
(විභාගය ඉවර වූ දාට පසුදාම
පුතා බොහෝ දුර ඈත කුලී වැඩකට ගියේය)
'ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා'1*
මං යන්නේ වැඩට ඕ එල් ඉවර වෙලා
අත් පුරවා නුඹලාටත් කෑම නෙළා
යළි එන්නේ බඩගිනි නැති පුතෙකු වෙලා!
ඔබ ලස්සනයි
ආදර පාටයි අම්මේ
නංගිලා තුන් දෙනත් එහෙමයි
දිදුලන්නේ
ඕනෑ තරම් ගෙනැවිත් දෙමි පොත් අම්මේ
ජීවිතයට
ලොකු හරියක් ගමි අම්මේ
ලස්සන කියන දේ
අම්මේ ඔබෙ හිතය
ඒකයි රැක්කෙ අප
තනියෙන් ගෙන එඩිය.
දැන් ඇති අම්මෙ,
මගෙ අත් දෙක සවිය
තේරුම් ගන්න බැරි මං පොඩි කියනා එකය!
'නාඩන් අම්මෙ නාඩන් මං විහිලු කළා'2*
ලාඩන් ගැහුවෙ හොඳටයි උන් දෙකක් තළා
විරියෙන් යන්ඩ හපුතල් මං සපථ කළා
ටවුමෙන් රැගෙන එමි උඹලට හීන නෙළා
[*කේයස්ගේ සුදෝ සුදු කාව්‍යයෙන් ගත් යෙදුම් දෙකකි]
සමිත බී. අටුවබැන්දෑල
2025 ඔක්තෝබර් මස 08
1852
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1495
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පුතාගේ උදානය