ගෑනි ලෙනෙන් පිටවෙනවට
ඔය මොන සිංහයත් බයයි
කතන්දරවල විතරයිනෙ ලෙනේ දොර බින්දේ

වැහැරුණ දවසක බලන්නද
තරහ වුණොතින් ලීක් කරන්නද
කාශ්‍යප බිත්තියේ රූප ඇන්දේ

උදම් රළ එනකොට
බලන් ඉන්නම බැරි තැන
විහාරමහ දේවිමද රුවල් ඇද්දේ

පත්තිනිල වගේ හිටියට විස්තර හොයල බැලුවම
පත්තර පුරවන්න පුළුවන් ගෑනුමයි
තුත්තිරි හොයන්නේ අනෙක් ගෑනුන්ගෙ රෙද්දේ
...........................................

බඳිනකන් ඕව කරන්නට හොඳ නෑ කියා
මලක් වාගේ පරෙස්සම් කළ නිසා
පෝරුවෙන් බැහැලා උගේ කකුල් දෙක අල්ලලා වැන්දේ

අන්තිමට මං දැනගත්තා
ඒ මිනිහ පිරිමින්ට කැමති කෙනෙක්
සමාජෙන් බේරෙන්න හිතලලු මාව බැන්දේ

මම වඳ ගෑනි කිය කිය 
ගම වටේ යනකොට
ඔන්න ඔය ටිකත් උන්ට කියපන් සුදු නැන්දේ..

ඉලක්ෂ ජයවර්ධන