
වී ගබඩාව පාමුලට
වහල තියෙනව අපේ අම්මගෙ
මළකඳ..........
මාල ගිරවියො රන්මාල බැන්ඳාට
අනේ අම්මේ උඹට මං
කොච්චරක්නම් කිව්වාද.............
කැරට් විසිදෙක
ඉමිටේසමින් ඔප කළ
හම මඩ පාට ඇයි
ලේ පාට රතු අල
නමයෙ කණුවේ එළවළු කඩේ ළඟ
වීසිකර තිබුනා යකඩ දම්වැල ........
දිරපු පොල්ගස් බෙන කුහර මත
ජීවිතේ අලෝගත් බටු ගිරවුන්ට
සදළුතල සී මැඳුරු කවුළු උඩ
සිටුවර ගිරවුන්ට වාගේ
මාලෙ පිහිටන්නෙ නැති කොට...........
අනේ අම්මේ මං උඹට
කොච්චරක්නම් කිව්වාද..............
මාල කඩනා එෆ් ඉසෙඩ් වාහනේ
ගාල්කර තියෙනවලු කළුතර ආසනේ
කනප්පු කරකවන පොලිසියට
පෙනීයන් මේ කාරණේ.........................
යකඩ දම්වැල අදිනකොට
අනේ අම්මේ උගුරු දණ්ඩට රිදුනද...
ලොන්ඩරියෙ ණයට ගත් සාරිය
ලේ ගෑවිලා පෙඟී ගිය වාටිය
රන් රිදී ප්ලැටිනම් පාට කාරිය
දිය කරන හැටි දිළිඳු වටකුරු දාඩිය.....
තල්ලුකර කුණු ඇළට
වයසක ගෙදර බුදුන්ව
දැන් සතුටුයිද හරන්තක
සේරිවාණිජ වරෙන් මරණෙට.............
වී ගබඩාව පාමුළ
වහල තියෙනව
අපේ අම්මගෙ මළකඳ.......!!!
නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හරන්තක.....! ඒක රත්තරන් නෙමෙයි රෝල්ගෝල්ඩ්..........!!!