වී ගබඩාව පාමුලට 
වහල තියෙනව අ⁣පේ අම්මගෙ
මළකඳ..........
මාල ගිරවියො රන්මාල බැන්ඳාට
අනේ අම්මේ උඹට මං
කොච්චරක්නම් කිව්වාද.............

කැරට් විසිදෙක
ඉමිටේසමින් ඔප කළ
හම මඩ පාට ඇයි
ලේ පාට රතු අල
නමයෙ කණුවේ එළවළු කඩේ ළඟ
වීසිකර තිබුනා යකඩ දම්වැල ........

දිරපු පොල්ගස් බෙන කුහර මත
ජීවිතේ අලෝගත් බටු ගිරවුන්ට
සදළුතල සී මැඳුරු කවුළු උඩ
සිටුවර ගිරවුන්ට වාගේ
මාලෙ පිහිටන්නෙ නැති කොට...........

අනේ අම්මේ මං උඹට 
කොච්චරක්නම් කිව්වාද..............

මාල කඩනා එෆ් ඉසෙඩ් වාහනේ
ගාල්කර තියෙනවලු කළුතර ආසනේ
කනප්පු කරකවන පොලිසියට 
පෙනීයන් මේ කාරණේ.........................

යකඩ දම්වැල අදිනකොට
අනේ අම්මේ උගුරු දණ්ඩට රිදුනද...

ලොන්ඩරියෙ ණයට ගත් සාරිය 
ලේ ගෑවිලා පෙඟී ගිය වාටිය
රන් රිදී ප්ලැටිනම් පාට කාරිය
දිය කරන හැටි දිළිඳු වටකුරු දාඩිය.....

තල්ලුකර කුණු ඇළට
වයසක ⁣ගෙදර බුදුන්ව
දැන් සතුටුයිද හරන්තක 
සේරිවාණිජ වරෙන් මරණෙට.............

වී ගබඩාව පාමුළ 
වහල තියෙනව 
අපේ අම්මගෙ මළකඳ.......!!!


නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්