
මහසොහොනා වෙමි
හොර ඔප්පුවක් හදාගෙන
පොදු සොහොනේ ඉමි.
බිග් රේසරෙන් මයිල් කපමි
රේසර් ඇඩ් එකකට
හීනෙන් යමි!
රෑ දොළහට
බීලා වැටුණු
යකදුරාගෙ ප්‍රිය බිරිඳට
- මෝහිනීට
යක්ෂ හදෙන් ප්‍රේම කරමි.
ආදරයේ යක්ෂ නමට
යක් වැසි වස්සමි වස්සමි.
මතක කටුඉඹුල ළඟ
මැරුණු පෙමක සොහොන් කොතක්
මුරට සිටිමි.
මස් ඉල්ලමි!
නයිට් ක්ලබ් ගිහිං එන
නරයින්ගෙන්
මග රැක සිට බිලි ඉල්ලමි.
ටී පනස් හයක්
මූණට ම තියමි.
පස් කමි
ඩීසල් බොමි
ග්‍රීස් නාමි.
තුන් ලෝකෙට
රාත්‍රියට තුන් බිය දෙමි.
සී අයි ඩියෙන් එන කොට
හොරාට මැරුණා වගේ ඉමි!
ලොකු හාමුදුරුවෝ දැක්කොත්
මිනිස් වෙස් මුහුණක් දාගමි!
මෙලොවට ලේ හලමි
ගිනි තියමි
හෘදයාබාධයකින්
හදිස්සියේ එලොවට යමි.
සමිත .බී අටුවබැන්දෑල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd