
ගෑනි ලෙනෙන් පිටවෙනවට
ඔය මොන සිංහයත් බයයි
කතන්දරවල විතරයිනෙ ලෙනේ දොර බින්දේ
වැහැරුණ දවසක බලන්නද
තරහ වුණොතින් ලීක් කරන්නද
කාශ්‍යප බිත්තියේ රූප ඇන්දේ
උදම් රළ එනකොට
බලන් ඉන්නම බැරි තැන
විහාරමහ දේවිමද රුවල් ඇද්දේ
පත්තිනිල වගේ හිටියට විස්තර හොයල බැලුවම
පත්තර පුරවන්න පුළුවන් ගෑනුමයි
තුත්තිරි හොයන්නේ අනෙක් ගෑනුන්ගෙ රෙද්දේ
...........................................
බඳිනකන් ඕව කරන්නට හොඳ නෑ කියා
මලක් වාගේ පරෙස්සම් කළ නිසා
පෝරුවෙන් බැහැලා උගේ කකුල් දෙක අල්ලලා වැන්දේ
අන්තිමට මං දැනගත්තා
ඒ මිනිහ පිරිමින්ට කැමති කෙනෙක්
සමාජෙන් බේරෙන්න හිතලලු මාව බැන්දේ
මම වඳ ගෑනි කිය කිය
ගම වටේ යනකොට
ඔන්න ඔය ටිකත් උන්ට කියපන් සුදු නැන්දේ..
ඉලක්ෂ ජයවර්ධන
2025 ඔක්තෝබර් මස 08
1852
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1495
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගෑනි ලෙනෙන් පිටවෙනවට ඔය මොන සිංහයත් බයයි