍රායල ආරක්ෂක හමුදාව කනිෂ්ඨ හමාස් සටන්කාමීන්ගේ පෞද්ගලික නිවාසවලට බෝම්බ හෙළීම සඳහා ඉලක්ක නොකළ නමුත් මේ වන විට, නිලය නොසලකා හමාස් සටන්කාමීන්ගේ නිවාස ඉලක්ක කිරීමට ගොස්පල් නිසා ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පෙලඹී ඇතැයි ආරංචි මාර්ග පෙන්වා දුන්නේය. මීට පෙර, ඊශ්‍රායල ගුවන් හමුදාවට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රමාණවත් ඉලක්ක නොතිබූ බවත්, ගොස්පල් හේතුවෙන් මේ වනවිට ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ අරමුණ වී ඇත්තේ හැකිතාක් හමාස් සටන්කාමීන් ඝාතනය කිරීම බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.


පසුගිය ජනවාරි මාසය තෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ, අවිව් කොචාවි මීට පෙර සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ, ඊශ්‍රායල හමුදාවේ ඉලක්ක තෝරා දීමේ බළඇණිය කෘතිම බුද්ධියෙන් බලගැන්වී ඇති බවයි. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ, එම බළඇණිය සතුව මිනිසුන්ට වඩා කාර්යක්ෂමව බුද්ධි තොරතුරු සෙවිය හැකි පද්ධතියක් තිබෙන බවත්, එලෙස එම පද්ධතිය මගින් සොයා ගනු ලබන බුද්ධි තොරතුරු, ඉතාමත් කාර්යක්ෂමව පහර දීම සඳහා ඉලක්කවලට පරිවර්තනය කිරීමට එම පද්ධතියට හැකියාව තිබෙන බවත්ය.


ඊශ්‍රායල හමුදාව 2021 වසරේ දී හමාස් සටන්කාමීන් සමඟ දින 11 පුරාවට පැවති යුද්ධයේදී මෙම පද්ධතිය දිනකට පහරදීමට ඉලක්ක 100 ක් පමණ හඳුනාගත් බවත්, ඉන් සියයට 50 කට පමණ ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කළ බවත් කොචාවි එහි දී ප්‍රකාශ කළේය. නමුත් අතීතයේ දී එම බළඇණියට ඉලක්ක හඳුනාගත හැකිව තිබුණේ වසරකට 50 ක් පමණ බව ද කොචාවි පැවැසුවේය. එම ඉලක්ක පිළිබඳ තොරතුරු සැබෑ කාලයේ යාවත්කාලීන කිරීමට ද එම පද්ධතියට හැකියාව තිබෙන බව කොචාවි එහි දී ප්‍රකාශ කර තිබිණ. එසේම ඉලක්කයකට ප්‍රහාරයක් එල්ල කිරීමේ දී ඉන් මියයන සංඛ්‍යාව ඇස්තමේන්තු කිරීමට ද එම පද්ධතියට හැකියාව තිබෙන බව හිටපු හමුදා ප්‍රධානියා පෙන්වා දුන්නේය.


බොහෝ දෙනා පවසන පරිදි, ගොස්පල්ට මෙවන් හැකියාවන් තිබේ නම් ඊශ්‍රායල හමුදා ප්‍රහාර වලින් පලස්තීන වැසියන් 20,000 කට වැඩි ප්‍රමාණයක් මිය ගියේ කෙසේදැයි පලස්තීන බලධාරියෝ ප්‍රශ්න කරති. එලෙස මියගිය පිරිසෙන් සියයට 70 ක් කාන්තාවන් සහ ළමයින් බවත් තවත් 8000 ක් තවමත් අතුරුදන් බවත්, එම පිරිස ඊශ්‍රායල හමුදා ප්‍රහාර වලින් විනාශ වී තිබෙන ගොඩනැගිලිවලට යටවී ඇතැයි විශ්වාස කරන බවත් පලස්තීන බලධාරීහු පැවැසූහ.


මෙසේ කෘත්‍රිම බුද්ධිය යුද තාක්ෂණයක් ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල වුවත්, යුද වැදීම සඳහා කෘත්‍රිම බුද්ධිය යොදාගැනීම සම්බන්ධයෙන් ගොස්පල් නව පිටුවක් පෙරළා තිබෙන බව ධවල මන්දිරයේ හිටපු ආරක්ෂක ප්‍රධානියකු ප්‍රකාශ කළේය. එසේම ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ඉලක්ක තෝරා ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කරන අයුරු, අනෙකුත් රටවල් මහත් ඕනෑකමින් අධ්‍යනය කරනු ඇති බවත්, එම රටවල් ඊශ්‍රායල - හමාස් යුද්ධයෙන් ඉතා වැදගත් පාඩමක් ඉගෙන ගනු ඇති බවත් එම ආරක්ෂක ප්‍රධානියා පැවැසුවේය.


මෙලෙස ගොස්පල් ලෝකයේ අවධානය දිනා ගැනීමට මේ වනවිට සමත් වී සිටියත් ඉලක්ක ලබා ගැනීම සඳහා ගොස්පල්ට දත්ත ඇතුළත් කරන ආකාරය තවමත් අබිරහසක්ව තිබේ. ප්‍රවීණයන් පෙන්වා දී තිබුණේ ඩ්‍රෝන දර්ශන, සන්නිවේදනයන් ඔස්සේ ලබා ගත් තොරතුරු , නිරීක්ෂණ දත්ත ඇතුළු තොරතුරු විශාල සංඛ්‍යාවක් ඉලක්ක ලබා ගැනීමට සඳහා ගොස්පල්ට ඇතුළත් කරන බව තමන් විශ්වාස කරන බවයි.

■ විමුක්ති එස්. රුද්‍රිගු
අල් ජසීරා ඇසුරිනි

 

 

 



අදහස් (0)

ඊශ්‍රායල් හමුදාවේ අලුත්ම AI ඝාතන යන්ත්‍රය

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 4004 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 58 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1514 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 481 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 173 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 284 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 499 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1950 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1714 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site