
(විභාගය ඉවර වූ දාට පසුදාම
පුතා බොහෝ දුර ඈත කුලී වැඩකට ගියේය)
'ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා'1*
මං යන්නේ වැඩට ඕ එල් ඉවර වෙලා
අත් පුරවා නුඹලාටත් කෑම නෙළා
යළි එන්නේ බඩගිනි නැති පුතෙකු වෙලා!
ඔබ ලස්සනයි
ආදර පාටයි අම්මේ
නංගිලා තුන් දෙනත් එහෙමයි
දිදුලන්නේ
ඕනෑ තරම් ගෙනැවිත් දෙමි පොත් අම්මේ
ජීවිතයට
ලොකු හරියක් ගමි අම්මේ
ලස්සන කියන දේ
අම්මේ ඔබෙ හිතය
ඒකයි රැක්කෙ අප
තනියෙන් ගෙන එඩිය.
දැන් ඇති අම්මෙ,
මගෙ අත් දෙක සවිය
තේරුම් ගන්න බැරි මං පොඩි කියනා එකය!
'නාඩන් අම්මෙ නාඩන් මං විහිලු කළා'2*
ලාඩන් ගැහුවෙ හොඳටයි උන් දෙකක් තළා
විරියෙන් යන්ඩ හපුතල් මං සපථ කළා
ටවුමෙන් රැගෙන එමි උඹලට හීන නෙළා
[*කේයස්ගේ සුදෝ සුදු කාව්‍යයෙන් ගත් යෙදුම් දෙකකි]
සමිත බී. අටුවබැන්දෑල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd